එකොළොස්වන කොටස

Start from the beginning
                                    

ඒ කියන්නෙ අප්පච්චිත් මේකට කැමතිද? මට හිතාගන්න බෑ එයා මේ වගේ දෙයක් කලේ කොහොමද කියලා. මම අප්පච්චි දිහා බැලුවත් එයා මගෙ මූණ දිහාවත් බැලුවෙ නෑ. මේ හැමෝම එකතුවෙලා හදන්නෙ මගෙ ජීවිතේ විනාස කරන්න.





ඒත් එක්කම වගේ තිසෙන්දි මගෙ අතේ එල්ලිලා කිව්ව දේ නිසා මට කරගන්න දෙයක් නැති වුණා.





"අනේ තාත්ති ඔයාලා හිතන්න කලින් එයා ඒක මට කිව්වා. එයා කැමතියි මේකට. එහෙම නේද අභී අයියෙ."




ඒකි බොරු හිනාවකින් එකපාරටම කියද්දි.මාව ගැස්සිලා යද්දි අප්පච්චියි , ඇමතියයි දෙන්නම එකවර මගෙ මූණ දිහා බැලුවා. මොනවද මේකී මේ කරන්න හදන්නෙ. දැන් මන් නෑ කියලාකියන්නද දෙයියනේ.මට කරන්න දෙයක් නෑ. මොකද්ද මේ නටන්න හදන නාඩගම.





කැමතියි කිව්ව පලියට එහෙම කසාද බදිනවනම් මොනව කරන්න බැරිද?
මන් මේකට මොනවහරිම කරනවා. ඒත් දැන්ම හදිස්සි වෙලා මේක කරන්න බෑ. මොකද එදිරිමාන්න ඇමති වගේ මිනිහෙක් එක්ක හැප්පෙනවනම් හිතන්න ගොඩක් දේවල් තියෙනවා.මොකද ඒ ඉන්නෙ අපි වගේ මනුස්සයෙක් නෙමෙයි. මනුස්සයෙක් වගේ වෙස් වලාගත්ත අමනුස්සයෙක්.






ඔහොම පැය බාගයක් විතර කතා කර කර ඉද්දි. මගෙ මැණික වෙනදා වගේම ඇවිත් අම්මා හදලා දෙන තේ ටික බන්දේසියක තියලා අරන් ආවා.ඒත් මේ පාරනම් එයා ආව එක මට එච්චර හරි නෑ. මොකද මම කැමති  නෑ මේ වගේ මනුස්සයෙක් මගෙ මැණිකව දකිනවට. මොකද මගෙ මැණික ලස්සනයි. ගොඩක් ලස්සනයි. මට පේනවා දැනටමත් ඇමතියගෙ ඇස් තියන්නෙ මගෙ කොල්ලගෙ ළග.එයා ආපහු ගියාට පස්සෙ ඇමතියා කිව්ව කතාවට මට හිතුනෙම ඕකව මෙතනම මරලා දාන්න.





" හරි අපරාදයක් අර වගේ කොල්ලෙක් වලව්වක වැඩ කාරයෙක් වෙලා ඉන්න එක. මටත් කොල්ලෙක් හිටියනම් බන්දලා දෙන්න තිබුණා. කොහෙද ඉතිම් වැඩකාරයෙක්නෙ. මොනව උනත් ලස්සන කොල්ලා."




මන් දැක්කා ඇමතියා කියද්දි උගෙ ඇස් වල තිබුණෙ මොන වගේ චේතනාවක්ද කියලා. ඒකා මගෙ කොල්ලව ඒ ඩිංගට උගේ ඇස් වලින් විනාස කරා. මටම ලැජ්ජයි මන් මහ කොන්ද පන නති එකෙක් කියලයි මට හිතෙන්නෙ. මන් දැක්කා අප්පච්චි උනත් ඒ කතාව නිසා අවුල් ගියා කියලා. මගෙ කොල්ලා පව්. වැඩකාර කොල්ලා තමයි. ඒත් මේ වලව්වෙ කවුරුත්ම එයාට ඒ විදිහට කතාකරලවත් අඩුම ඒ විදිහට සලකලවත් නෑ. විශේෂයෙන්ම අප්පච්චි එයා සදහිරුට සැලකුවෙ එයාගෙම දරුවෙක් වගේ. මට තවඑක විනාඩියක්වත් එතන ඉන්න ඕනේ වුණේ නෑ. මම මගෙ කාමරේට ගියා.





















අහිමි මතක (Taekook Nonfanfiction)Where stories live. Discover now