07 කොටස

76 12 35
                                    

ටවුන් එකෙ ඉදන් පන්සලට එනකල් දෙව් මා එක්ක වචනයක්වත් කතා කරෙ නෑ..මූට මොන යකා ගහලද කියලා මට තෙරෙන්නෙ නැ..යකො මූ හරියට හැසිරෙන්නෙ තමන්ගෙ කොල්ලා කුඩු ගහනවා අහු උන පොඩි කෙල්ලක් වගෙනෙ..දුමක් දාන එකෙ ඔච්චර වරද මොකද්ද..මූගෙ යාලුවො නැද්ද දන්නැ එහෙම..එහෙම වෙන්නෙ කොහොමද මූ ඉන්නෙත් බොයිස් ස්කුල් එකකනෙ..

අපි දෙන්නා පන්සලට යනකොටත් පන්සලෙ ලමයි ගොඩාක් ඇවිල්ලා හිටියා.. හවස හයත් පහුවෙලා..අකී පැහැසි දෙන්නත් පැත්තකට වෙලා වාඩි වෙලා කියොනවා..තව පොඩි පොඩි ඇච්චො ටිකක් පොඩි හාමුදුරුවෝ වට කරගෙන..ලොකු ලමයි කියලා ගොඩාක් හිටියෙ නෑ...අපිට වඩා වැඩිමල් සෙට් එක දහම් පාසල් එන්නෑ..උන්ට අවසාන විභාගය ලියන්න තියෙන්නේ තව සති දෙකකින්..උන් උඩ දාගෙන පාඩම් කරනවා ඇති..

දේව් ගිහිල්ලා බෑග් එකත් පැත්තකින් තියලා බන ශලාවෙ පැත්තකින් වාඩි උනා..කෝ මේ බෙසික කියාරයා..මූ තාම නැනෙ..ඉන්න එකෙකුත් නෑ..මම ශෙප් එකෙ ගිහින් දෙව් ලගින් වාඩි උනා..මූ මෙහෙම ඉන්නකොට මට මල පයිනවනෙ රෙද්ද..යකො එක්කො කතා කරලා බැනපන්කො ඒකත් නෑ ගෑනු ලමිස්සි වගෙ ඔරවන් ඉන්නවා..

" උබට මොකද්ද වෙලා තියෙන්නේ කියපන්කො රෙද්ද..."

ඉන්න බැරිම තැන ඇහුවත් මේකා මට රවලා අහක බලාගත්තා..අනෙ උබට කතා කරන්න බැරි නම් නිකම් ඉදපන් රෙද්ද..මමත් අහක බලාගත්තා..වෙලවට ඈතින් කියාර එනවා පෙනවා..දැන් මූගෙ ලයින් බලන්න ඔන්නැ අපෙ හාමුදුරුවනෙ..කියාර ඇවිල්ලා මම වාඩි ලගින් වාඩි උනා..දැන් ඕන හු#තක් කරගනිම්..මම කියාරගෙ පැත්තට හැරිලා දවසෙ විස්තරෙ අහගත්තා..

කියර ඉස්කොලෙ ලයින් කර කර හිටපු කෙල්ල අද මූට හිනාවෙලාලු..හිනාවෙනකොට නල දතක් පෙනවලු..ටෞකන්න ඔය මොන කෙල්ලත් එකයි පකො..

" උබට කියන්න මියොන් මම රෙජිස්ටර් එකත් අරන් එකොලහෙ සෙක්ශන් ඉස්සරහින් යන ගමන් හිටියෙ...අරකි ආවා කෙලගෙන මගෙ ඉස්සරහට..ඇවිල්ලා එක පාරට මට හිනාවෙලා ආපහු කෙලගෙන දිව්වා...ඒ ටික වෙන්න එක තත්පරයක් යන්න ඇති බං..ඒ උනාට ඒ ඔක්කොම මට දැනුනෙ ස්ලොමෝශන්.."

|| සුදු සේද ||Yizhan||Where stories live. Discover now