👑🌺 කිරුළ 43 🌺👑

Magsimula sa umpisa
                                    

ඒ හුස්ම පවා මගෙ සියොලඟට දැනි දැනී හිත හැඟීම්බර කරලා ඇස් වලටත් අඩවන් වෙන්න ආරාධනා කරද්දි , අඩවන් වෙලා තිබුණ ඒ නිල් ඇස් එක්ක හිතට ආපු සිංදු කෑල්ලක් මං ඒ ඇස් දිහාම බලන් මිමිනුවා..

"ඒ කි..ව්වේ.."

"නිල් ඇස් දෙකෙන් බලගෙන හිනා වෙලා...මොනවාදෝ රහසින් කියනවා...ඔයාගෙ ආදරේ..මගෙ හදවතටම තුරුළු කරගෙන.. ..සදහටම...ඔයාව ප්‍රාර්තනාව කරනවා.......අන්න එහෙම කිවු...ම්ම්හ්..අ..."

ඉස්සර වගේ නැතිව සිංදුව ඇතුලේ ආදරේ කියන වචනේ මිමිනේදීත් ඒ ඇස් දිලිසෙද්දී සිංදුවේ නිතර භාවිතා නොවෙන පද කීපයක් තිබුණ නිසාදෝ එයා තේරුම අහද්දී මං මුලින් ඒ ඇහි දාර යටින් ඇගිලි තුඩු අරන් ගිහිං ඒ ඇගිලිම සිංදුවේ පද එක්ක එයාගෙ තොල් උඩටත්..කන් පෙති වලටත් අරන් ගිහිං මගෙ කම්මුලක තිබුණ ඒ අත අරන් මගෙ පපුව උඩින් තද කරන් ආපහු ඒ ඇස් දිහා බලන ගමන්  ඒ පද වලට ගැලපෙන්න ජර්මන් වලින්  තේරුම කියලා ඉවර වෙද්දී හීනෙක අතරමං වෙලා වගේ බලන් උන්න එයා මගෙ වචන සම්පූර්ණ වෙන්නත් කලින් පහත් වෙලා මගෙ තොල් අල්ල ගත්තා..

මගෙ පපුවට ඒ අත තද කරගත්තු මගෙ අත අපි දෙන්නාගේ පපු මැද්දෙ ඒ හයිය ඇගිලි අස්සෙ මිරිකිලා යද්දි එයා අතෙන් හැසිරවීමක් නැතිවම මගෙ තොල් දෙකම එකපාර අයිති කර ගත්තා..එකපාර උණ දේ නිසා උඩට ගත්ත හුස්ම පහලට හෙලා ගන්න බැරිව එයාට ඉඩ දීලා උන්න මං ඒ හුස්ම උපරිමේටම පිරුණ තැන...එළියට එන්න පාර හදන ගමන් එයාගෙ තොල් මැද්දෙම යන්තම් පාර හදන ගමන් තොල් ඈත් කරද්දි මගෙන් තව දුර යන්න ආරාධනයක් ලැබුණ බව හිතුණ නිසාදෝ...එළියට එන්න හදපු හුස්ම ආපහු පපු කුහර අස්සටම තල්ලු කරන ගමන්  එයා මගෙ මුව ඇතුලටම හාදුවේ ගැඹුර මැන්නා...

" ස්..ර්.. "

"I miss you baby...."

" miss yo.. "

.........

හිර උණ හුස්ම වලට අන්තිමේ බාධක බිඳගෙන මොහොතකට එළියට එන්න ඉඩ දුන්න එයා මගෙ නළලට නලල තියන් උගුර යටින් මුමුණද්දී මං අනික් අතට වචන දෙන්න ගියත් මාව මඟම නතර කරන ගමන් ඉඩක්වත් නැති අට්ටාලේ උඩ මගෙ ඉන දෙපැත්තෙන් කකුල් දාන් මගෙ ඇග උඩට ආපු එයා මගෙ බෙල්ල පාමුලට පහත් උණා..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Tahanan ng mga kuwento. Tumuklas ngayon