දහතුන්වන දිගහැරුම 🔅

Start from the beginning
                                    

#හැමදේම හරියයි .!
#මාව අහන් ඉන්න ඩයරියට කතා කිරීමේ ශක්තිය ලැබේවා !.
#මට කෙල්ලෙක් සෙට් වේවා !

                                        2024-01-28

____________________________________










"සෙනායා වරෙන් ඇතුලට හිමංස එන්න ඇතුලට....... කේශානයා ඔය ටීවී එකේ සද්දෙ අඩු කරහන් අවලමෝ .කන කටේ දාන්න්ද ඉන්නෙ උබ "

හොද පිලිගැනීමක් උනත් අන්තිම ටික කිව්ව සද්දෙට කන කීං ගෑවා වගේ.කතා උන විදියට අපි අද ස්කූල් ගියේ නෑ දවස් දෙක තුනකට හරියන්න ඇදුම් අරන් තේජාන්ලහ ආවා.
එනකොටත් කේශානුයි ඩිලානුයි ඇවිල්ලා.
මේන් රෝඩ් එකෙන් හැරිල එක දිගට ගෙවල් නැති පාර කිලෝමීටර් බාගයක් විතර ආවම සිමෙන්ති ගල් අල්ලපු සමගි මාවත කියල ගහපු තනකොල වවපු පාත්තියේ ලොකු ගල  හම්බෙනො. ඒ හරියම තනි කොල පාටයි.පහු කරන් ආව කිලෝමීටර් බාගෙට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් ඒ හරියෙ තීන්නෙ.ඇයිද මන්දා ස්විස්ලන්ඩ් මතක් උනා මට ඒක දැක්කම.හැරෙන්න කොහෙන්වත් නෑ කෙලින්ම පාර දිගටම තිනවා.පහු කරපු හැම ගෙයක්ම මාරම ලස්සනයි . ඒවා සුඛෝපභෝගී කියන්න පුළුවන් ඒත් ඒවා බැලූ බැල්මට හරි සරල ගෙවල් වගේ.හැම ගෙයකම පාක් කරපු හොදම වර්ගෙ කාර් තිබ්බා.හරිම නිස්කලංක පරිසරයක්. උස ගේට්ටු නෑ .ඉන ගාවට වෙනකන් තීන ලී වැට.ලී උනත් ඒවගෙත් තීන්නෙ ඩීසන් ලුක් එකක්. එක ගේක නෙවෙයි හැම ගෙයක්ම එක වගේ පේන්නෙ.වැට දිගේ එක එක ජාතියේ වැල් වර්ග යවල.ගෙයින් ගෙට එකම ජාතියේ ගස් නොතිබ්බත් හැම ගේකම වගේ රතු හෝ රෝස ලොකු මල් පිරිච්ච බෝගනවිලා ගස් .මේක ඇත්තටම නිකන් නේචර් එක ෆෝකස් කරන් ෆොරෙන්‍ස්ලටම විතරක්  හදපු හොටෙල් විතරක් තීන ලේන් එකක් වගේ.තේජාන්ලගෙ ගෙදරත් වෙනසක් නෑ .ලී වැටේ එක එක ජාතියේ වැල් .මල් නෙවේ එවගෙ කොල පිරිලා.හොද සාත්තුවක් දෙන්න ඕන ඇති. තේජාන්ගෙ අම්මට වැඩ එක්ක කොහෙන් වෙලාවක් තීනවද මන්දා.
ස්නේහගෙ ගෙදර තේජාන්ලගෙ ගෙදරට කලින් තීන් තුන්වෙනි ගෙදර .ඒකත් පුදුම තරම් ලස්සනයි . වහලෙ පවා මල් වැල්.ස්නේහගෙ අම්ම ගෙදරත් නැතුව ! පිටින් සිරියාව පිරුණු ගෙයක්.!

කොහොම හරි අපි එන නිසා සෙනසුරාදත් කොහොමත් නිවාඩු නිසා තේජාන්ලගෙ අම්ම නිවාඩු දාලා.
නංගිලා දෙන්න ක්ලාස් ගිහිල්ලලු.මන් එන වගක් තේජාන් කියල නෑ .අද දෙන්නගෙ බර්ත්ඩේලු ඒක රෑට සෙලිබ්‍රේට් කරනවලු සප්‍රයිස් කරන්න ඕනෙ නිසා කියල නෑ.අපි ගෙදරින් එද්දි දහය පහු වෙලා . නංගිලා දෙන්නට ක්ලාස් තීන්නේ ටිකක් දුර නිසා තේජාන්ලගෙ තාත්ත ගිහිල්ලා .වයලින් ක්ලාස් එකක්ලු.

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now