" ඔයාට බෑ රූබි මට බොරු කරන්න.. මම දන්නවා කින්ග්ට ඔයා ආදරෙයි කියලා.."

" අ..කීරා..."

මම ගොලු උනා..ඇත්ත තමයි මගෙ වුල්ෆ්ට මට කොහොමත් බොරු කරන්න බෑ.. කින්ග් ගැන අහපු ගමන් තියන කලබලේට අකීරගෙයි මගෙයි සම්බන්ධයත් අමතක උනානෙ මට..

" මමත් කැමති එයාට.."

" ඔය ඇත්තමද....? "

" ඔව් රූබි.. එයා ඔයාව මෙච්චර කල් ආරක්ශා කරා කියන්නෙ කින්ග් හොද කෙනෙක් කියන එකනෙ.. අනික එයා හැන්ඩ්සම් වෑම්පයර් කෙනෙක් ඉතින් මම මොකටද එයාට අකමැති වෙන්නෙ කියන්නකො..."

අත උඩින්ම අකීර කින්ග්ට කැමති කිව්ව මදිවට එයාව වර්ණනා කරන්න ගද්දි මට පොඩි ඊරිසියාවක් නොදැනුනාම නෙමෙයි..

" එයා හැන්ඩ්සම්ද නැද්ද බලන්න මම විතරක් හිටියම ඇති...."

මගෙ වුල්ෆ් එක්කම ඇති උන ඊරිසියාවට මම නොහිත කියපු දේට එයා හිනා වෙන්න ගත්තා.. අකීරට පිස්සු හැදිලද මන්ද...

" හරි එහෙනම්.. එයා ඔයාගෙ නම් මම මෙතන ඉදල වැඩකුත් නෑනෙ නේද...?"

එයා කින්ග් දිහා බලාගෙන ගොරවන්න ගත්තම මට කේන්තිත් එක්ක අප්පා.. අනේ පව් මගෙ අහින්සක කින්ග් කන්ෆියුස් වෙලා වගේ මන් දිහා බලන් ඉන්න විදිහ..එයා බය වෙලා ඇති මට එයාව අදුනගන්න බැරි වෙලා ඇත්තෙ කියලා.. ඒත් මේ විකාර කරන්නෙ මම නෙමෙයි මගෙ මෝඩ වුල්ෆ් අකීර කියල මන් කොහොමද ගෝඩ් එයාට කියන්නෙ..

" අකීර ඔයා මොකද්ද කරන්න හදන්නෙ...ආ...."

" සෙල්ලමක්.."

" එපා...එයාට කේන්ති යයි අකීරා.."

" මම ආසයි එයාව පොඩ්ඩක් අවුස්සන්න..."

" අකීර ඔයාට පිස්සු හැදීගෙන එනවද...? "

" ඔව්.. කින්ග් නිසා මට හොදටම පිස්සු හැදිල ඉන්නෙ.."

" අකීර ප්ලීස් ඕක කරන්න එපා..."

" සො...රි....."

මගෙ වුල්ෆ් කොච්චර හිතුවක්කාරද කියනව නම් එයා මයින්ඩ් ලින්ක් එක බ්ලොක් කරල දැම්ම මම කියන දේ පොඩ්ඩක්වත් අහන්නෙ නැතුව..කින්ග්ට පිස්සු හැදිල කියපු එයා ජනෙල් වීදුරුව කඩාගෙන කැළෑව අස්සෙ තිත්ත කරුවලේ දුවන්න ගද්දි මම පපුවෙ බිත්තර තම්බ තම්බ හිටියෙ..මොකද දැන් කරපු දෙයින් කින්ග්ට අනිවාරෙන් මල පයින්න ඇති.. එයාගෙ යකා ඇවිස්සුව කියන්නෙ මාව දැන් අතට අහු උනොත් එහෙම වලිගෙන් අල්ලලා උස්සල ගහයි පොළොවෙ ආයෙ දෙකක් නෑ...

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now