දසවන පරිච්ඡේදය

39 10 84
                                    

යොන්ජි නිවසෙහි නෑ කියලා දැනගත්තු ගමන්ම හුවන්ග් යි ඇයව හොයන්න පිටත් වුනේ පුංචි ඩෝහව Ezakiගෙ අතට දීලා.

නමුත් Ezakiත් හුවන්ග් යි එක්ක පිටත් වෙන්න තීරණය කරපු නිසා අන්තිමට ඩෝහව බලාගන්න වුනේ ෂින් යුට.

ඔහු හිතුවෙත් කාන්තාවො සටනට යවලා නිවසට වෙලා ළදරුවෙක්ව බලාගන්න වෙන එක වෙනම ආතල් එකක් කියලා.

නමුත් ඒ ඔහු නින්දෙන් හිටිය නිසා විතරයි.

ඉර බැහැගෙන යන්නත් ළං වුන නිසා මේ වෙලාවෙ ශ්වාසා නම් හිටියෙ බින් චෝයි එක්ක කඩ වීදිය පහු කරගෙන යනකොට තක්සලාව තිබුණු වීදිය පහු කරන් අසුර පාලකයගෙ රජදහන පැත්තට යන ගමන්.

Bin Choi : ඒක නෙවෙයි සූසූ.. නුඹට..... නුඹට අත් පළඳනාවක් අවශ්‍යද?

ගොඩක් දුර පයින්ම ආව නිසා ඔහු අඩියක් දෙකක් ශ්වාසට වඩා පිටිපස්සෙනුයි හිටියෙ.

ඒ මොකද කීවොත් ඔහු කඩ වීදියෙන් එද්දි ශ්වාසට නොදැනෙන්න ඇයට පුංචි ත්‍යාගයක් මිලදී ගන්න කාලය ගත කළා.

Shwasa : ඔහ්? මොකද එකපාරටම මගේ නපුරු අග්නිට පළඳනාවක් ගැන හිත පහළ වුනේ?

මදක් නතර වුන ඇය ඔහුගෙන් එහෙම ඇහුවෙ ඔහුගෙ සුරතින් අල්ලගන්න ගමන්.

Bin Choi : නෑ ඉතින්.. මටත් ආස හිතුනා අනික් ආදරවන්තයන් වගේ තමන්ගෙ පෙම්වතිය එක්ක ආදරෙන් ඉන්න.

ඔහු එහෙම කියමින් අනෙක් අතින් හංගන් හිටිය පළඳනාවක් ශ්වාසගෙ සුරතෙන් ගැටගැහුවා.ඒ වගේම පළඳනාවක් ඒ වෙන කොට ඔහුගෙ සුරතෙත් තිබුණා.

Shwasa : ඕහෝ.. එය අද්විතීයයි අග්නී.. මා එයට ඇලුම් කරනවා.නමුත් ආදරෙන් ඉන්න මේ දේවල් ඕනි නැහැ.මගේ ආදරේ කවදාවත් නුඹව රවට්ටන්නෙ නෑ.මම දිවුරනවා.

ඔහු ගැන වැඩි ආලයක් දැනුනු ඒ මොහොතෙ ශ්වාසා ඔහුට ළං වෙලා එහෙම කියන් ඔහුගෙ හිසට අත තියලා දිවුරුමක් දුන්නා.

ඔවුන් හිතුවට ඒ වෙලාවෙ මගතොටේ කවුරුත් ඔවුන්ව දුටුවෙ නෑ කියලා,ඇත්තටම ඒ වෙලාවෙ ඒ වීදිය දිගේ ඇවිදන් ආව ජේයුන් මේ සිදුවීම ඇස් දෙකෙන්ම දැක්කා.

Untimely Love | Fantasy | Ongoing Where stories live. Discover now