" දානවා තමුන්ගේ ඔය මහලොකු වැඩේ බල්ලට .."

එහෙම කියමින් මල්ලි මගේ මේසේ උඩ මම ලිය ලිය හිටපු පොත් ටික විසික් කරලා දැම්මා .

ටික වෙලාවක් හිටපු මම පුටුවට හේත්තු වෙලා මල්ලිගේ ඇස් දෙක දිහා කෙලින් බලුවා .

" කලින් ගොබ්බයා වගේ හිටපු එකා දැං මේ කොහෙද යන බල්ලො ටිකක් එකතු කරගෙන රජ වෙන්න හැදුවට වැඩක් නෑ .. ඔය බල්ලො ඔක්කොම සිංහයන්ට පරාදයි .."

💜️" බල්ලො සිංහයන්ට බයයි කියලා තේරුම් ගත්තු එක ලොකු දෙයක් .. "

කටකොනකින් හිනාවෙලා මම කියපු දේට මල්ලීගේ මූන කේන්තියෙන් තවත් රතු උනා .

" වෙනදට මම බැලුවත් බයේ හැංගෙන එකාගේ කටට පණ ආවේ මේ කොහේද යන බූරුවෝ නිසානෙ .. අදින් ඒක නවතීයි ..

💜️" එහෙනම් ඔයා ඔහොම ඉන්නකෝ .. අපි යන්නම් .."

මම එහෙම කියමින් පංතියෙන් එලියට යන්නයි ගියේ . නමුත් මම දොරෙන් එලියට යනවත් එක්කම , මගේ ශර්ට් එකේ කරෙන් අල්ලලා පිටිපස්සට ඇදපු මල්ලි , මම බලාපොරොත්තු උන විදිහටම මට ගහන්න අත ඉස්සුවා .

ඒත් එයාට හිතාගන්න බැරි තරමට ශක්තිමත් මම මල්ලිගේ කනට පාරක් ගැහුවේ එයාව විසිවෙලා ගිහින් ගුරු මේසේ වදින්නම .

ඒත් එක්කම මගේ සහයකයෝ ටිකයි , මල්ලිගේ කණ්ඩායමේ අයයි ගහගන්න පටන් ගත්තා . මමත් වලියට බැස්සා .

සේරම ඉවර උනේ සිහිය නැති උන මල්ලීයි එයාගේ යාලුවොයි කන්දක් වගේ එක උඩ එක දැම්මට පස්සෙයි .

එදා ඉදන් මල්ලී තියා වෙන කිසිම කෙනෙක් මාව බය කරන්න කියලා හිතාගෙන මගේ ඉස්සරහට ආවෙ නෑ .

..........................................................................

🖤" එයා හැප්පුනා නේද .. ? "

💜️" හ්ම් .. අපි බලමු එයාගේ පව් පින් ගැන .. "

" මෙන්න මම පොත ගෙනාවා .. "

එසේ කියමින් JKගේ තවත් එක් සහයකයෙක් ඔවුන් සතු වූ මායා පොත රැගෙන ආවා . එයින් පුද්ගලයෙකු සතු පින් හා පව් ප්‍රමානය දැනගත හැකි උනා .

JK එම මායා පොත අතට ගනිමින් මායා වචන මුමුනමින් එය පෙරලුවා . ඔහු සතු මායා බලය නිසා ක්‍රියාත්මක වුනු පොතෙහි , ඔවුන් ඉදිරියේම වාහනයකට යට වූ මිනිසාගේ තොරතුරු සටහන් වෙන්න ගත්තා .

🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎Where stories live. Discover now