"මන් බලන්නම්කෝ"

නිදහසේ කකා ඉන්න කොට ගවේෂ් අයියා දුන්නේ සුපිරිම  නිවුස් එකක්... මුට එකපාරටම ඇයි දන්නෑ අපේ එකාගැන සත්ත්ව කරුණාව පහල වෙලා.. දැන් මේක ගිහින් අපේ පවිරුවගේ කනේ තියලා ඌව ෆෝම් කරනකම් ඉවසිල්ලක් නෑ.. කෝමත් ගෙමිදුවා උන් එක්ක නටාගෙන යනවා වැඩි... අපේ එකාගේ වැරැද්ද.. පවිරුවත් දවසක් දෙකක් කිව්වා උන් එක්ක වැඩිය යන්න එපා කියලත්.. ඒත් ගෙමිහාමිත් මන් වගේමයි කියන දේ අහන්නෙම නෑනේ..

අපිට කොහොමත් ඒ කාලේ ඉදලම මැනේජ්මන්ට් එකත් එක්ක ලොකූ ඇරියස් එකක් තියෙනවා... එහෙම තමා කැම්පස් වල.. සමහරක් ෆැකල්ටි අතර අවුරුදු ගණන් හේතුවක් නැතුව ප්‍රශ්න ඇදෙනවා.. අපෙත් ඒ වගේ සීන් එකක් තියෙන්නේ.. මුළු කැම්පස් එකම දන්නවා ෆැකල්ටි දෙක නයාට අදුකොල වගේ කියලා..  අහුවෙන චාන්ස් එක්කින් ඇරගන්නම තමා බලන්නේ

මේ සම්බන්ධව ගවේෂ් අයියගෙන් තව කොච්චර හාර හාර ඇහුවත් මීට වඩා දෙයක් අහගන්න බෑ. ගලෙන් පට්ටයක් ගන්නවා ඊට වඩා ලේසි.. නැත්තම් හිල් බාජනයක් පිරෙන්න වතුර පුරෝනවා.. පිස්සු මකුනා..

අපි දෙන්නා අයේ කතාවක් නැතුව කාලා බීලා එතන ටිකක් අස්පස් කරලා දැම්මා... ඊට පස්සේ හන්තානේ රෑ පානේ ලව් කරන්න ගිය කපල් එක වගේ තණබිස්සේ දිහා වෙලා අහසේ තරු දිහා බැලුවා.. මගේ තමා අයිඩියා එක.. නැත්තං ළමාතැනී නිදාගන්න ලැස්ති උනේ.

අදනම් අහස පිරෙන්නම තරු වැහි වැහැලා වගේ.. මන් උඩු අතට පෙරලිලා ඔලුවට යටින් අත්දෙක තියාගත්තම එයාත් මන් වගේම  ඔලුවට යටින් අත් දෙක තියාගෙන බිම දිගා උනා...

දැන්නම් අපි ටිකක් ළග පාතින් ඉන්නවා.. මොකද බැනගෙන ඇනගෙන හරි අපි දැන් කලින්ට වඩා ටිකක් එකට ඉන්න තරම් කම්ෆර්ටබල්... ඒ උනාට මන් තාම තරහවල් අමතක කරලා නෑ... ඒවා එහෙම ලේසියෙන් අමතක කරන්නෙත් නෑ..

"තමුසේ මට කලින් කාව හරි කිස් කරලා තියෙනවද?"

"හහ්..??"

එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ ගවේෂ් අයියා මගේ පැත්තට ඔලුව හරවලා අහද්දි මට ඒකට එකපාරටම දෙන්න උත්තරයක් නැතුව ගියා.. මේ වගේ වෙලාවක ඒ ගැන කතා කරන්න මන් කොහොමටවත් ලෑස්ති වෙලා හිටියේ නෑ.. අනික මන් හිතුවෙත් නෑ ඒ ගැන අයෙත් කතා කරන්න.. මොකද දවස් දෙක තුනක් ගියාම මටම ඒක අමතක වෙලා ගිහින් තිබ්බේ...

SITHTHARA | COMPLETEDМесто, где живут истории. Откройте их для себя