විසිවන දිගහැරුම 🔅

Start from the beginning
                                    

" හෙට ස්කූල් එන්නෙ නැතුව නවයයි කාල වෙද්දි උබ බස් එකට නගින හෝල්ට් එකට වරෙන් .කියන්න පුළුවන් දෙයක් නම් හෙට කියපන් . "

" මේක ස්කූල් එකනෙ . තව වෙලා යද්දි එක එකා අහන්න ගනී .උබට උන් ඉස්සරහත් මෙහෙම වචන නැතුව ඉන්න එක අවුලක් නැත්තං තව අඩපන් . "

' ස්නේහ මන් කිය - '

" ඔය උබ ගෑනියෙක් වගේ අඩන්න ගන්න එපා බන් ..... කිව්වනෙ දැන් ඕක
නවත්තගනින්..... "

' ස්නේහ එහෙම බෑනෙ උබට ස්කූල් කට් වෙනවනෙ . මන්  ...මන් ..පුළුවන් උන දවසක කියන්නම් '

" උබ පඩත්තලයිනෙ. කිව්ව වෙලාවට ඇවිත් ඉදපන් "

මෙච්චර කතා කරද්දි එයාව ගනන් ගත්තේ නෑ කියල එකක් එයාට දැනෙන්න දෙන්න බෑනෙ . මන් එන්නම් කියන්න ඔලුව දෙපාරක් වනලා හා කිව්වා .
ආයි වතාවක් නිශ්ශබ්ද තත්පර ගානක් දැන් විනාඩි දෙක තුනකට කිට්ටු වෙන්න ඇති . එයාගෙ අතෙන් පවා මට දැනෙන්නෙ අර ලෝබ හිතෙන උනුහුමක් . එක දවසක් හරි එයා ලගටම වෙලා ඉන්න තිබ්බනම් !
හුස්ම පවා බරයි කියල දැනෙන කාර්තුවකට එහෙම උනුහුමක් ලග පැය විසිහතරකට නිවෙන්න තිබ්බනම් .

ඉන්න!!! එයාගෙ අත බැන්ඩේජ් එක ගලවලද?  උරහිස උඩ තීන අත මන් හරි කලබලෙන් අයින් කරන් බලද්දී ගෝස් පටිය වෙනුවට තිබ්බේ ප්ලාස්ටර් එකක් . ඒකෙ ලානිල් පාට මල් ! පිරිමි ලමයෙක් ලග ඒක නම් ටිකක් අසාමාන්‍යයි . මන් අත පෙරලල බලද්දි එයා වේගෙන් අත එයා ලගට ගත්තා .
අරන් මගෙ අත් දෙකෙන්ම අල්ලල මගෙම අත් දෙකේ ඇගිලි ඔක්කොම අල්ල ගත්තා .

මන් දැනුයි දැක්කෙ මැනික් කටුව ලගින් හීරුනු පාරවල් ! තදටම නැත්තත් ඒවා රතු පාටට අත් දෙකේම මැනිකෙ කටුව ලග !!

" මේක උනේ මොනා කරන ගිහිල්ලද උබත් එතකොට ක්ලබ් වල රිංගනවද !?"

මන් එයාගෙ අතට තදවෙලා තීන අත් ගලවගන්න ගියත් එයාගෙ අත තදවෙලා තීන විදියට ඒක කොහොමත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

" මොකක්ද උනේ කියපන් "

කොහොමද කියන්නෙ ! අඩුම බෙල්ට් එකෙන් අත් දෙක හිරකරනකන් මන් බලන් හිටියද ඇහුවොත් ! ලැජ්ජවෙන එකේ සීමාවක් තීනවද .කොල්ලෙක් වෙලත් එච්චර දේකටත් හීරෙනවා කියන්නද ?
මගෙන් ආපහු උත්තර නෑ කියල තේරුන තැන එයාම අල්ලන් හිටිය අත් දෙක අතෑරල දැම්ම .ඒක කේන්තියෙන් ගසල දැම්ම කිව්වොත් හරි .
මන් මොනා කරන්නද !? කියන්නද බෙල්ට් එකට හීරුනා කියල ?

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now