බෝගම්බර කදුළු - 01

341 26 4
                                    

" පමාවී පිපුණු මල් සුවදයි...
පිපුණි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි...
හිතට හිතැතිව ගලා යන සුළගේ...
හිතාගන්නට බෑ
කුමන මලටද කුමන සුවදට දෝ...
හද පියන්පත් හැර තබන්නේ...."

ලා..ලා....හ්ම්...හ්ම්...ලා..ලා...මං රේඩියෝ එකේ ගියපු සිංදුව මුමුණන ගමන් සුදු ශර්ට් එක සුදු කලිසමට යට කලේ කණ්ණාඩියෙන් හැඩ බල බල කොල්ලෙක් වුණත් ලස්සනට ඉන්න එපෑ නේ....

" මයෙ පුතා ඉක්මනට ලෑස්ති වෙයන් බන්,මන් මහ වෙද වලව්වටත් යන්න ඕනෙනේ..  "

ඕන් පටන් ගත්තා අපෙ අම්මා...
හයියෝ...මේ කට.නම්

" මන් විතරක් ඈ...අම්මේ නංගිටත් ලෑස්ති වෙන්ඩ කියන්නකෝ..."

මාත් ඉතින් කෑගැහුවා , ඇත්තනේ සාදාරණයි.නේ මන් විතරක් ද ඉස්කෝලේ යන්නේ....ඇයි අර කටර් එකත් ඉස්කෝලේ යන්ට එපෑනේ ..
කොහොමටත් මේ මාසෙන්   මගෙ ඉස්කෝලේ  අහවරයිනේ   ..
ඒ ලෙවල් කරන්න තරම් පන්ති යන්න ගාස්තු ගෙවන්න මයෙ අම්මට හයියක් නෑ කියන්ට මන් හොදටෝම දන්නවා .
ඒ නිසාම මන් ඉස්කෝලේ ගමන අහවර කරන්නේ රත්නෙ.මාමාගේ බ්ලොක්ගල් වැඩපලේ බ්ලොක්ගල් ගහන්න අත් උදව්වට යන්න .

එතකොට අම්මත් වෙදා ගේ ගෙදරට කඹුරන්න ඕනී නෑනේ....
නංගිටත් පුළුවන් විදිහට මන් උගන්න ගන්නවා....

" උඹ දැන් වත් අහවරයිද ලෑස්ති වෙලා..." අම්මා ආවේ.මේ සැරේ.නම් පොල්කටු හැන්දත් අරන්...

හරී !!! හරී ...මගෙ සුමනෝ මන් ලෑස්ති වෙලා ඉවරයි.නේ...ම්න්..

මන් කිව්වෙ අම්මාගෙ කම්මුල් දෙක අල්ලන ගමන් ..

ඕකට ඔච්චරම ආවේස වෙන්ට ඕනී නෑනේ....!!

මන් ආයෙමත් කිව්වා...

" අහක් වෙයන් මනමාල කම් කරන්න එන්නැතුව....මනමාල කම නම් ඉහටත් උඩින්...ඒකට අහවල් එක නැතුව ඇති පූසෙක් ගේ තරම් .."

අම්මේ...!!!

" මොකද තෝ බෙරිහන් දෙන්නේ.."

මොනාද අප්පා කියවන්නේ..
මට ත් කියලා ලැජ්ජාවක් තියෙයිනේ...

" අහ් එහෙම එකක් තියනවද මයෙ පුතේ හාකෝ..."

රෙද්ද...!! මට ඉතින් යකා වැහුනා .

බෝගම්බර  කදුළු  ... ( yizhan story ) Where stories live. Discover now