අපේ නීති වලට අනුව අපි තීන්දුවක් දීපු කෙනෙක් ලග රැදෙන්න පුලුවන් උපරිම පැය 6 ක් විතරක් නිසා මම එතනින් ආවා පැය 6ක් යනකොට ..

ඒත් මම එතනින් අයින් වෙනකොටත් එයා සුව වෙමිනුයි හිටියේ .."

💜️" මොකද්ද එහෙනම් වෙන්න ඇත්තේ ..? "

කණ්ඩායමේ සෑම කෙනෙක් ම මේ ප්‍රශ්නය විසදන්න ක්‍රමයක් කල්පනා කලද හවස් වන තුරුම මෙයට උත්තරයක් නම් ලැබුනේ නෑ .

💜️"දැං ඔයාලා ගෙවල් වලට යන්න .. අපි මේගැන හෙට උදේම හොයලා බලමු .."

කණ්ඩායම විසුරුවාහැර JK , SUGA සමගින් තමාගේ ගෙදරට යන්න පිටත් උනේ SUGA ත් දැන් ඔහු සමගම සිටින නිසා .

💜️" SUGA .. ඔයා මට වඩා කාලයක් මරණයේ දූතයෙක් වෙලා හිටියානේ .. මේවගේ දෙයක් කලිනුත් වෙලා තියෙනවාද ..?"

🖤" ම්ම් .. ඔව් .. මේවගේ දෙයක් මීට කලින් එකම එක පාරක් වෙලා තියෙනවා .."

💜️" කවුද ඒ මරණයේ දූතයා .. මට එයාව හම්බෙන්න ඕනෙ .."

🖤" එහෙනම් අපි හෙට උදෙන්ම NAMJON ව හම්බෙන්න යමු .."

💜️" මො .. මොකද්ද .. ඔයා දැන් කියපු ඒ නම ..?"

🖤" NAMJOON .. ඇයි .. ?"

💜️" න් .. නෑ .. මු .. මුකුත් නෑ .. අපි යමු හෙට උදෙන්ම එයාව හම්බවෙන්න .."

JK NAMJOON ගේ නම ඇසූ පමනින් කලබල වූයේ ඔහු මිනිසෙකුව සිටි කාලයේදී , ඔහුගේ ලගින්ම සිටි මිතුරාගේ නමත් NAMJOON වූ නිසාය .

නමුත් ඔහු එය SUGA ට නොපැවසුවේ එකවගේ නම් ඇති අය ලෝකයේ ඕන තරම් සිටිය හැකි නිසාවෙනි .
..........................................................................

💜️" ඔයා දන්නවද NAMJOON දැං ඉන්න තැන ..? "

🖤" මම දන්නේනම් නෑ .. නමුත් අපිට පුලුවන් ඒ ගැන BLACK CASTLE එකෙන් අහන්න .. මට බෑ ඒත් ඔයාට පුලුවන් .. "

💜️" හොදයි මම අහන්නම් .."

..........................................................................

පසුදා උදෑසනම NAMJOON සෙවීමට පිටත් වුනු JK හා SUGA නැවතත් BLACK CASTLE එකට ගියා .

💜️" වැඩේ හරි .. මට එයාගේ ගෙදර ඇඩ්‍රස් එක හම්බුනා .."

එසේ කියමින් SUGA වෙත පැමිණි JK ලිපිනය ලියා තිබූ කොලය දිගහැර එය SUGA ට පෙන්වමින් , ඒ ලිපිනය සහිත නිවසට යන්න පිටත් උනා .

🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎Where stories live. Discover now