7|🖤

56 12 3
                                    

නිවන්ගේ අස්සේ තුරුල්වෙලා ඉන්න පවුරු හිටියේ වෙනම ලෝකෙක අර අපි ආසම තැනක සැනසීමක් දැනෙන්නේ,පපුව පිරෙන්නම ආදරේ කරන කෙනාගෙම පපුවට තුරුල්වෙනකොට කාටත් නොකිය කම්මුල් තෙමාගෙන පල්ලට බහින කදුලු හරි මනාපයි ඒ වගේ වෙලාවල එලියට එන්න,

"න්..නිවන් මම ම්..මට"

"ශ්ශ්....ඔක්කොම ඉවරයි බබා...හ්ම්ම්....ආයේ මොකුත් කියන්නෙපා..කෝ ඉතින් මට හාදුවක් වත් දුන්නද ඇඩුවා මිසක්!! මං තරහයි!!"

"අනේ මගේ රත්තරනේ...මම ආදරෙයි දෙයියනේ!!"

පවුරු නිවන්ගේ කම්මුල් අල්ලන් හරි ආදරෙන් ඒවා සිපගන්නකොට නිවන් පොඩි එකෙක් වගේ හිනාවෙන්න ගත්තා,නිවන්ගේ හුරතල්කම පෑලදොරෙන් එලිබහිනකොට ඒකා හිච්චි එකා වගේ හුරතල් වෙන්න ගත්තා,

"ඇත්තටම පවුරු එදා මොකක්ද උනේ??"

"ම්හ්.....එදා-"


flashback

මහා බද වැස්සක පෙරණිමිති කියනගමන් වැවරවුම වටකරේටම අදුරවැටිලා තිබ්බේ ඉක්මනින් මිනිස්සුන්ව එතනින් එළවලා දාන්න වගේ,සොබාදහමත් මිනිස්සුන්ට අකැපක් වෙනවට කැමති නැති හැටිය,එකා දෙන්නා ගෙවල් වලට යන අතරේ නිවන් තාමත් වැවරවුමේ ගහක කදකට හේත්තුවෙලා බලාගෙන හිටියා,ඒලෙවල් රිසාල්ස් වලින් පස්සේ නිවන් හිටියේ සතුටින්,බෙස්ට් හයර් රෑන්ක් ගත්ත නිවන් තීක්ෂණ අනිවාර්යයෙන් පේරාදෙණියට යන්න ඕනේ උනත් එයාව ජපුරට තේරිල තිබ්බා,ඇරත් නිවන් සතුටු උනේ පවුරුයි එයයි දෙන්නම ජපුරට යන්න හිතන් හිටපු නිසා,

පවුරු එනකන් මඟ බලන් ඉන්න නිවන්ගේ තොල් උඩ වතුර බින්දු දෙකතුනක්ම දගකරන්න ගත්තේ,අහසේ දැනුම්දීමෙන් පස්සේ විසිර ගියපු මිනිස්සු ඇර අනික් මිනිස්සු තෙමාගෙන පිනිබින්දු එක්ක ලොකු හුළං පාරක් හරි වේගෙන් හමාගෙන යනකොට,නිවන් තාම එහෙම්ම බලාගෙන උන්නා,හැම ඉරිදම හම්බෙන එයාලා එදාටත් හම්බෙන්න තියාගත්ත නිසා නිවන් බලන් හිටියා!!

වැස්ස එන්න එන්න වැඩි උනත් පවුරුට එයාව හොයාගන්න බැරිවෙයි කියලා හිතලා නිවන් එතනට වෙලාම තෙමි තෙමී උන්නා,ඇත්ත ආදරේ අන්ධයි!!

රිදීරෝස Where stories live. Discover now