Chapter 4

127 27 22
                                    


ඒ මිනීමරුවාය.

ඒ රූපවාහිනියේ පෙන්නු මිනීමරුවාය. දැන් යීබෝට එය විශ්වාසය. යීබෝ මිනිත්තු 20ක් තිස්සේ ඒ මිනිසාව ලුහුබැඳ ආ අතර දැන් ඔවුහු ජනශූන්‍ය ප්‍රදේශයකට ලඟා වී ඇත.

යීබෝ කුඩා දරුවකු වූ කාලයේදී මේ ප්‍රදේශය ඔවුන්ගේ නගරයේ වඩා සංවර්ධිතම කොටස විය. නමුත් අධිවේගී මාර්ගය මෙයින් බොහෝ ඈත ගොඩනගන ලද නිසා මේ ප්‍රදේශයේ සිටි බොහෝ ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර ස්ථානය අධිවේගී මාර්ගය ආසන්නයට රැගෙන ගිය අතර මේ ගොඩනැගිලි සියල්ල අතහැර දැමුවහ.

ඒ තරුණියට මේ පාලු ප්‍රදේශයේ ඇවිද යාමට හේතුවක් තිබීය. මේ මාවතේ ගමනාන්තයේ කුඩා නිවාස කිහිපයක් තිබුණ අතර ඇය ඉන් එකක ජීවත් විය. කෙසේ නමුත් මේ ශරීර කූඩුවම තිබෙන පිරිමියෙක් ඒ එක නිවසකවත් අද ජීවත් නොවන බව ‍යීබෝ හොදාකාරවම දැන සිටියේය. කඩයක් වත් නොතිබුන මේ පාර ප්‍රධාන මාවතකට රැගෙන යන කෙටි මාර්ගයක් ද නොවූයේය. ඉතින් මේ මිනිසාට මෙහි ඇවිද යාමට හේතුවක් නැත.

ඒ මිනිසා යීබෝට සිතාගත නොහැකි හේතුවක් තිබුන සාමාන්‍ය මිනිසෙකු වීමට ද හැකිය. නමුත් යීබෝ කිසිම ආකාරයේ අවදානමක් ගැනීමට සූදානම් නොවීය.

ඒ මිනිසා මතම දෑස් තබා ගත් යීබෝ ඔහුට මීටර පනහක් පිටුපසින් ඇවිදින ගමන් තම ජංගම දුරකථනය සාක්කුවෙන් ඉවතට ගත්තේය. ගාගාගෙ නම්බරය එහි කෙටූ යීබො දුරකථනය කනේ තබා ගත්තේය. එසේ කරමින් අර මිනිසා ගමන් කරන වේගයෙන්ම ගමන් කළේ ඔවුන් දෙදෙනා අතර පරතරය එක සමානව තිබෙන ලෙසය.

ගාගාගේ දුරකථනය නාද වන්නේය. නමුත් ගාගා ඊට පිළිතුරු නොදුන්නේය. යම් වේලාවක් නාද වුන එය ඉබේම නතර විය. ඉතින් ආයෙත් ඒ නම්බරය කෙටූ යීබෝ නැවතත් ඔහුට අමතන්නට විය. එය නාද විය. නමුත් ආයෙත් ඉබේම නතර විය. ආයෙත් යීබෝ ඇමතුවත් එහි වෙනසක් නොවීය.

තරුණිය පසුපස හෙමිහින් ඇවිදි ගිය මිනිසා වංගුවකින් හැරුනේය. එබැවින් යීබෝට තවදුරටත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් දැක ගැනීමට නොහැකි විය. ඔවුන්ව දැකීමට නම් ඔහුටත් වංගුවෙන් හැරෙන්නට සිදුවනු ඇත.

චන්ගා සුරදූතයෙක් නෙවෙයි...!!!Where stories live. Discover now