හතලිස් හත්වෙනි දිගහැරුම ❄️

1.7K 331 57
                                    

"රන් පොකුණට දැන් ආමි..
රන් සළු පිළි ගෙන ආමි
රන් කළයෙන් දිය නාමී
රාජ කුමාරී මං..."

පහන්‍යා ඉස්කෝලෙ නැටුමකට අදින්න තිබ්බ දිග සාය ඇදන් ඉද්දි එයාව වටයක් කරකලා ශාධිත්‍ය සිංදු  කියනවා වතිල බලන් ඉන්නවා..

පහන්‍යාත් ශාධිත්‍ය සිංදුව කියද්දි ඒකට ගැලපෙන්න ලස්සනට රගපානවා...

වතිල පොත කියවන්න දාගත්තු කණ්ණාඩිය ගලවලා පහන්‍යා දිහාට හැරුණේ ශාධිත්‍ය දිහාත් ඇස්කොණෙන් බලලා..

"කට කැඩි කලයයි ගෙනෙන්නේ...
වැරහැලි රෙද්දයි අදින්නේ...
කොයිබද උදයෙම දුවන්නේ..
රොඩී කෙල්ල වාගේ.....

වතිල කට කොණක හිනාවක් එක්ක කියද්දි පහන්‍යාට සිංදුව තේරුණේ නැතත් ඒක අපහාසයක් කියලනං තේරුණා.....

"අප්පා!! ඩැඩි මට රොඩී කෙල්ල කීවා...."

සිංදුවත් අමතක කරලා පහන්‍යා අඩිය හප්පලා කෑ ගහද්දි ශාධිත්‍ය හිනාවෙවී පහන්‍යාව වඩාගත්තා...

"ඒකනෙ... ඩැඩී ඔහොමමයි... හැමවෙලේම අපි දෙන්නට එක එක කතා කියනවනෙ...."

වතිල දෙන්නගෙ හුරතලේ දිහා බලාගෙන ආපහු පොත අතට ගත්තා...

කට්ටියම භාතියලගෙ ගෙදර ගිහින් ඇවිත් සති දෙකක් ගිහින්... භාතිය ආයෙත් වැඩ කරන්න නං ආවෙ නෑ... ඒත් හැම ප්‍රශ්නයක්ම විසදිලා , භාතියගෙත් හිත හැදුණු එක ලොකු දෙයක්...

නෙහාන් නං සතියකට සැරයක්වත් ගමේ ගිහින් එනවා භාතිය බලලා එන්න... භාතිය තව මාස හතර පහකින් කැම්පස් ගියාම ඉතිං නෙහාන්ට ගමට වෙනුවට කොලඹට යන්න වෙනවා...

එක අතකට නෙහාන්ට ටිකක් මහන්සි වෙන්න වෙන එක හොදයි...
එයා භාතියව රිද්දපු හැටියට එහෙම දඩුවමක් හරි ලැබෙන්න එපැයි....
ඒත් නෙහාන් භාතියට ඇත්තටම ආදරෙයි කියලා වතිලට දැනෙනවා...
හැමෝම සතුටින් ඉන්න එක ගැන වතිලට සැනසීමයි...

ඒ පහුගිය දවස් ටික වතිලටත් හරි අමාරු දවස් ටිකක්...සමහර වෙලාවට එයාට ශාධිත්‍යගෙන් අඩියක්වත් දුරට යන්න බැරි ගතියක් දැනුනා...
පහන්‍යා එක්කවත් ශාධිත්‍යව බෙදා ගන්න බැරි ගතියක් දැනුනා...
තවත් සමහර වෙලාවට එයාට හැමෝවම එපා වුණා.... ශාධිත්‍යව පවා....
එයාට නොපෙන්නුවට ශාධිත්‍යත් එයාගෙ සමහර වචන වලට හිත රිද්දගත්තා කියලා වතිලට තේරුණා...
ඒක හිතද්දි එයාට තවත් එයාවම එපාවුණා....

අපූර්ව ✔️Waar verhalen tot leven komen. Ontdek het nu