හතලිස් හයවෙනි දිගහැරුම ❄️

Comenzar desde el principio
                                    

"භාතිය... මාව වැටෙයි මිනිහො... අල්ලගන්නවකො මාවත්... "

නෙහාන් ට ඒදණ්ඩෙ ගිහින්  හුරු නෑ...
ඉතිං එයාගෙ අත් දෙකෙන්ම භාතියගෙ උරහිස් බදාගෙන......
එයාගෙ නිකට භාතියගෙ ඔලුවට තද කරගෙන.....

"නෙහාන් මහත්තයා...දගලන්න එපා... අපි දෙන්නම ඇළට වැටෙයි...
ගහගෙන ගියොත් ඉතිං ගියාම තමයි.."

භාතිය කියද්දි නෙහාන් ගෙ අත වෙව්ලනවා...

" ඉක්මනට යංකො...!! "

"බයගුල්ලා... කට විතරයි වැඩ නෑ... මහලොකුවට කීවෙ කොහෙමද...මට ඕන දෙයක් පුලුවන් ...බ්ලා බ්ලා බ්ලා.."

"කට වහගන්නවකො ඕයි... මම මේ බයේ ඉන්නවා.. තමුසෙ මගුලක් කතා කරනවා..."

නෙහාන් කෑ ගැහද්දි භාතියට හිනායනවා...හරියට පරණ දවස් වගේ දැනෙන්න ගන්නවා.....

කොහොමහරි ආපදාවක් නැතුව කට්ටිය ඇල්ල ළගට ආවා...

හතරදෙනාම ෂෝර්ට් ඇදන් ... භාතිය විතරක් උඩට අත් නැති ටී ෂර්ට් එකකූත් ඇදගෙන..

"ඕක ගලවන්න ළමයෝ... ඔහොම ඇදන් නාන්න පුලුවනැයි..."

වතිල කියද්දි භාතිය ඔලුව හෙලෙව්වා....
අනිත් අය ඉස්සරහා එහෙම ඉන්න එක එයාට අපහසුවක්.....

"ෂාහ්!!! ලස්සන...."

වතිලට බෝබුරු ඇල්ල දැක්ක ගමන්ම කියවුණා.....
වතුර වැටෙන සද්දෙ විතරක් ඈතට ඇහෙද්දි හැමතැනම නිශ්ශබ්දයි.......
කන්ද උඩ ඉදලා පහළට වැටෙන ලොකු ජලකද ගල් පරවල වැදිලා මිලියන ගාණක් පුංචි වතුර බිංදු වලට විසිරිලා යන්නෙ හරියට මීදුමක් වගේ
.....

දිය ඇල්ල පහළ තටාකයක් වගේ හැදිලා තියෙන්නෙ නාන්න පුලුවන් විදිහට.... දිය ඇල්ලෙන් විසිවෙන වතුර බිංදු වැටෙන්නෙ හරියට පිණි වැස්සක් වහිනවා වගේ.....

මේ සතියෙ දවසක හැන්දෑ වරුවක් නිසා මේ ගොල්ලො හැර වෙන කවුරුත් ඇත්තෙත් නෑ......
භාතිය නං නංගියි මල්ලියි එක්ක නිතර මෙතනට එනවා.....
ඒ නිසා එයාට ගල්පර ,ගැඹුරු තැන්  ඔක්කොම හොදට පුරුදුයි.....

හතරදෙනාම තවත් කල් නොයවා වතුරට බැස්සා....
එතකොටත් මතුවුණේ කලින් මතුවුණ  ප්‍රශ්නෙම තමා...

අපූර්ව ✔️Donde viven las historias. Descúbrelo ahora