28 part

112 28 11
                                    


.
.
.
.
.

"ශේන්....මම දැන් එළියට යනවා, තමුසෙලා ටේහ්‍යුන් ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නවා තේරුනානෙ.දැක්කනෙ කලින් වෙච්ච දේ..ආයෙමත් එහෙම වෙන්න බෑ.තේරුනාද තමුසෙට?"

"යස් බොස්.බොස් එක්ක යන්න ගාඩ්ස්ලා දෙතුන් දෙනෙක්ට මම රෙඩි වෙන්න කිව්වා."

"ඩෝන්ට් නීඩ්....හැම ගාඩ් කෙනෙක්වම මැන්ශන් එකේ තියාගනින්.මේ වෙලාවෙ මට වැදගත් වෙන්නෙ ටේහ්‍යුන්ගෙ ආරක්ශාව විතරයි."

"බට් බොස්------"

ඩෝං 💥!!!!

මෙච්චර වෙලාම ලොකු කතාවක හිටපු බෝගම් වගේම ශේන් ගැස්සිලා ගියේ එළියෙන් ඇහුන ඒ සද්දෙට.ඒක ගන් එකක සවුන්ඩ් එකක් වෙද්දි ශේන් වගේම බෝගම් දෙන්නම කලබලෙන් මේන් ඩෝ එක පැත්තට දිව්වා.හැබැයි එයාලට යන්න පුළුවන් වුනේ අඩි කිහිපයක් විතරයි.ඒ එක්කම මේන් ඩෝ එක කඩාගෙන ඇතුලට ආපු අය දැකල එළියට යන්න ආපු බෝගම්ගෙ කකුල් හිටි තැනම නැවතුනා.බෝගම්ට හිතාගන්න බෑ එයා මේ දකින්නෙ හැබෑවක්ද නැත්තන් හීනයක්ද කියන එක.මේ වෙනකොට කොරියා වල ඉන්න ඕනෙ කට්ටියක් බෝගම්ගෙ ඇමරිකාවල කව්රුත්ම දන්නැති මැන්ශන් එකට බලෙන් කඩා පාත් වෙච්ච එක ඇත්තටම බෝගම්ව හුඟක් පුදුම කරා කිව්වොත් හරියටම හරි.


"න...න්....නම්ජූන් උඹලා?!!"

බෝගම් වචනත් පටලන ගමන් අහද්දි නම්ජූන් කට කොනින් හිනාවෙලා බෝගම් දිහා බැලුවේ තර්ජනාත්මක බැල්මකින්.

" Surprise !!! කොහොමද ඉතින් අපේ surprise එක.මං දන්නව තමුන් කොයිම වෙලාවකවත් මේ වගේ පුදුමවීමක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.කමක් නෑ.වැල්වටාරන් නැතුව් අපි කෙලින්ම කාරනාවට බහිමු.කොාහද ටේහ්‍යුන් ඉන්නෙ?"

නම්ජූන් එකදිගට ගියාගෙන යද්දිත් බෝගම් තවමත් ආපු අය දිහා බලන් හිටියා...ඒ ඇස් පුදුමෙන් ලොකු වෙලා.හරියට නිකන් මේ කඩාවැදීම බලාපොරොත්තුවෙන් හිටියත් මේ තරන් ඉක්මනටම ඒක සිද්ද වෙයි කියල බෝගම් හිතුවෙ නැති නිසා......

ඔක්කොටම වඩා බෝගම් පුදුම වුනේ අද හෙට එන්ගේජ් වෙන්න ඉන්න ජන්කුක් පවා නම්ජූන්ලත් එක්ක එතන ඉන්නවා දැකපු එක...නම්ජූන්ල බලාපොරොත්තු වුනත් බෝගම් කොයිම වෙලාවකවත් ජන්කුක්ගෙ පැමිනීමක් බලාපොරොත්තු වුනේ නෑ.

Broken Angel (✔️)Where stories live. Discover now