Chapter 2

121 24 10
                                    

Seanගා ඇත්තෙන්ම වැඩි දියුණු වී ඇත. සංගීතයට නටන Sean ව දකින විට යීබෝ සිතුවේ එලෙසයි. රඟපෑමද, මෝස්තර නිරූපණයද , පෝටෝ ශූට් සහ සංගීත වැඩසටහන් අතරම නැටුම් පුහුණුවීමට වෙලාවක් සොයා ගන්නවා තියා යීබෝ හමුවීමට පැමිණීමට වෙලාවක් සොයා ගත් අයුරුද පුදුමාකාරය.

Sean යනු මීට වසර කිහිපයකට පෙර ප්‍රසිද්ධියට පත්වූ චිත්‍රපට නළුවෙකි. ඔවුන් හමුවූ මුල් කාලයේ Sean නව නළුවෙක් වූ අතර ඔහුගේ ප්‍රථම චිත්‍රපටය රූ ගත කරන ලද්දේ යීබෝගේ නගරයේය. ඒ රූගත කිරීම් අතරතුර ම සංගීත වැඩසටහනකට සහභාගි වීමට සිදුවූ Sean ට ඒ සඳහා නර්තනය පුරුදු පුහුණු වන්නට සිදුවිය. ඉතින් වඩාත් පහසු ලෙස ඔහු මේ නගරයෙන්ම පුහුණුකරුවකු සොයා ගැනීමේ අරමුණෙන් මේ නර්තන නිකේතනයට පැමිණි අතර යීබෝ හා Sean එලෙස හමුවිය.

ඇත්තෙන්ම Sean යන්න ඔහුගේ සැබෑ නම නොවීය. ඔහු ඒ නර්තන නිකේතනයට පැමිණි බව රහසේ තබා ගැනීමට සිදුවූ අතර Sean එහි පැමිණෙන බව දැන සිටියේ ආයතනයේ අධ්‍යක්ෂකවරයාද Sean ගෙ පුහුණුකරු ලෙස පත් කර තිබූ යීබෝ ද පමණි. ඉතින් පහසුවෙන් ඔහු ගැන කතා කිරීම සඳහා ඔහුට Sean ලෙස නම් තබා තිබූ අතර ඉන්පසුවත් යීබෝ ඔහුව Seanගා ලෙස ඇමතීමට පුරුදු විය.

යීබෝ Sean ට වෙනමම නර්තනය පුරුදු කළ අතර ඒ නිසාම ඔවුන් දෙදෙනා සැදෑවරුවන් එකට ගත කළහ. යීබෝ තමාට ප්‍රසිද්ධ නළුවෙකු ලෙස නොව තවත් එක් ශිෂ්‍යයෙක් ලෙස සැලකූ නිසා Sean ඔහුට කැමති වූ අතර මේ කියන Sean යීබෝගේ ගාගා වගේම මිනිසෙකු වූ නිසා යීබෝ ඔහුට කැමති විය.

ගාගා මෙන් ඔහුත් කාරුණික, ඉවසිලිවන්ත සහ ආදරණීය පුද්ගලයකු වූවා ලෙසම යීබෝගේ ගාගා මෙන්ම ඔහුත් යීබෝට ඉතා හොඳින් සැලකුවේය.

Sean ඔහුගේ රූගත කිරීම් අවසන් කර නැවත අග නගරයට යන විට Sean සහ යීබෝ අතර හොඳ වෘත්තීය සබඳකමක් ඇතිවී තිබුණි. කෙසේ නමුත් Sean යීබෝට මිතුරෙකුට වඩා වෙනස් ලෙස සැලකූ බව හැඟුණ අවස්ථාද නොතිබුනාමත් නෙවෙයි.

Sean යීබෝ දෙස හොරෙන් බැලූ අවස්ථාද යීබෝ ඔහුව දුටු විට ලැජ්ජාවෙන් අහක බැලූ අවස්ථාද එමටය.

යීබෝගේ එක උපන්දිනයක්වත් අමතක නොකළ ඔහු මිල අධික lego set ඔහුට තිළිණ කරන්නේය. ඔවුන් රෑ වනතුරු පුහුණු වීම් කරන්නේ නම් යීබෝව ගෙදරට ගොස් ඇරලවීමට ඔහු ඉදිරිපත් වන්නේය. ඒ වගේම මෙවැනි ඇතැම් වතාවල නර්තන පුහුණුවීම් පිළිබඳව බොරු හේතුවක් සාදා ඔහු යීබෝ බැලීමට පැමිණෙන්නේය.

චන්ගා සුරදූතයෙක් නෙවෙයි...!!!Where stories live. Discover now