හයවෙනි දිගහැරුම

1.8K 327 39
                                    

අතීතය ( 2012) ❤️

එදා ඉරිදා දවසක් .... ටිකක් සීතල අඩු රස්නෙ දවසක් කියන්නෙ ඉතිං මෙහෙ මිනිස්සුන්ට හරි සනීප දවසක්.......
එදා ඉර මුදුන් වෙලා......මීදුම ගතියත් ගිහින්.....කුරුල්ලොත් පියාඹනවා...
උනුත් සතුටින්ද කොහෙද...

අපූර්ව ට නං සොබා සෞන්දර්යය දිහා බලන්න වෙලාවක් තිබ්බෙ නෑ......
එයා බංගලාවෙ මිදුලෙ මල් පාත්තියක් කොටනවා......

උදැල්ලෙන් සීරුවට පස් කපලා පාත්තිය හදලා උඩින් පොහොර දාලා රෝස අතු හිටවලා වතුර දාන එක අපූර්ව කරන්නෙ වතාවතක් වගේ... අපූර්ව ට අත් ගුණේ තියෙනවලු.... මංගලිකා නෝනා හිනාවෙවී කියනවා......

අත් ගුණේ නෙවෙයි...ඕනම දෙයක් උනන්දුවෙන් කරාම ඉතිං ඒක සාර්ථක වෙනවා...ඒ තමා අපූර්වගෙ දැක්ම...

"මාත් උදව් කරන්නද අප්පා....නිකං ළමාතැනී වගේ ඉදන් ඉන්න පුලුවන්ද මෙහෙම..."

"අනේ මේ....පන්සිළු මහත්තයා පාඩුවේ ඉන්ඩ...මට බැනුම් අස්සන්නද උවමනාව....."

"අයියෝ...... ඒත් මටත් උදව්වක් කරන්න ඕනේ...මාත් කොල්ලෙක්නෙ..ඔයා වැඩ කරදිදි මම ඉදන් ඉන්න ලැජ්ජයිනෙ.."

අපූර්ව උදැල්ල බිම තියලා අත් දෙකත් ඉණට තියාගෙන  පාත්තියට එහා පැත්තෙ පිල් කඩ උඩ ඉදගෙන ඇඹරි ඇඹරි හිටිය පන්සිළු දිහාවට හැරුණා...

අපූර්ව ගෙ කොණ්ඩේ අව්වට දිලිසෙනවා.... ෂර්ට් එකක් නැති ළා දුඹුරු උඩ ඇගේ ලාවට මතු වේගෙන එන මස්ගොබ පීදිලා පේනවා...

කොට ෂෝර්ට් එකේ ගෑවුණ පස් පිහලා දාලා අපූර්ව පන්සිළු ළගට ගියා..

"මහත්තයට ඔච්චර ආස නං කරන්න දෙයක් තියෙනවා...."

"මොකද්ද...."

"අර මේ..... "

අපූර්ව ට කියන්න ලැජ්ජයි....

අර වතිල මහත්තයා හැම වෙලේම කන්නෙ... අර සත්තුන්ගෙ හැඩේට හදපු ජෙලි වගේ දෙයක්.... අන්න ඒවා මොනාද කියන්නකො...."

අපූර්ව කීවෙ ලැජ්ජාවෙන් වගේ..

අපූර්ව ගෙ සාක්කුවේ තියෙන ගඩාගෙඩි වගේ සින්නදොරේගෙ සාක්කුවේ තියෙන්නෙ අර රතු පාටයි කොලපාටයි වලස්සු වගේ කෑමක්..

අපූර්ව ✔️Wo Geschichten leben. Entdecke jetzt