"බලමුකෝ මන් කෝමත් දවස් දෙකක් යනකම් මෙහෙ නෑනේ. උබ පොඩ්ඩක් හොයලා බලපන්. ඌ මෙහෙන් එහා මෙහා ගියොත් හිතාගන්න පුළුවන් ඌ මාව අතෑරලා නෑ කියලා"

"මචං වීල් කාරයෝ කෝමත් ලේසියෙන් දෙයක් අමතක කරන්නෑ. කෝමත් ඕකා නයා වගේ මිනිහා. මන් කියන්නේ අපි පොලිසියට යමු"

"මටත් ඕක හිතුනා. බලමුකෝ මේ ගමනෙන් පස්සෙ තීරණේ කරනවා."

"තොටත් හොදවැඩේ.... මන් කී පාරක් කියලා ඇතිද ඒ පැත්තේ තනියම යන්න එපා කියලා. උබට කියලා වැඩක් නෑ.... නිකාන් ලේ පිච්චෙනවා විතරයි.  බලපන් අද මොනවහරි උනානම්"

"හරි ඉතින් මුකුත් උනේ නෑනේ"

"හැරි චමා.. තොට පෙර පිනක් තිබිලා බේරුනේ."

"ම්ම්ම්..."

"මට ඔය හෙට ගමනනම් ෂුවර්ම නෑ උබේ"

"ඇයි ඒ...... ?"

"උබත් හරි බඩ්ඩනේ. අවුරුදු දෙක්කට කිට්ටු තරහක් දවසින් අමතක කරලා ඒ මිනිහා එක්කම ට්‍රැවල් කරන්නත් යන්න හදනවා. මේවා විශ්වාස කරන්න පුළුවන් දේවල්ද බං"

"මන් කිව්වා ඈ එන්න කියලා. ඌටනේ එන්න අමාරුව. මන් කොච්චර බෑ කිව්වද"

"තමුසේ කට පරිස්සන් කරන් ඉන්නවා හරිද. හුරුත් නැතුව ඇති ඔහොම ගමන්. හොදට මතක තියාගනින් ඒ මනුස්සයා සීනියර් කෙනෙක් නෙවේ සුපර් සීනියර් කෙනෙක් කියලා"

"හරි හරි එව්වා බලාගන්නම්කෝ..."

"ගියාට කමක්නෑ. දෙයියනේ කියලා ඒ මනුස්සයව පරිස්සමට එක්කන් එනවා. මොනවහරි උනොත් තෝව අර ඇමතියා අරන් ගිහින් දෙකට ඉරයි"

ඒකටනම් මගේ බඩබොකුත් එක්ක කැලබිලා ගියා. මට මැවිලා පෙනුනා කළුවර කාමරේක මාව කකුල් දෙකෙන් එල්ලලා තඩි මහත මිනිහෙක් මාව දෙකට කපන්න එනවා. ඊව්... කකුල් දෙකත් එක්ක හිරි වැටිලා ගියා ....

පවිරුවගේ කතාවනම් ඇත්ත... දෛවය කියන්නෙත් මහ පුදුමාකාර දෙයක් තමා. අවුරුදු දෙකක් තිස්සේ දකින්නවත් ආස නැති මනුස්සයෙක් එක්ක මන් කරන්නම ආස දේ කරන්න යනවා. ඇත්තටම මේ සතිය ඇතුලේ මගේ ජීවිතේ කෙලින්ම උඩ පල්ල ගැහුවා. සතියකින් .....!!!!
කමක් නෑ ගිහිල්ලම බලමුකෝ යකා කියන තරම් කළුද කියලා බලාගන්න.

SITHTHARA | COMPLETEDOnde histórias criam vida. Descubra agora