පළමුවන පරිච්ඡේදය

Start from the beginning
                                    

"අපිට නම් නෑ හැබැයි...."

දකුනු පැත්තෙ පිටිපස්සෙ පේලියේ කොනේම හිටපු චමීශ නැගිටලා කියනවත් එක්කම පන්තියම හිනාවුනත් ඈ තවත් අපහසුතාවෙට පත්වුන බව මං දැක්කා...

"ළමයි කට වහගන්නවලා... ඔයා යන්න අයුලි ඉඩ තියෙන තැනකින් ඉදගන්න ගිහින්..."

ඇය එනවා....

බයෙන් බයෙන් වුනත් ඉදගන්න ඉඩක් බලාපොරොත්තුවෙන් එකිනෙකාගෙ මූනූ බලමින් පුන්චි පුන්චි අඩි තියමින්....

ඒත් ඇය ලගට එනකොටම ඉඩ තියෙන තැන් වල බෑග් වලින් පිරිලා.... එහෙමත් නැත්තන් එහාපැත්තෙ කෙනා ඇයට දුන්නෙ මාරාන්තික බැල්මක්....

ඇයට කවුරුත් ඉඩ නොදෙන හැඩයි....

අන්තිමම පේලියේ හිටපු මං ලගට එනකනුත් ඇයට ඉදගන්න තැනක් ලැබුනේ නෑ....

ඇය මා ලගට ඇවිත් මං දිහාම බලන් හිටියා....

වචනයක්වත් කතා නොකරම....

ආයාචනාත්මක බැල්මක්....

මමත් ප්‍රතික්ශේප කරාවිද බයක්...

අමුතු හැගීම් ගොන්නක් මං ඒ ඇස් වල දැක්කා...

තප්පර ගානක්... නෑ .... විනාඩියකට කිට්ටු වෙන්න ඇගේ ඇස් මගෙන් පිලිතුරක් හෙව්වා....

ඇය සෙවූ පිළිතුර හමුනොවූ හැඩයි....

ආයාචනාත්මක බැල්මකින් මා දෙස බලා සිටි ඇය නැවතත් යන්න හැරුනේ මමත් ඈ ප්‍රතික්ශේප කළ බව සිතා විය හැකියි....

"මෙතන ඉදගත්තට මගෙන් ප්‍රශ්නයක් නෑ..."

මා හඩ අවදි කරනවත් එක්කම ඇය නැවතත් හැරුනේ අර අමුතු බැල්මත් එක්කම වුනත් ඇය පුදුම වුනු බවද මා දැක්කා...

"ක්-කමක් න්-නැද්ද..."

තවමත් ඈ කලබලයි...

මගේ පිළිතුරත් එක්ක මගේ වටේ හිටපු අය මං දිහා අමුතුවට බැලුවත් ඒ කිසිවක් ගැන තැකීමට තරම් මට උනන්දුවක් තිබුනේ නෑ ඇත්තටම....

මං බෑග් එක අරන් ඇයට ඉදගන්න ඇස් වලින් සංඤා කළාම ඇය ඉදගත්තත් ඇගේ බැල්ම තවමත් යමක් පවසන්නට තනන හැඩයි....

අහිංසක පාටයි....

"ස්-තූතියි..."

එය කලබලකාරීත්වයක්ද නැතිනම් ගොතයක්ද යන්න මට තවමත් එතරම් පැහැදිලි නෑ...

"හරි ළමයි ලියාගන්නකො බෝඩ් එකේ දාලා තියෙන ටික...."

ඒ වෙනකොටත් මිස් බෝඩ් එකේ පත හෑල්ලක් ලියලා....
Scientists and their inventions....
බෝඩ් එකේ ලොකු අකුරින් ලියලා තිබුනේ ඉන්වෙන්ශන්ස් ටික....

මිස්ගේ කෑගැහිල්ලත් එක්කම නෝට් එක ලියාගන්න මං බෑග් එක අවුස්සලා පෑනක් හෙව්වත් මට පෑනක් හම්බුන්නෑ... සාමාන්‍යෙන් මං නිල් පෑනකුයි කලු පෑනකුයි පැන්සලයි විතරයි ගේන්නෙ... ඒත් සමහර දවසට ඒකත් අමතක වෙනවා...

"අදත් දාලා ඇවිත් නේද..."

මං මටම කියාගෙන මට ඉස්සරහා හිටපු ඉශාරගෙන් පෑනක් ඉල්ලගන්න ගියත්....

"ක්-කැමති නම් ම්-මේ-ක ගන්න... ඔයා ද්-දැන් ගොඩක් වෙ-ලා ඉදන් නේ හො-යන්නෙ..."

මේඝයක සුද පවා පරයා යන සුදු පැහැති අතක් මගේ පැත්තට දික් වුනේ නිල් පෑනක් එක්කමයි...

මං පෑන අතට ගන්නවත් එක්කම ලාවට හිනා වුන අයුලි ආයෙත් නෝට් එක ලියන්න පටන් ගත්තෙ මාත් මගේ කැඩුනු කුරුමිනි අඩු වගේ අකුරින් නෝට් එක ඔහේ ලියාගෙන යද්දි....

______________________________

රයිටින් ස්ටයිල් එක අවුල් වගේද??
සයිලන්ට් රීඩර් කෙනෙක් නොවී හිතෙන දේවල් කමෙන්ට් කරන් යන්න...

ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️

Aster_lilium

කල්හාර මල් [Ongoing]Where stories live. Discover now