👑🌺 කිරුළ 42 🌺👑

Start from the beginning
                                    

"ඉතිං...කිව්ව පලියටම විස්වාස කරාද බබා..නිකංම..!!"

"න්...නෑ.. ම්ම්..මට ස..සාක්ෂි තිබුණා.."

"සාක්ෂි..!!"

"එයා කියපු එකට සමාන සිද්ධියක් මං දැනගෙන හිටියා..ඒ නත්තලට තිබුණ function එකට ඔයත් ගියා..එදා ඔයා ගිහිං ඇවිත් හැසිරුණේ ලොකු කලබලෙකින්..කාට හරි ෆොන් එකෙන් කියනවා මට ඇහුණා...ඔයාගෙන් වැරැද්දක් උණා..මට දැනගන්න තියන්න එපා කියලා...ම්ම්.මට සමාවෙන්න සර්..එදා මගෙ ගැන කියනවා ඇහුණ නිසායි ඔයා අවුලෙන් හිටපු නිසයි..ඔයාව කලබල කරන්න..මගෙන් හංගන්න ඕනා උනෙ මොකක්ද බලන්නයි මං ඔයාට හොරෙන් ඔයාගෙ ෆෝන් එක බැලුවා..."

........

මං ඒ ගැන කිව්වේ බයෙන් බයෙන් වගේ වෙද්දී එයා මොකුත් නොකිව්වත්..මගේ ඔළුව බදන් උන්න එයාගෙ අත් මොහොතකට තද උණා...

"විඩියෝ එකක් තිබුණේ...කෙල්ලෙක් එක්ක ඕ..ඔයා රූ.. රුම් එකකට යනවා..ඒ එකම වෙලාවේ ඇරුණම ආයි නොබලුවුත් එදා ඒ වෙලාවේ නිකං හිතට ආවට මගෙ ෆෝන් එකට send කරපු විඩියෝ එක මගෙ ෆෝන් එකේ අස්සක තිබුණා.."

"ඒ ගැන දැනගත්තා නම් ඇයි ඇහුවේ නැත්තෙ මගෙන්.."

"ඕ..ඔයා හන්ඟද්දී..මං අහන්නෙ කොහොමද සර්..අනික අහන්න ඕනා උණේ නෑ..ම්ම්..මොකද මං ඔයාව විස්වාස කරා..බිලා ඉද්දි වැරැදීමකින් උණේ කියලා ඔයා කියනවා ඇහුණ කතාව මං විස්වාස කරා...ඔයා හිතා මතා ඒවගෙ දෙයක් කරන්නේ නෑ කියලා හිතුවා..ඒ වගේ දෙයක් අනුමත නොකරත්..ඔයාලගෙ සමාජ තත්වේ එක්ක ඒ සාමාන්‍ය දෙයක් වෙන්න ඇති කියලා මං අමතක කරලා දැම්මා...අ.. අනික...එහෙම..ඔයා කා එක්ක ඉන්නවාද නැද්ද අහන්න...මට අයිතියක් තිබු..නෙත් නෑනෙ...ඉ..ඉතිං..එහෙම දෙයක්..උ..උණේ නෑ වගේ අමතක කරලා දැම්මා..."

"...උඹ හරි පවු බං.."

මන් කියපු දේ අහං උන්න එයා මගේ හුස් මුදුණ පුරා තොල් තද කරද්දි මේ වතාවේ මට මහ බරට සුසුමක් පිට උණා..ඇත්තටම මන් පවු...

" සිහලිගේ කතාව අහද්දී ඔය සිද්ධිය ගැන මතක් වෙලා..මං ඒ විඩියෝ එක එයාට යැව්වා..එයා කිව්වා ඔයා එක්ක ඒ විඩියෝ එකේ ඉන්නෙ එයා කියලා.."

"ඉතිං..කිව්වද එයා ආදරේ කරන්නේ මට කියලා..."

"....න්..නෑහ්.. ෆෝන් එක කට් උණා..ක්..කෙල්ල...ඒ කතා කරපු අන්තිම ව..වතාව සර්.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now