පස්වැනි ඉර 🌻

19 2 0
                                    

"Riyoo.. I will give everything I have, please release my son.. Please Riyo.. I beg you.."

යොහාන් අත්තනායක යනු කෙතරම් බල ලෝබිත අයෙක්දැයි රියෝ තරම් හොඳින් කිසිවෙකු දැන සිටියේ නැත. ඉඳින් ඔහු සතු සියල්ලම කැපකර බේරා ගැනීමට තරම් මේ කුඩා කොලු ගැටයාගේ ඇති විශේෂත්වය රියෝව පුදුම කිරීමට සමත් විය. ඇත්තෙන්ම මේ දුඹුරු ඇස් ඇති ජීවියා මුණ ගැසුනු දින පටන්ම රියෝ හට සිදුවූයේ පුදුම දනවන සුළු සිදුවීම්මය..

"What's happening Man ?? මොනා වුනත් මෙච්චර දෙයක් නම් මම බලාපොරොත්තු වුනේ නෑ. "

"Me too Liyo.. මොකක්ද මේ කොල්ලගෙ මෙච්චරටම තියෙන විශේෂෙ ? අපි හෙව්වා මදිද මූ ගැන.. "

"Don't know dude.. However I will find more information about him".

"Mmm you should"

"හරි මම එහෙනම් යනවා මචං. If something happens.. Just call me.."

ලියෝ පැවසූවට හිස සොලවා එකඟතාවය පලකළ රියෝ මිතුරා පිටත්ව ගිය පසු නිරායාසයෙන් ම ගමන් කරේ නීර් රඳවා සිටින කාමරය වෙතයි. කුමක් හෝ කරුණක් නිසා ඔහුගේ වෙනත් රැඳවියන්ට මෙන් නීර් හට සැලකීමට රියෝ ඉඩ නොදුන් අතර අඩුම අත් පා බැඳ තැබීමක් හෝ කිරීමට ඔහු උනන්දු නොවීය..

"Hey... Get up man.."

ඇඳවියලට හිස තබාගෙන අඩ නින්දක පසුවන නීර් දෙස මිනිත්තු කිහිපයක් බලා හිඳීමෙන් අනතුරුව සාක්කු තුළ දෑත දමාගෙන ගාම්භීර අයුරින් ශෙවෝන් ඇමතූයේ ඒ දිගැටි දෑස කුඩා ගැස්මකින් පසුව විවර වෙනු දැක උන් තැනින් මදක් පසුපසට වෙමිනි.

නිදි ගැට කඩා උදාසීන අයුරින් ශෙවෝන් දෙස බැලූ නීර් සුසුමක් හෙල ඉවත බලා ගත්තේ තමා සිටින්නේ සිහිනයක් දකිමින් බව සිතා රවට්ටා ගත් සිත සත්‍ය වශයෙන් ම රැවටී ඇති බව දැක ඇතිවූ කණගාටුවෙනි.

"මොකද තමුසෙ කාලා නැත්තේ ?"

ඇඳ අසලම ඇති කුඩා මේසය මත තවමත් ගෙනා අයුරින් ම තිබෙන ආහාර දැමූ බඳුන දැක ශෙවෝන් එලෙස අසද්දී නීර් ද ඇස් කොන් බැල්මක් බඳුනට ලබා දුන්නේය.

"I don't eat sea foods"

ඉස්සන් දැල්ලන් යොදා සෑදූ මිශ්‍ර බතක් බව බැලූ බැල්මට ආහාර බඳුන දිස් වද්දි කවදත් මුහුදු ආහාර ප්‍රිය නොකරන නීර් හුරතල් ලෙස තොල් උල් කරමින් එලෙස පැවසූයේ තමා සිටින්නේ පැහැර ගැනීමකට ලක්ව බවද අමතක කරමිනි. තවද කිසි දිනක සිය නැන්දනිය සමඟ හෝ තමා මෙලෙස හුරතල් ලෙස හැසිරී නොමැති වග ඔහුට අමතකව තිබිනි. ඇත්තෙන්ම නීර් තුළ සිටින කුඩා හුරතල් පුංචි දරුවා නොදැනුවත්ව ම ශෙවෝන් ඉදිරියේ මතු වී තිබුණේ දෛවයේ හාස්කමකට මෙනි.

You've reached the end of published parts.

⏰ Last updated: May 07 ⏰

Add this story to your Library to get notified about new parts!

නීර් 🌻Where stories live. Discover now