හත්වන කොටස

Start from the beginning
                                    

"අනේ..."

ආකූ කියන්න දන්නෙ එච්චරයි... අනේ කියාගෙන පපුවට තුරුළු වෙන එක... ආකූ කියන්නෙ හරියට පිරිසිදු වතුර එකක් වගේ... එයා හැගීම් හිර කරගෙන ඉන්න දන්නෙ නෑ වගේම එයාගේ මූනෙන් එයා හිතන දේවල් තේරෙනවා... මට ඕනි ඒ කොල්ලාව... මට ආදරේ කරන්න පුළුවන් ඒ කොල්ලට විතරයි...

මං හිමීට එයාගේ හිස් මුදුනට හාදුවක් තිබ්බා...මං එයාගේ මූන පිරෙන්න හාදු තිබ්බත් මං තවම ඊට එහා ගිහින් නෑ... වැරදිලා මගේ අත එයාගේ ඉනේ වැදුනත් එයා ගැස්සෙනවා මට තේරිලා තියෙනවා... රෑට නිදා ගනිද්දි එයා කැමැත්තෙන් මං ලගට ඇවිත් තුරුල් වෙන නිසා මම එයාව බදාගෙන නිදා ගන්නෙ...

මගේ අත්වලට ආකූව ඕනිවටත් වඩා ගැලපෙනවා.. ඒ පොඩි ඇග මගේ ඇගත් එක්ක බලද්දි පරස්පර උනත් මගේ අත්වලට ඒ ඇග ගානට මැච් වෙනවා... ආකූට මාව දරා ගන්න බැරි වෙයි කියලා හිත රිදෙන අවස්ථාත් නැතුවම නෙවෙයි... බලමු අපි... එයාට මාව දරා ගන්න බැරි උනත් මං එයාට බලපෑම් කරන්නෙ නෑ...

මොකද මං එයාට ආදරෙයි...
.
.
.
.
.
.

තවත් දවස් දෙකක් ගෙවිලා ගියේ අපි දෙන්නාව ටිකක් ලං කරලා... දවස් හතරක් තිස්සෙ අපි ගෙදරම ඉදපු නිසා මම ජෝට කතා කරලා ඌ ඉන්න අපාර්ට්මන්ට් එකට එනවා කිව්වා... ආකූව නිකන් වාහනේක අරගෙන යන එක safety නැති නිසාම මං තාත්තට කතා කරලා බොඩිගාඩ්ලා එක්ක වාහනයක් ඉල්ල ගත්තා... ආකූව පරිස්සම් කරන්න ඕනි... එයාගේ නමට තාත්තා ඉන්නේ හරියට තුවාල උන කොටි දේනුවක් වගේ නිසා ආකූගේ ආරක්ශාවට මං ගෙදර අවටත් බොඩිගාඩ්ලා දැම්මෙව්වා... ආකූට සීරීමක් වත් වෙනවට මං කැමති නෑ කොහොමත්... මගේ තාත්තා අම්මා ලගට ආකූව එක්කගෙන යන්න ඕනිකමත් මේ ඉදපු දවස් හතරට සෑහෙන හිතුනත් මං ඒ වැඩෙත් පස්සට දැම්මා... තව ටික දවසක් බලලා එයාව අරගෙන මගේ ගෙදර යනවා...

"ඇලේ... "

"ම්ම්ම්... "

"යමු... මං ලෑස්තියි..."

සාලේ ඉදන් මුහුද දිහා බලාගෙන ඉදපු මම සම්පූර්ණයෙන් ආකූ දිහාවට හැරුනා... සුදු ශර්ට් එහෙකට ලා දුඹුරු පාට දිග කලිසමක් ඇදලා ඉන්න ආකූගෙන් මම දැක්කෙ නිවුන ලස්සනක්... කන් දෙපැත්තෙන් කඩාගෙන හැලෙන පොඩි කොන්ඩෙත් එක්ක එයා හරි පිංකාරයි... මට මාවම පාලනයක් නැතුව එයා ලගට ගිහින් මම බෙල්ල මුල නහය තියලා හොද හුස්මක් ඇදලා ගත්තා... එයා ගාව පොඩි ලමයි ලගින් එන සුවදක් එන්නෙ... මං ආසම ඒ සුවදට...

කාබේරි (Complete Non Ff)Where stories live. Discover now