👑🌺 කිරුළ 42 🌺👑

Start from the beginning
                                    

මං එයාගෙ කතාවට බාධා කරන්න හැදුවත් එයා මාව නතර කරා...හිතුවෙ...එයා අහන්නෙ හිතුවෙ කොහොමද කියලද...දන ගත්තෙ කොහොමද කියලා නෙමෙද අහන්න ඕනා...

"කියන්න කිරුළු..උඹමයි කිව්වේ...එකට ආලෝකේ හොයා ගන්න නම්..අපි අපිට විවිර්ත වෙන්න ඕනා..."

"ඒ..ක ඒක මුලින්ම..සිහලි මට කිව්වේ...එයා ආදරේ කරා කෙනෙක්ට..function එකකට එයා bride කෙනෙක්ට ඇඳලා.. එදා එහෙදි දැකපු කෙනෙක්ට එයා ආදරේ කරා..නිල් ඇස් කුමාරයා එයා කිව්වේ එහෙම..ජර්මන් වලින් ආපු සුද්දෙක්..කෙල්ල හැමතනම ඒ කොල්ලව  හොයනවා කියන්න දැනගෙන හිටියා..මං හිතුවෙ කෙල්ල ආදරේ නිසා විතරක් හොයනවා කියලා..පස්සෙ හැමදේම අවුල් වෙන්න දවස් කීපෙකට කලින් කෙල්ලට function එකේ ඇල්බම් හම්බ උණා..කෙල්ල මට විඩියෝ කෝල් එකක් අරන් එයාගෙ කුමාරයා හිටපු ෆොටෝ එකක් පෙන්නුවා..ඒ..ඒකෙ හිටියේ..ඕ..ඔයා එක්ක මාසෙල්..කෙල්ලගේ දෙපැත්තේ..."

"ඉතිං මං කියලා හිතුවෙ..!!"

"ලස්සනම ඇස්..තියෙන..කෙනා...
ලෙවින් රයින්හාඩ් එයාගෙ නම..සිහලි කිව්වේ එහෙම.."

"හ්ම් පස්සෙ.."

එදා ඒ ගැන අහද්දී හිත රිදුණ තරම්...දැනුණ අසරණකම ආපහු මතක් වෙද්දී මට මගේ කදුළු නතර කරගන්න බැරි උණා..එදා රිදුණේ සර් නිසා උණත්..ළඟ ඉඳන් හිත හදන්න මං බලාපොරොත්තු උණේත් එයාව..ඒත් ඇත්ත නැත්ත අහන්නවත් එදා මට අවස්ථාවක් නොවෙද්දී...මාව අන්තේටම කඩන් වැටිලා අද මේ දක්වා ජීවිතේ උඩු යටිකුරු උන හැටියට මට එයාට වයිර කරන්න තරම් හේතු තිබුණත්...අද ඒ අතීතේ මතක් කරන මේ මොහොත් පවා...එයා වෙනුවෙන් හිතේ පුරවපු ආදරේ එක්ක...එයා නිසා රිදුණු හිතට එයාගෙන්ම සහනයක් බලාපොරොත්තු උන මං එයාගෙ පපුවටම ඇස් වලින් ගලන කඳුලු බර එකතු කරද්දි එයා මගේ ඔළුව උඩ නිකට තියන් ආයි මහ බරට සුසුම් හෙළුවා..

"එදා වෙඩින් එක දවසෙ උදේ සිහලි මට කතා කරා..ඔයාගෙ වෙඩින් එක ගැන දැනගෙන..හොටෙල් එකට යන ගමන් හිටියෙ...ඒ..ඒ කතා කරාමයි කෙල්ල කිව්වේ..ඒ තරම් ඔයාව හොයන්න හේතුව.. ඕ..ඔයාගෙන් එයාට දරුවෙක් ලැබෙන්න කියලා අඬ අඬා කිව්වා..එදා පාටි එක වෙලාවෙ කවුරු හරි එයාගෙ drink එකට මත් වෙන දෙයක් දාලා..එයාට ඔයා උදව් කරන්න ගි..ගිහිං...ගි...හිං..පස්සෙ.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now