බත් මුට්ටියෙ අඩියෙන් පොඩ්ඩක් විතරක් ඉතුරු වෙන්න පිගන් හතට බත් බෙදලා මාලු කූරි ටිකත් කොස් ටිකත් බෙදුව අම්මා අන්තිමට අතට ගත්තේ එයාගේ මැටි කෝප්පේ....සම්බෝලයක් හදන දාකට.එහෙම නැත්නම් සලාදයක් හදන දාකට දාන්නෙත් ඒ මැටි කෝප්පෙට වෙද්දි...කැමැත්තෙන්ම අම්මා එයාගෙ නමට මැටි කෝප්පෙ අයිති කරන් තිබුනා.....පොඩී ඉල්ලුවා වගේම කෙල්ලට බත්වලට වඩා කොස් පුරවලා දීලා බත් එකේ මදිපාඩුවට අම්මත් ඉතිරි කොස් ටික පුරවගද්දි....කෑම මේසයක් නැතත් මුලු පවුලම රෑ කෑමට එකතු වෙලා තිබුනා....

       ධතාශ් ඉපදෙන්නත් කලින් ඉදන්ම ගෙදර කෑම කද්දි අප්පච්චි වාඩි උනේම බිමින් වෙද්දි....බිම හලන නිසාම බට්ටිත් අනිවාර්යයෙන් බිම වාඩිවෙලා කන එක නීතියක් උනා....ඒ හැරෙන්න නිවුන්නු දෙන්නා ටීවි එක දාගෙන එතනින් පුටුවක් අරන් වාඩිවෙද්දි ගෙදර කෙනෙක් නොවන ගානට මිනාශි හැමදාමත් වගේ කාමරේ අස්සට රි‍ංග ගත්තා...



..අම්මේහ්....

..ඇයි ලොකූ මොනාද ඕන....


    පුටුවකින් උනත් බිමින් උනත් හැමෝම හිටියේ වාඩිවෙලා කන ගමන් වෙද්දි...අම්මා විතරක් හිටගෙන සිමෙන්ති පඩියට හේත්තු වෙලා ඉද්දි ධතාශ් කතා කලේ නොරිස්සුමෙන් ...

..හිටගෙන කෑවා කියලා කාගේවත් බඩක් වැඩියෙන් පිරෙන්නෑ....ඉදගෙන කන්න...

..කතා කරලා වැඩක් නෑ ලොකූ...මට කියලා කියලා එපා වෙලා ඉන්නේ....උබලා අම්මා තාම ඉන්නෙ මහ අදිකාරම්ලගේ යුගේනේ....කසාද මිනිහා එක්ක ඉදන් කන එකත් පවක් කියලනේ හිතන්නේ...

..මොනාද ඒයි මේ ලමයි ඉස්සරහා කියන්නේ..

..ඔය පුස්සෙන් පිරුනු මොලේ ඇතුලට යන්නෙ නැති දේ කිව්වේ...උබලා ආච්චම්මා තමා උබලා අම්මගෙ ඔලුව කාලා තියෙන්නෙ ලොකුවෝ..කන්න උයලා දීලා කන්න බත් පත බෙදලත් දීලා උබලා අම්මට බැරි මොකද එකට ඉදගෙන කන්න..මේ ගෑනුන්ගෙත් මල සමයං....රස්සාවකට ගියාට වැඩක් නෑ තාම ඉන්නෙ සුද්දගෙ කාලේ...

    අප්පච්චි ඒක කිව්වෙ ඇනුම් පදයක් ගානට...ඒවගේම නොරිස්සුමෙන්...අප්පච්චිට අම්මගෙ ඔක්කොම හරි..ඕන් ඔය ඕනාවට වඩා දක්වන පති භක්තිය තමා ඉවසන්න අමාරු.....සැමියා බිරිදගෙ දෙවියා කිව්ව පලියට කොතනකවත් ලියලා නෑ සැමියව වන්දනාමාන කරගෙන දේවත්වයෙන් අදහන්න ඕන කියලා...වහලියක් වගේ බැලමෙහෙවරකම් කරන්නඕනයි කියලා.විවාහය කියන්නෙ දෙන්නෙක් එකතු වෙලා රැකගන්න බැදීමක් නම්...ඒ බැදීම ඇතුලෙ දෙන්නටම සමාන හිමිකමක්..ගෞරවයක් ලැබෙන්න ඕන....පවුලක බර අදින්නෙ දෙන්නම නම් ...රස්සාවක් කරන එකම නෙවෙයි...කෙනෙක් රස්සාවකට යද්දි අනිත් කෙනා ගෙදර ,දරුවෝ බලාගෙන ඉන්නවා නම්...ඒකම හවුල් ව්‍යාපාරයකට සමානයි...හවුල් ව්‍යාපාරයක හවුල් වෙන හැම කෙනෙක්ටම සමානව අයිතිය බෙදිලා යනවා නම් විවාහයක් ඇතුලෙත් වෙන්න ඕන ඒ දේම නෙවේද.....අයිතිය සමානව අඩු වැඩියක් නැතිව බෙදිලා යන එක නෙවේද...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now