ඒත් එකපාරටම එයා පිටිපස්ස හැරිලා බැලුවා. දෙවියනේ මේ හාමුවමද? දෙවියනේ එයාගේ ලස්සන, ඉස්සරට වැඩිය ගොඩක් ලස්සන වෙලා. උසයි , සුදුයි , කඩවසම්.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඒත් අර බය හිතෙන මූණ තාමත් එහෙම්මමයි.සුදු බේබි මාව දැක්කත් දැක්කෙ නෑ වගේ ආපහු ලොකු හාමු එක්ක කතා කරන්න පටන්ගත්තා.

ඇයි එයා එහෙම කරන්නෙ.මට මොකද ඔය හාමුවා කොහොමත් ඔහොමනෙ. ටිකකින් සුදු බේබි නාගෙන එනකන් ලොකු හාමිනේ මට කෑම මේසේ හදන්න  කතා කලා.කෑම කන වෙලාවෙවත් අඩුම මන් දිහා හැරිලවත් බැලුවෙ නෑ.මටත් පිස්සුනෙ හැම වෙලේම ගොන් වැඩ කරන හාමුවෙක්ගෙන් අවදානේ ගන්න බලාගෙන ඉන්නෙ.

සුදු බේබි කාලා කාමරේට ගියා.ඒ වුණාට මට දුකයි.අඩුම චුට්ටක් හිනාවෙන්නවත් තිබුණා එයාට මට ම්හ්ක්.මන් එහෙම්මම මගෙ කාමරේට යන්න හැදුවත් ලොකු හාමිනේ කතා කරලා සුදු බේබිට දෙන්න අමතක වුණා කියලා අලුත් ඇද රෙදි වගයක් මට ගිහින් දෙන්න කිව්වා. මූණවත් බලන්නෙ නැති එයාගාවට මන් කොහොමද යන්නෙ.එයාට මාව එපාවෙලාවත්ද?

ඉස්සල්ලා විහිළුවට  කෙල්ලෙක් ඇති කියලා මන් හිතුවට ඒක ඇත්තවෙලාද කියලා හිතෙනවා මට.කමක් නෑ.මේ ටික ඇද උඩින් තිබ්බා ආවා මට ඕන්නෑ ඔය නාකි හාමුවව ම්හ්ක්. මන් යද්දි කවුරුවත් කාමරේ හිටියෙ නෑ.ඒ නිසා මන් ටක්ගාලා තියලා එන්න හැදුවත් මට ඒක කරන්න හම්බවුණේ නැත්තෙ කවුරුහරි මාව ඇදලා අරන් කාමරේ දොර වහගත්ත නිසා. ඇයි දොර වහන්නෙ මට යන්න ඕනේ අර හාමුවා ඇරෙන්න වෙන කවුරුත් මෙහෙ නෑ. මන් ඇස් දෙක පියාගෙනම හිටියා.

"මගෙ මැණිකට මාව මතක් වුණේ නැද්ද, මන් නම් ගොඩක් පාළුවෙන් හිටියෙ."

"ඔය ඉන්නෙ හාමුවා.දැන් තමා මාව මතක් වෙලා තියන්නෙ.එයා හිටියෙ මාව පිටිපස්සෙන් බදාගෙන.මගෙ උරහිස උඩින් ඔලුව තියන් අහනවා එයාව මතක්වුණේ නැද්ද කියලා.කී දවසක් බලන් හිටියද මම එයාගෙන් කෝල් එකක්වත් එනකන්.හරිනම් මමයි අහන්න ඕනේ ඒක එයාගෙන්."

"ඇයි කෝල් එකක්වත් ගත්තෙ නැත්තෙ. මන් හිතුව මාව අමතක වෙන්න ඇති කියලා."

ඒ පාරනම් මාව එයාගෙ පැත්තට හරවගෙන කතා කලා.

"අමතක වෙන්න ඇයි මන් මගෙ මැණිකව අමතක කරන්නෙ.මේ හිතේ හැමදාම හිටියෙ උබ විතරයි බන්.ඉස්සරහට ඉන්නෙත් උබ විතරමයි."

අහිමි මතක (Taekook Nonfanfiction)Where stories live. Discover now