Krish - 01

20 2 2
                                    

Krish 📸
•~ The Unforgettable Love ~•
•••••••••••••••••••••••••••
Chapter 01 🎞
~~~~~~~~~~~~~~~~~~~~~~~

 Krish 📸•~ The Unforgettable Love ~••••••••••••••••••••••••••••Chapter 01 🎞~~~~~~~~~~~~~~~~~~~~~~~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



"සෝල් අහස තාමත් එදා වගේමයි"

අවුරුදු අටකට පස්සේ තමන්ගේ උපන් රටට ආපු ක්‍රිෂ්, සෝල් අහස දිහා බලාගෙන පුංචි හිනාවකුත් එක්කම කිව්වා.

" හ්ම්ම්ම්ම් මම විතරයි වයසට ගිහින් තියෙන්නේ. අනිත් හැමදේම එදා වගේමයි. "

Zhao Krish කියන්නේ අවුරුදු 30ක ගෑණු ළමයෙක්. එයාගේ අම්මා චීන කෙනෙක්. තාත්තා කොරියන් කෙනෙක්. ඉතිං ක්‍රිෂ් ටිකක් වෙනස් විදියට හදුන ගැණුළමයෙක්.
මේ එයාගේ කතාව. ඒත් මේක එයාගේ කතාවේ ආරම්භය නෙවෙයි. ඇත්තටම මෙතන තමයි ක්‍රිෂ්ගෙ කතාවේ දෙවනි පරිච්චේදය පටන් ගන්න තැන.

ක්‍රිෂ් කොරියාවට ඇවිල්ලා ටික දවසකින්ම ජොබ් එකකට ගියා.
දවසක් ක්‍එයා ඔෆිස් එකේ ඉද්දි,.

Su ක්‍රිෂ්...

K කියන්න සූ 

Su මේ සෙනසුරාදා lotuse paradise hotel එකේ wedding එකක් තියනවා. උදේ 6 වෙද්දී shoot එක පටන් ගන්නේ water villa එකෙන්. ඔයාටයි මටයි දෝගුක්ටයි යන්න තියෙන්නේ හොඳේ. රෙඩි වෙන්න.

K හරි මං ඉතිං ඔල්වෙස් රෙඩී නෙ....

Su හම්මේ ඔව් ඔව්. මං නොදන්නවයි ඒක.

සූමින් ඇතුළු මුළු ඔෆිස් එකම හිතන් ඉන්නේ ක්‍රිෂ් කියන්නේ හරිම දඟ, විහිලු චරිතයක් කියලා. ඉතිං එයා එහෙම්මම එයාගේ චරිතේ තියාගෙන හිටියා.

_________________________

සෙනසුරාදා උදේම 1st shoot එක තියන location එකට photographers ලා ආවත් Bride ටත් වඩා groom පරක්කු වුනා.

K Groom තාම නෑනේ. 6.10යි. හරිනම් bride නෙ පරක්කු වෙන්නේ.

Su හරි හරි. මං කෝල් කළා. තව විනාඩි පහෙන් එනවලු.

K Bride නම් මාර ලස්සනයි නෙ. Groom කොහොමද දන්නෑ.

Su සර් නම් කිව්වා handsome කියලා. කාලෙකින් ආපු හරිම මැචින් කපල් එකක් කිව්වේ.
බලමුකෝ.

N අන්න එනවා. First look එකට රෙඩී වෙන්න ළමයි. ක්‍රිෂ් ඔයා බ්‍රයිඩ්ව අනිත් පැත්තට එක්කගෙන යන්න. Groom ව මේ පැත්තෙන් ගමු.

K හරි, දෝ ගුක්ශි .

සාමාන්‍ය wedding shoot එකකදී first look එකෙන් bride ව දැකලා groom surprise වුනත්, මේ වෙඩින් එකේ groom ව දැකලා surprise වුනේ ක්‍රිෂ් !

K හහ්... මින් හා......!!
ඔ ඔයා....... හහ්...

Su ක්‍රිෂ්? ක්‍රිෂ්? ඒයි ක්‍රිෂ්?

K හහ් අ.... ආ...

N මොකද මේ? අර පැත්තෙන් shot එක ගන්න ලෑස්ති වෙන්න. යන්න.

K හරි.

ක්‍රිෂ්ගෙ මුළු ඇඟම වෙවුලන්න ගත්තා.

"හේ මින්?  එයා කොහොමද ආයෙ.... ඒත් ඇයි ? මේ girl කවුද?
ඇයි මාව දන්නේ නැති විදියට ඉන්නේ... ඇයි එයාට මාව අඳුරගන්න බෑ වගේ ඉන්නේ? "

මේ වගේ ගොඩක් දේවල් එයාගේ හිතට එන්න පටන් ගත්තා.
__________________________

N ක්‍රිෂ්.. ඔයා groomගෙයි bestmanලගෙයි photos ටික ගන්න. අර අර පැත්තෙ location එකට යන්න.

K මම?

N ඇයි ?

K අ- හරි.

____________________________

ක්‍රිෂ් අවුරුදු ගානක්‌ ආදරේ කරපු කෙනා, හේ මින්. ක්‍රිෂ්ගෙ ඇස් ඉස්සරහම වෙන කෙනෙක්ගේ වෙනවා. එයාගේ ලස්සන දවසේ මතක එකතු කරලා දෙන්න , දන්නෙම නැතුව ක්‍රිෂ් එතනට ගිහින්.
කැමරා එකෙන් බලද්දී, ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ හේ මින් තවත් ලස්සනයි වෙලාද කියලා ක්‍රිෂ්ට හිතුනා.

"හහ්! මොනව කරන්නද? ඒ එයාගේ ජීවිතේ. මේක මගේ ජොබ් එක."
අන්තිමට ක්‍රිෂ් එහෙම හිත හදාගෙන ෆොටෝස් ටික ගැහුවා.

හොටෙල් එකට ගියාට පස්සෙ ක්‍රිෂ් සාමාන්‍ය විදියට තමන්ගේ වැඩේ කරගෙන හිටියා. ඒත්, ඒ,  හේ මින් ගෙ අම්මා ක්‍රිෂ් ළඟට එනකන් විතරයි.

_රෙෂනි විජේසිංහ.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 05 ⏰

Add this story to your Library to get notified about new parts!

Krish - The Unforgettable LoveWhere stories live. Discover now