බෝගම්බර කදුළු - 15 ( අවුරුදු special part 01 )

66 10 4
                                    

පෙර කොටස 🌼

කොල්ලෝ ඔය කවරෙක ඇති සීනි මුරුක්කුයි ..දුඹුරු කේක් කිලෝ එකකුයි ...උඹට වගීෂ තමා සිනී මුරුක්කු එව්වේ නම් ....මට ඔය කෙක් කෑල්ලක් කපලා කහට ටිකක් වක්කරලා ගනින් කෝ ..." ඒ කතාවට නම් මගෙ මූණේ හද පෑව්වා වගේ .....ඒත් එයා කොහොමද මන් සීනී මුරුක්කු කන්න අස වග දන්නේ ...කොහොමහරි සීනි මුරුක්කු ටික කාමරෙන් තියපු මන් එකක් කටේ දාගන්න ගමන් චොකලට් කේක් ...තාත්තා ගේ වචනයෙන් නම් දුඹුරු කේක් කෑල්ලක් කපලා තේ කහට වක්කරලා දුන්නා .....

අද කොටස 🌼

" තාත්තා වතුර ටිකක් නාගෙනම කනවද ..? " මන් ඇහුවේ තේ එක දෙන ගමන් ...

" ඔව් කොල්ලෝ ...ඉහින් කනින් දාඩිය පෙරා ගන කන්න බෑනේ .."

" හා ..අප්පච්චී .." මන් එහෙම කියලත් ..එතන හිටියේ ආයේ වගීෂ අයියා කවදද එන්නේ කියලා අහන්න ...

" උඹ ඔතන හිටන් ඉන්නේ කොල්ලා කවදද එන්නේ කියලා අහන්නද ..?" කියලා තාත්තා අහනකොට මන් ඔලුව වනලා බිම බලාගත්තා ...

" ලබන මාසේ එනවලු ..සිංහල අවුරුද්දටත් එක්ක .." කියලා කියනකොට මං ප්‍රාර්ථනා කලේ මේ දවස් ටික ඉක්මනට ගෙවෙන්න කියලා ......

.

.

.

.මං හිතපු විදිහටම දවස් තිහ ගෙවුණේ තත්පර තිහක් වගේ ..අද හවස් වෙනකොට වගීෂ අයියා එනවා කියලා කියපු නිසා මන් හිටියේ මේ පැය ගාණ ඉවර වෙනකන් ...

.

." කොල්ලෝ අර කොල්ලා එනකොට  හවස් වෙයි ...බන් ..මේ ගෙට වෙලා ඉදපන් කෝ .." වගීෂ අයියා ගේ අම්මා මන් දිහා බලන් ඉදලා ඉදලා බැරිම තැන මට කිව්වා ..ලාවට හිනා වුණත් මන් නෙවෙයි එතනින් අයින් වුණේ ..

.

.

." අම්මපා මහී ..! කොල්ලෝ ..උඹ ඔතන ඉන්නැතුව කාලවත් වරෙන්කෝ ගෙට ගිහින් ..' දෙවනි සැරේ අප්පච්චී එහෙම කියනකොට වගීෂ අයියා ගේ අම්මාත් එතනට ආවා ..

" ඒක තමයි අපේ මහ මන් දැන් එක සැරේකුත් කිව්වා .."

" අ..නේ ..අ..ප්පච්චී ..ම..න් ඉන්..නම් කෝ ...ම..ට ..පු..ළුවන් .." මන් කිව්වා ..

බෝගම්බර  කදුළු  ... ( yizhan story ) Where stories live. Discover now