👑🌺 කිරුළ 30 🌺👑

Ξεκινήστε από την αρχή
                                    

"සමාව ඉල්ලන්නවත් අමුතුවෙන් අමතක කරන්න දෙයක්වත් නෑ සර්...ඔයා දැනටමත්...ඒ දේවල් ගැන මතකයක්වත් නොවෙන්න ගොඩක් ලස්සන මතක මට දීලා ඉවරයිනේ.."

ආපහු එකට ඉන්න මාස ගාණට හිතා මතාම වගේ අපි දෙන්නම මඟ ඇරපු මාතෘකාවක් එයා මේ අන්තිම මොහොතේ ඇද ගද්දී..මං පුදුම උණත්..මං මට දැනෙන අවංකම හැඟීම වචන කරා...

"...එහෙම කරන්න ඕනා උණේ නෑ මට..ඔයා හැම වෙලාවේම..මගෙන් දුරක් තියා ගන්න හදනකොට..ගොඩක් රිදුණා මට..ඔයාව දාලා යන්න ඕනා කියලා හිතෙද්දි..මටම හිතාගන්න බැරි උණා..මට මොනා වෙනවාද කියලා..ඒ වෙලාවට..මට හිතුණේම..මං උණ පොරොන්දු කඩලා..සීමා බිඳලා..මේ ඉන්නවා වගේ ඉන්න බලෙන්ම හරි ඔයාව ලංකරගන්න...මං..මං බය උණා මං ගැනම..මගෙන් ඔයාට වැරද්දක් වෙයි කියලා බය උණා..ඒ දවස්වල...දේවල් තිබුණ හැටියට..මට ඒ දේවල් ඔයා එක්ක කතා කරන්න හිත හදාගන්නත් බැරි උණා...මං..මං..ඔයාට රිද්දුවට...ඊට වඩා..මට රිදුණා බබා.."

"මටත් රිදුණා තමා ගොඩක්..ඒ..ත් මං දැනගෙන හිටියා සර්..ඔයාට හේතුවක් ඇති කියලා."

"ඒ..තරම් මාව විස්වාසද..."

"විස්වාස..ඒ විස්වාසේද වෙන දෙයක්ද කියන්න මට තේරෙන්නෙ නෑ..ඒත් ඔයා කලින් දීපු ලස්සන මතක නිසා මට දරාගන්න පුළුවන් උණා."

විස්වාසේ...මට ඒ දේවල් ඒ තරම් අමාරු උණෙත් දරා ගන්න පුළුවන් උණෙත් විස්වාසේ නිසා විතරක්ම නෙමෙ..ආදරේ නිසාත් වෙන්න ඇති කියන්න ඕනඋනත් මං මගේ හිතට එකඟ නැතිව උණත් කොහේටවත් නැති උත්තරයක් දුන්නා..

"හ්ම්..මොකක්හරි...හැමදාම ඒ හැඟීමෙන් මාව ඉවසානවාද බබා..හැමදේම දරාගෙන ඉන්නවාද..ටික කාලෙකට.."

"ඔයා මොනා ගැනද කියන්නේ සර්.."

.........

.........

"ම්ම්..මෝ..මොකුත් නෑ.."

.........

"ඔයා ආයි එද්දී... වෙනස් වෙලා තියෙ..යිද බබා.."

කලින් ප්‍රස්නෙත් එක්ක ටික වෙලාවක් සද්ද නැතිව උන්න එයා ලොකු සුසුමක් හෙළලා මොකුත් නෑ කිව්වත් ආයි අහපු ප්‍රස්නෙ නිසා මගේ පපුව හිරවෙනවා වගේ දැනුණා...කිව්වත් වගේ නිදහසේ උන්න එයාගෙ ඔළුවට මං ඕනවාටත් වඩා දේවල් දාලා එයාගෙ සැනසීමත් නැති කරලදෝ කියලා ආයි හිතෙද්දි..ඊයේ එයා කියපු සමහර දේවල් එයාගෙම හිතට වද දෙනවාදෝ හිතෙද්දි..ඊටත් වඩා ඊයේ උණ දේ නිසා මං සතුටින් හිටියත් එයා ඉන්නෙ අවුලෙන්ද කියලා හිතෙද්දි ,හිතට මහ වරදකාරි හැඟීමක් එබිකම් කරන්න ආවත් මේ වෙලාවේ ඒ වගේ හැඟීමක් ආයි හිතට එන්න ඉඩ දීලා එයාව තවත් අවුල් කරලා මටත් අවුල් වෙන්න ඕනා උණේ නැති නිසා මං ඉක්මනින්ම ඒ හැඟීමට අගුලු දාලා එයාගෙ අතේ එල්ලිලා හිනා උණා..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα