Chapter 3

105 21 31
                                    


වන්ග් යීබෝ මේ නගරයේ උපත ලබා මේ නගරයේම හැදී වැඩුනේ ගොවිපලක් හිමිව සිටි දෙපළකට දාවය. ගොවිපලට අමතරව ඔවුන්ගේ නිවස ඉදිරියේ supermarket එකක් තරම් විශාල නොවුනත් එලෙසම බොහෝ බඩු භාණ්ඩුවලින් පිරී තිබිණ කඩයක්ද පවත්වාගෙන ගියේය. යීබෝගේ තාත්තා ගොවිපළ බලා කියා ගන්නා විට අම්මා විසින් ඔවුන්ගේ කඩය බලා ගත්තාය.

ඔවුන් ජීවත් වූ ඒ නගරය කුඩා ගමකට සමාන විය. එහි සිටි සෑම පිරිමියාද කාන්තාවද මහන්සි වී උදේ හවා වැඩ කළ අතර කිසිම අපරාධයක් ඒ ස්ථානයේ සිදු නොවීය. සෑම මිනිසාගෙම දවස නිශ්ශබ්දවත් සාමකාමීවත් ගෙවී ගියේය.

එසේ නමුත් ඒ නගරයේම උපත ලබා ඒ නගරයේම වැඩිවියට පත් වූ ඒ වයසක දෙපලට නම් නිශ්ශබ්ද සාමකාමී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව නොලැබුනේ ඔවුන්ගේ ආදරණීය එකම පුතු වන්ග් යීබෝට පින් සිදු වන්නටය.

යීබෝ බොහෝ සතුටින් සිටි, විශාල කුතුහලයකින් පෙලුන, දීප්තිමත් දරුවකු විය. නමුත් ඒ ගතිගුණවලට පුංචි දඟකාරකමත් එකතු වූ විට සියල්ල අනිත් පැත්තට හැරෙන්නට පටන් ගත්තේය.

මාස කීපයකට වඩා වැඩි වයසක් නොතිබුන යීබෝ බාබාගෙන් දෑස් ඉවතට ගෙන විනාඩියක්වත් ගත කිරීමට ඒ දෙපළට නොහැකි විය. එක වතාවක් ඇඳ මත තබා අම්මා මොහොතකට කාමරයෙන් පිටව ගොස් නැවත එන විට ළදරුවා අතුරුදහන්ව ගොස්ය. එදා

ඔහුගේ අම්මා ගිරිය කඩාගෙන කෑගැසුවේ ඇගේ එකම පුතු සොරකම් කරලා යැයි සිතාගෙනය. නමුත් ඔවුන් ඔහුව පසුව සොයාගත්තේ ඒ නිවසේ සාලය තුළදීමය.

ඇවිදින්නටවත් දණගාන්නටවත් බඩගාන්නටවත් බැරිවීම ළදරු යීබෝට ගැටලුවක් නොවීය. ඒ බෝල දරුවා රෝදයක් සේ ඇඳෙන් පෙරළී පෙරළී ගොස් සාලය දක්වාම පෙරළී ගිහින් සිටියේය. එසේ වුණත් ඔහුගේ දෑස් වල නං බියක සේයාවක්වත් නොවීය. බොරුවට වත් හැඩුවේ නැතිය. ඔහුව සොයාගන්නා විට ඔහු දොරෙන් පිටතට රෝල් වීමට වෑයමක සිටියේය.

ළදරු යීබෝ ඇවිදින්නට පටන් ගන්නා විට පියාපත් ලැබෙනවාට වඩා වෙනසක් නොවීය. අර පුංචි ඩයිපර් එකත් ඇඳගෙන බෝල කකුල් වලින් හැම තැනම දිවගිය යීබෝ තවත් දුවන්නට තැනක් නැති වූ කල වැට මායිමෙන් රිංගා අල්ලපු ගෙදරටත් දිව ගියේය. වසර ගණනාවක් ගෙවී ගියත් ඒ අල්ලපු නිවසේ තිබූ සිමෙන්ති පාරක පුංචි පුංචි අඩි සටහන් අදටත් දක්නට ඇත.

චන්ගා සුරදූතයෙක් නෙවෙයි...!!!Where stories live. Discover now