👑🌺 කිරුළ 32 🌺👑

Start from the beginning
                                    

..........

"මගේ ජීවිතේ තාමත් පටන් ගත්තා විතරයි...ඒත්...මගේ අම්මගෙ ජීවිතේ දැන් ගෙවිලා ඉවරයි... එයාගෙ ජීවිතේ හොඳම කාලෙ..මං වෙනුවෙන් ගෙවලා දාලා ඉවරයි..."

..........

"මගේ ජීවිතේට ඕනා තරම් අලුත් අය එයි.. යයි...ඒත්...දුක් විදලාම...අම්මගෙ ජීවිතේ දැනටමත් එක තැන නැවතිලා...කවුරු ආවා ගියත් එයාට එයාගෙ දරුවෝ තරම් වටිනා වැදගත් කෙනෙක් කවදාවත් මුණ ගැහෙන එකක් නෑ....අලුතින් අය ආවත්...ඒ එන දාහක් දෙනාට වඩා...මං දන්නවා...මගේ අම්මා මං ගැන විස්වාසෙන් බලන් ඉදි..."

.........

"ඉතිං මට ඕනා නෑ...එයාගෙ බලාපොරොත්තු බිඳලා...එයාගෙ හිනාව තව දුරටත් උදුරා ගන්න..."

..........

"එයාව සතුටු වෙන්න දෙයක් කරන්න පුළුවන් කෙනෙකුට ඉන්න පුළුවන් මං විතරක්ම බව දැන දන මාට ආත්මාර්ථකාමි වෙන්න බෑ සර්..."

...........

"මොකද ඒ මගේ අම්මා...."

මං මුහුද ලග ඇස් තියන් නැවතිල්ලේ කරපු පැහැදිලි කිරිම එයා සද්ද නොකරම අහන් උන්නා වෙද්දි මං ආපහු හැරිලා එයා දිහා බලද්දී හැඟීම් ගොඩක් හිර කරන් උන්න ඒ මූණේ මගේ බැල්මත් එක්ක, එයාට ඕනා උණ උත්තරේ ලැබුණා වගේ සැනසීම පිරුණු හිනාවක් ඇදිලා යද්දී එයා මාව අත්දෙකෙන්ම මිරික ගන්න ගමන් මගේ ඔළුවෙන් තොල් තද කර ගත්තා...

........

........

"එතකොට...ආදරේ කියන්නේ මොකක්ද කිරුළු...

......

"මං කියන්නේ ඒක දැනෙන්නෙ කොහොමද... අපි කොහොමද දැන ගන්නෙ...අපි කෙනෙකුට ආදරේ කරනවානම්...."

ඉතිං ආදරේ විස්වාස නොකරන කෙනෙකුට...එකපාර ආදරේ ගැන දැනගන්න ඕනා වෙලා...නිහඬවම ගත උණ මොහොතකට පස්සෙ එයා ආපහු අහපු ප්‍රස්නෙ එක්ක මං කලින් වතාවටත් වඩා පුදුම උණා...එයා බලාපොරොත්තු උණ උත්තරේ මොකක් උණත්...මේ විදිහට හරි එයා ගැන තියෙන අවංක හැඟීම එළියට දාන්න මට ලැබුණේ අවස්ථාවක් වෙද්දි මං එයා එක්ක හිනා උණා..

".....ආදරේ කියලා දැන ගන්නෙ කොහොමද නේද...."

"ම්ම්ම්...."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now