02 කොටස ♡'

Start from the beginning
                                    

" අමතක උනා තමා..එලියෙ ඉදල සතෙක්වත් කෑවනම් එහෙම..එනව යන්න ගෙට.."

අපේ වසන්ත ආපු ගමන් දිසද බබාගෙ කනෙන් අල්ලපි! ඉහිම් ඉහිම් සිදුන මත..දිසද බබා කරුවලට ආස නිසානෙ හිතියෙ..

" ගිහින් අර වාහනේ ඉන්න අයියය ගෙට කතා කරන්න.."

වසන්ත මට එහෙම කියන ගමන් ගේ ඇතුලට ගියා ලයිට් එක දාන්න..වසන්ත කිවුවහමයි මතක් උනේ..අර ඔටුවව.. කවුද මේ දිලේක්ද මොකාද එනව කිවුවෙ..ආහ්..එහෙනම් එයැයි වාහනේද.. වසන්ත ගියාම මම ගියා වාහනේ ලගට..මම එනකොටම වගේ දොර ඇරගෙන කලු ඇදගත්ත එකෙක් එලියට බැස්ස..අම්මූ.. මෙයැයිද දිලේක්..යකෝ කලුම ඇදගෙන කලු කැප් එකක් දාගෙන.. මහසෝනගෙ පුතාද.! ආහ් ඔය තියෙන්නෙ ලාවට මූන පේනව ..ඒකත් ඉක්මනට ලයිට් එක දාපු නිසා අපේ වසන්තට පිංසිද්ද වෙන්න..

" යමු ඇතුලට..."

මම එයැයි එක්ක වෙන ඒව කතා කරන්න ගියෙ නෑ.. ඇතුලට කතා කරල මම ඉස්සර උනාම ඇස් කොනෙන් දැක්ක එයැයි මගෙ පස්සෙන් එනව..අම්මෙහ්! මූ මහසෝන වගේමනෙ අප්පාහ්..

" එන්න දිලේක් පුතා ඇතුලට... වාඩි වෙන්නකො..මම නෝනෙට කතා කරන්නම්.."

" හරි අන්කල්.."

වසන්තට අංකල්ලු.. ඉහික්..වසන්ත පහලට ගියා අසෝකව එක්කන් එන්න..මම දැන් අර මහසෝන එක්ක තනියෙම සාලෙ.. මෙන්න යකෝ මූ එකපාරට මගෙ දිහා බැලුව..උහුම් බයේ බෑ දැන්නම්..

" ඔයාද මෙහෙ පොඩි පුතා.."

දිසද බබා ගැස්සිලා ගියා.. අම්නේ අම්නේ..මුගෙ කටේ තියෙන නපුරුපාට.. එකපාරට මගෙ දිහා බලල ඔයාද මෙහෙ පොඩි පුතා කියල ඇහුව.ඔව් ඉතින් මම නැතුව වෙන මොකාද..

" ඔ-ඔව් .."

හික් හික්..මොකත යකූ මේ මට ගොතගැහෙන්නෙ..ඉහික් මම මුට බය වෙලා නිසාද..? මෙන්න මූ ඒ ගමන හිනා වෙනව..දෙන්න හිතයි උඩින් යන්න..

" අන්න පොඩි පුතාට ගෙනාපු චොකෝ කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ...අරගන්න .."

හනේව්..චොකෝ ටික ගැන කියන්නද හැදුවෙ..කදත අනේ දන්නෙ..මෙයැයි හොද බබෙක්නෙ..ම්ම්හුක් අපේ වසන්ත දෙන්ඩැ කියන්න ඇත්තෙ මේ ගෙදර පොඩි එකා චොකෝ කන්න ආසයි කියල..වෙන මොනාවත් කිව්වද දන්නෙ නෑ..කුමක් උවත් දිසද බබාගෙ චරිතෙ ගාතනේ වී නැතැයි සිතමි..

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now