Chapter 07 : Divorce

151 25 0
                                    




" අ-නේ නැන්-දේ..ම-ගේ ද-රුවා නැ-ති වෙ-යිද නැන්දේ..අනේ රිදෙනවා නැන්දේ..ජන්-ජන්කුක් ඇයි මෙ-හෙම කර-න්නේ නැ-න්දේ..තුව-ක්කු එක්ක හැ-ප්පිලා තිබුණට මාත් මනු-ස්සයෙක් නැන්දේ.."






ජන්කුක් ගහලා ගිය විදිහටම තවමත් ඉන්න තේහ්‍යුන් හයියෙන් අඩන ගමන් කියන්නේ..හිතේ වගේම ගතේ තිබ්බ වේදනාවට.. ජන්කුක් කරපු වැඩෙන් තේහ්‍යුන්ගේ හිත ගොඩක් පෑරුණා.. තේහ්‍යුන් ජන්කුක්ව දැක්කේ තමන්ගේ දරුවා වගේම තමන්වත් ආරක්ෂා කරන්න ඉන්න පලිහක් විදිහට..ඒත් ඒ පලිහ නිසාම තමන්ට වගේම දරුවටත් මේ වගේ දේවල් වෙද්දි තේහ්‍යුන්ගේ හිත කෑ ගහලා ඇඩුවා..ගැබ් කාලේ හෝර්මෝන නිසා තේහ්‍යුන් ගොඩක් සංවේදී වෙලා කියන්න පලුවන්. නැත්තම්....









ජීයුන්ට මේ ප්‍රශ්න වලට දෙන්න උත්තර නැති වුණා..ජීයුන්ගේ ඇස් වලත් කදුළු පිරුණේ අම්මා කෙනෙක්ට දැනෙන මේ සිතුවිල්ල..තමන්ට වගේම තමන්ගේ දරුවටත් ආරක්ෂාවක් නෑ නේද කියලා ඇතිවන සිතුවිල්ල..මවක් විදිහට එයාටත් මේක තේරුනා..ඒ නිසාම වෙන්න ඇති ජීයුන්ගේ ඇස්වලත් කදුළු පිරෙන්න ඇත්තේ..






" මා-ව කා-මරේට එක්-කන් ය-න්න නැ-න්දේ.."





තේහ්‍යුන් ඉකි ගහන ගමන් හිමින් නැගිට්ටා.. තේහ්‍යුන්ව පරිස්සමින් අල්ලගෙන පඩි නගින්න ගත්ත ජීයුන් නිකමට තේහ්‍යුන්ගේ මූණ දිහා බැලුවා..පඩි නගින්න කකුල උස්සලා තියන වාරයක් ගානේ තමන්ගේ කුස මදක් තදවන නිසා තේහ්‍යුන් ගේ මූණ වේදනාවෙන් මිරිකෙනවා. ඒ කම්මුල් රතු ගැහිලා කදුළු වලින් පෙගිලා..තවමත් කදුළු ගලන ඒ කෝපි පාට ඇස් රතු වෙලා තියෙන්නෙ කදුළු එන වාරයක් වාරයක් ගානේ තේහ්‍යුන් ඇස් පොඩි කරන නිසා...ඇහි පිහාටු වල කදුළු බිදු රැදිලා තියෙන්නේ ළා දල්ලක පිණි බිදු රැදිලා වගේ
..හයියෙන් හුස්ම ගන්න ගමන් ඉකි ගහන නිසා සැරෙන් සැරේ ගැස්සෙන පපුව...බයෙන් වගේම දුකින් මිරිකෙමින් ගැහෙන තේහ්‍යුන්ගේ හදවතේ රිද්මය ජීයුන්ට පවා ඇහුණා..ජීයුන්ට ගොඩක් දුක හිතුනේ ඒ දගකාර සිනහවල් වගේම හැසීරිම් අස්සෙන් තමන්ට නොපෙනුණ මේ තේහ්‍යුන් ව පළමු වරට දැක්ක නිසා.. තේහ්‍යුන් ව තේහ්‍යුන් ගේ කාමරේට එක්කන් ගිය ජීයුන් තේහ්‍යුන් ව ඇදේ ඇල කලා..තවමත් දගකාර කුමාරයා ඉකි ගහනවා..





A KISS TO HEAL YOUR HEART [ TK ] Where stories live. Discover now