ඒත් පස්සෙ තමා මට තේරුණේ සුදු බේබිට හොදටම කේන්ති ගිහින් කියලා.එයා මට බනිනවා. හොදටම බනිනවා.
"තමුන් මේක හොදට අහගන්නවා.තමුන් ආපහු මගෙ රෝසමලට අතක් හරි තිබ්බොත් මන් නරක මනුස්සයයි කියන්න එපා.හොදයි හොදයි කියලා ටිකක් බලාගන්න දුන්නහම මේ වගේ තැන් වලත් එක්ක එනවද ආ.මගෙ දරුවට මොනවහරි වුණොත් තමුන්ව මම ඉතුරු කරන්නෙ නෑ.කාගෙ දරුවද තමුන් මෙහෙම තැන් තැන් වල අරන් යන්නෙ ආ.තමුන් මේ වලව්වෙ වැඩ කාරයෙක් වුණාට මගෙ දරුවා එහෙම නෑනේ.ඒ නිසා ආපහු තමුසෙ මගෙ දරුවව බලාගන්න ඕනේ නෑ.දැන් මෙතන මොකෙද්ද වගේ බලන් ඉන්නෙ නැතුව යනවා යන්න."
සුදු බේබි මට යන්න කියද්දි මන් කොහොමද තවත් මෙතනට වෙලා ඉන්නෙ ඒ නිසා මන් ආපහු හැරිලවත් නොබලා කෙලින්ම දුවලා
ආවේ මගෙ එකම සැනසීම තියෙන තැනට, හැමදාම මගෙ දුක නැති කරගන්න පුලුවන් එකම තැනට.මන් ආවේ ලොකු හාමුගෙ කුඹුරේ මැද තියෙන ලොකුම ලොකු මාර ගහ ළගට.එතන හරිම නිස්කලංක තැනක්. කාගෙන්වත් කරදරයක් නැහැ.මන් හැමදාම වගේ ගහ මුල තියන තණකොළ ගොඩ උඩින් ගහට හේත්තුවෙලා වාඩි වුණා.මේ ගහ දන්නවා මගෙ වෙච්ච හැම දෙයක්ම.කරන්න දෙයක් නැතුව අසරණ කම නිසා හැමදාම මෙතනට ඇවිත් මන් අඩද්දි මගෙ දුක අහන්න හිටියෙ මේ ගහ විතරයි.ඊටත් කලින් මගෙ පළවෙනි වගේම අවසාන ආදරේ මන් ගැන එයාගේ හිතේ තියන හැගීම් ඉස්සරෝම කිව්වෙත් මේ ගහ ළගදිම තමයි.
මට තියන දුක ඒ ආදරෙයි කියලා කියපු එයාම මට අද මේ විදිහට බනිද්දි.දන්නවද ඒ වේදනාව කොච්චරද කියලා.අද තමයි පළවෙනි පාර , එයා මට අත ඉස්සුව.මට නවත්තගන්න බෑ ඇස් වලින් කදුළු එන එක. මන් කොච්චර උත්සහ කළාද මේ ඇස් වලින් වැටෙන කදුළු නවත්තගන්න.එහෙම කරන්න තවත් මන් ගොඩක් ශක්තිමත් කෙනෙක් නෙමෙයි මගෙ සුදු බේබි.දුක් විදිනවා කියලා මට මේ විදිහට උහුලන්න පුලුවන්ද, කවුරු බැන්නත් කමක් නැහැ.කිසි දෙයක් නොදැන මගෙ මහත්තයා මට කියපු දේවල්.පපුවට පිහියක් ඇන්න වගේ කිව්වෙ ඒ වචන. මන් මේ වලව්වෙ වැඩකාරයා වුණ එක මගෙ වැරැද්දක්ද මගෙ මහත්තයො. මහත්තයට මාව ගැලපෙන්නෙ නෑ කියද්දි මහත්තයම නේද එදා මට කිව්වෙ මන් මොන විදිහෙ කෙනෙක් වුණත් කමක් නෑ මන් ආදරේ කරන්නෙ මේ හදවතට විතරයි කියලා.ඒ හදවත දැන් කෑලි වලට කැඩිලා නිසාද ඔය විදිහට මාව අමතක කලේ. ඇයි මතකෙ නැති කරගත්තෙ මගෙ සුදු බේබි. ඇයි මට මෙහෙම කලේ. ඇයි මට තියන එකම සැනසීමත් මගෙන් උදුරගන්න හදන්නෙ මගෙ සුදු බේබි.මෙහෙ ඉන්න ටික කාලෙට හරි මට පුංචි බේබිත් එක්ක ඉන්න දෙන්න.මමත් හැගීම් දැනීම් තියන මනුස්සයෙක් කියලා ඇයි මේ කාටවත් තේරෙන්නෙ නැත්තෙ.ඇයි ඒ 😭.
මන් ඇඩුවා මට ඒ වචන අමතක වෙනකන්ම මම ඇඩුවා.පැයක් දෙකක් නෑ ඊට වැඩිය මන් ගහ මුල ඉදන් හිටියා.පස්සෙ මන් ආපහු වලව්වට එන්න ආවා.
___________________________________________
අභිශේක් pov:
මේ කොල්ලා කොහේ ගිහින්ද, දැන්නම් බයත් හිතෙනවා. ගැහුවත් හරි දැක්කෙම නෑ. මොනවා වෙලාද, මන් හිත හිතම එලියට බැස්සෙ හොයන්න යන්න.ඒත් මන් දැක්කෙ තඩි දර මිටියක් පැත්ක උකුල උඩින් තියගෙන අනික් අතින් ලොකු පොල් අත්තකුත් ඇදන් වලව්ව පැත්තට ඇවිදන් එන ඒ කොල්ලව.
බටු ඇටේ වගේ ඉදගෙන උස්සගන්නත් බෑ හරියට.මට හිතෙනවා ගිහින් උදව් කරන්න.ඒත් මන් මොකටද ඒ වගේ කොල්ලක්ට උදව්කරන්නෙ.ඇත්තටම මට ඕනේ නෑ උදව් කරන්න ඒත් ඉතින් මන් දන්නෙ නෑ ඒ කොල්ලව දැක්කහම මට එහෙම ඉන්න බෑ.කලින් දන්න අදුරන කෙනෙක් කරදරේ වැටිලා වගේමයි පේන්නෙ.
කමක් නෑ ඔන්න ඔහේ යනවා.කවුරුහරි දැනගත්තොත් දේවරාජ පොඩිහාමු වලව්වෙ දර අදිනවා කියලා වස ලැජ්ජාව.ඒත් මට ඒ කොල්ලා පව් කියලා හිතෙනවා.මන් ලගට යද්දි කොල්ලා පොඩ්ඩක් ගැස්සුනාද කොහෙද. ඒත් මන් දැන් තමයි එයාව හරියටම ළගට දැක්කෙ වගේම මන් ගහපු පාර කම්මුලේ මගෙ ඇගිලි පහම හිටලා තියන විදිහ.මට නොතේරුනත් අමුතු දුකකින් මගෙ මුලු හිතම පිරිලා ගියා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පරක්කු උනාට සොරි 😁
😭😭😭😭මොකද හිතෙන්නෙ
සදහිරු ගැන,
අභිශේක් ගැන,
තිසෙන්දි ගැන,
Comment කරන්න
Vote කරන්න
Bye
JeonJJT ✍️
YOU ARE READING
අහිමි මතක (Taekook Nonfanfiction)
Non-Fictionමන් මේ හිතට හරි ආදරෙයි මහත්තයො.ඒත් මන් මේ වලව්වෙ වැඩකාර කොල්ලා.මන් මගෙ මහත්තයට ගැලපෙන කෙනෙක් නෙමෙයි.අනේ මට සමාවෙන්න මහත්තයො. සදහිරු මට උබ කවුරු වුණත් වැඩක් නැහැ.මට ඕනේ උබ විතරමයි.මේ දේවරාජ පොඩිහාමු ආදරේ කරන්නෙ සදහිරු කියන රෝසමලට විතරමයි. අභීශේක්
පස්වන කොටස
Start from the beginning