TOO SAD TO DANCE - 02

Start from the beginning
                                    

"ඔන්නී!"

"හරි හරි පිස්සු කෙල්ල.. අද ටීවී ස්ටේශන් එකට යනවද?"

"හ්ම්ම්"

"එහෙනම් දැන් ඇහැරෙන්න.. මං ඔයාම ආසම කෑම හැදුවේ.. කාලා පරිස්සමින් යන්න, මං දැන් යනවා"

"හරි ඔන්නි"

ඇදේ පෙරලිලා හිටපු නාරිගෙ ඔලුව අතගාලා ගියපු නාබිගෙ කා' එකේ සද්දෙ නාරිට ඇහුණා.. නාබි ගිය සැණින්ම නාරිගෙ හිනාවත් අතුරුදහන් වුණේ හිතින් නාබිගෙන් සමාව ඉල්ලන ගමනුයි..

අනාගතය දකින්න පුලුවන් කමක් තිබුණනම් නාබි අද හොස්පිට්ල් නොයා ඉන්න තිබුණා.. ඒත් අවාසනාවකට හෝ කාටවත් එහෙම හැකියාවක් තිබුණේ නෑ..

_

_

_

_

"Good Afternoon everyone! එහෙනම් මීටින් එක ස්ටාට් කරමු"

හැමෝටම ග්‍රීට් කළාට පස්සෙ යුන්ෂික් එයාගෙ ශීට් එකෙන් වාඩි වුනේ මීටින් එක පටන් අරගෙනයි.. මේ අතරේ සිදුවෙන කිසිම දෙයක් ගැන දැනීමක් නොතිබුණු හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුණේ සම්පූර්ණයෙන්ම මීටින් එකටයි..

පැයකට පසු....

"ඒ වගේම බීටීඑස් ලගෙ අලුත් ඇල්බම් එක රිලීස් කරාට පස්සෙ වර්ල්ට් ටුවර් එක පටන් ගන්නවා..ඒ ගමන්ම ප්‍රමෝශන් ටිකත් වෙ-"

මැනේජර් කියන්න ගියපු දේ අතරමග නැවතුණේ මීටින් රූම් එකේ දොර ඇරුණු නිසයි.. ඒ වගේම එතන පෙනී සිටියේ මේ වෙලාවෙ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු අයයි..

"පාක් යුන්ෂික්, නීති විරෝධී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සහ මත්ද්‍රව්‍ය වෙළදාමේ නිරතවීම සම්බන්ධයෙන් ඔබව පොලිස් අත්අඩංගුවට ගන්නවා.."

මීටින් රූම් එකට ආපු ප්‍රධාන පොලිස් නිලධරයා එහෙම කිව්වේ පොලිස් වරෙන්තුවත් ඉදිරියට පෙනිවමිනි..

ඒ එක්කම මේ වගේ දෙයක් කිසි විටකත් බලාපොරොත්තු නොවුනු බීටීඑස්ලගෙ අලුත් ඇල්බම් එක ගැන කතා කරමින් හිටපු අයිඩල්ස්ලා, මැනේජර්ස්ලා, නිශ්පාදකයෝ හැමෝම තම තමන් අසුන්ගෙන හිටි තැන්වලින් නැගිටුණේ නිරායාසයෙන්මයි..

GOLDEN [JUNGKOOK FF]Where stories live. Discover now