👑🌺 කිරුළ 40 🌺👑

Start from the beginning
                                    

"උ..බලට..දුන්න ගින්..දර මට පත්..තු උණා පුතේ.."

"...ක්..කවුද අයියේ...කවුද...අපිට මෙහෙම කරේ... ම්ම්..මොන වැරැද්දක් කරාද..දෙවියනේ..අර..කෙල්ල..ඒ අසරණි.. මේ හැමෝම..කොහොමද අයි..යේ එක තැන.. ක ඉන්නේ..බාප්..පා...බාප්පා ඒක අනතුරක් නෙමෙ නම්..අර කෙල්ල ඒකත්...නිකංම අනතුරක් නෙමෙ නේ..ද අයියේ...ද..දරුවෙකුත් බඩේ තියන්..අර වගේ ඉන්නෙ...උන් හිතා මතා කෙල්ලව හප්පලා නේ.ද අයියේ...හිතා මතා මරන්න හදලා නේ..ද.....අයින් වෙන්න කිව්වා..නම්...මං මගෙ උන් අර..න් අයින් වෙනවා අයියේ...ඇ..අයි මේ තරම් දඩුවම.ක් දුන්නේ..ඇ..ඇයි ඒ අහිංසකයෝ..න්ට එහෙම කරේ..අ.. යියේ..."

.........

තුවාල වල වේදනාව දරන් කඳුළු ගලන ඇස් දෙකවත් පිහ ගන්න අතක් උස්සගන්න හයියක්වත් නැතිව බාප්පා මහ අසරණකමකින් බාප්පා කියවද්දී තවත් අල්ලන් ඉන්න බැරි කමට මං එළියට එද්දී මගෙ පස්සෙන් ආපු නසීර් අයියාට මං දුක කිය කිය අඩා වැටුණා.....

"ඕ..ඔයා කොහොමද..මෙතන ඉන්නේ...ඔයා...මේ තරම් කල් අපි උන්නද මළාදවත් නොබලපු ඔයා කොහොමද මෙතන ඉන්නෙ අයියේ... ඕනාම වෙලාවේ කොහොමද ආවෙ..ක්..කවුද ඔයාව එව්වෙ...ල්..ලේවින් සර්...නෑ එයා මේවා දැනගන්න විදිහක් නෑ...ම්ම්..මට විස්වාසයි...ඒ.එයා මේ මොකුත් දන්නේ නෑ...ක්..කවුද මේ..මෙහෙම ක්...."

"අර එන්නෙ.."

දුකටත් වඩා ඔක්කොම කාගෙ හරි උවමනාවකට වෙන බව තේරෙද්දි මට හැමෝම ගැන දැනුණේ බයක්..කොහොම උණත් වැඩි වෙලා ඒ ප්‍රස්නෙට ඉඩ නොදෙන ගමන් කොරිඩෝව දිගේ ඇහුණ අඩි සද්දෙට මං ඔළුව උස්සලා බැලුවා...

"නසීර්..කොල්ලට කිව්වද වෙන්න ඕනා දේ...!!!"

"තමුසෙ මොනාද හිතන් ඉන්නෙ...මල්ලි අවා විතරයි...!! හුස්මක් කටක්වත් ගන්න දීපන් යකෝ..!!"

"හ..හ්..හුස්මක් කටක් ගන්න..!!! මේකා කාලකණ්ණියා කොහෙන්දෝ පහත්වෙලා මගෙ හුස්ම නැති කරේ දැන් මාස ගානකට කලින්...!! දැන් මං මූ හුස්ම ගන්නකං බලන් ඉන්න ඕනද ආ...!!! උඹ උඹ පැත්තකට වෙලා හිටපන් නසීර්...මං මට ඕනාවට උඹව ගෙන්නුවේ..මට එපා නම් උඹව ආපහු අයින් කරන්න මට බැරි නෑ..!! ගෑනි ළමයි ආය දාලා යන්න ඕනා නැති නම් පැත්තකට වෙයන්..!!"

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now