👑🌺 කිරුළ 26 🌺👑

Start from the beginning
                                    

අක්කා ආවත් හරි සර්ව නිදහසේ අපෙ ගෙදර එක්ක එන්න බැරි වෙද්දි...අක්කා  උදේ ඉඳන් කඩේ ගෙදර බව දන්න නිසා ඊයේ හවස නාගෙන මන් සර් එක්කම ගෙදර ගියා වෙද්දි දෙන්නට තියෙන අමාරුවට නාන කටා එකක් එකට කට තියන් කන්න ගිහිං කුසිය මැද ඇවිලුන හාදුවක් අස්සේ අපේ වෙලාවට අපි නොදැක අක්කා කඩා පහත්වෙලා තිබුණා වෙද්දි ඒ වෙලාවේ නොදැක්කා වගේ මඟ ඇරලා ගියත් සර් ගිය හැටියේ අක්කා එයාට වැරදුණ තැන් ගැනත් මතක් කර කර මට ලොකු දේශනයක් දුන්නා...කොහොමහරි අද අනුමිගේ හදිසි ආගමනෙටත් ඊයෙ සිද්දිය බලපාන්න ඇති කියලා මට ඉවෙන් වගේ තේරුණා..

"අපෙ අ..යියලා කිව්වේ..මි..හිරි අක්කාත් කිව්වේ..ඔයයි..ඔය.යි ස...රු..යි...."

"ඉතිං.."

පොඩි එකීව පඩිය උඩ හිටවන් කිවෙනි පාරටදෝ එකම තැන තුන්වෙනි පාරටත් සබන් කෑල්ල අතුල්ලන ගමන් මගේ ඇස් මඟ ඇරලා උන්න අනුමිගේ කටහඬ බිදිලා වගේ තියෙද්දි මට සුසුමක් හෙළුණා..අනුමි මං ගැන බලාපොරොත්තු තියන් උන්නේ අද ඉයෙක ඉඳන් නෙමේ කියන්න මං දැනගෙන හිටියා..පොඩි කාලෙ ඉදන්ම මගේ හොඳම යාළුවා වෙද්දි මට මාස 2කට බාල උණ කෙල්ලව මට ඇත්තටම දැනුණේ  මගේ නංගි කෙනෙක් වගේ...

ඒත් 10 වසරේ ඉන්න කාලෙ මමත් නොදැන අපි අතරෙ තිබුණ යාළුකමට,සහෝදරකමට එයා හිත අස්සෙ වෙන අර්ථකථන දෙන්න අරන් තිබුණා..ටික ටික දේවල් තේරුම් යද්දි මං පරක්කු වැඩි උණා වගේම ol කාලෙ එයාම මගෙන් ඇහුවා වෙද්දි මං කෙලින්ම එයාව ප්‍රතික්ෂේප කරත් ප්‍රතික්ශේප කරන්න හේතුව විදිහට මං දුන්න හේතුව උණේ මට ඔයා ගැන එහෙම අදහසක් නෑ කියන එක වෙද්දි අනුමි කොහොමත් ඒ හේතුව පිළිගන්න කැමැති උණේ නෑ...මිනිස්සුන්ගේ කැමැත්ත කාලෙත් එක්ක වෙනස් වෙනවලු...එයා මං ගැන එහෙම හිතද්දී... මමත් එයා ගැන එහෙම හිතුවා..

කොහොම උණත්,පොඩි කාලෙ ඉඳන් එකට උස්මහත් උණ එකීව අත ඇරලා මඟ ඇරලා දාන්න හිත හදාගන්න මට බැරි වෙද්දි අනුමි ඒකම හේතුවක් කරගෙන,කවදා හරි දවසක මං ආදරේ කරාවි කියන විස්වාසෙන් තව දුරටත් බලාපොරොත්තු තියා ගනි කියලා මං හිතුවෙ නෑ..මගෙ ප්‍රතිශේප කිරිමත් එක්ක ආපහු ඉඟියකින්වත් කෙල්ල හිතේ තිබුණ දේවල නොඅගවද්දී ඒක ඉවර ඇති කියලා මං හිතුවා..ඒත් සර් ආවට පස්සෙ එයා කෙසේ වෙතත් සුමංග අයියා කියපු දේවල් එක්ක අනුමි බලාපොරොත්තු නැති කරගෙන නෑ කියන්න තේරෙද්දි,දැනටමත් කිවතාවක්දෝ එයාට පැහැදිලි කරන්න හදලම එපා වෙලා උන්න මං කරේ එයාව පුළුවන් තරම් මඟ ඇරපු එක..කොහොම හරි මට අද වෙනකං ඒ ගැන හිතන්න අමතක උණත් අනුමිව ප්‍රතික්ෂේප කරන්න පැහැදිලි හේතුවක් මට දැන් ලැබිලා තිබුණා වෙද්දි මං හිතුවා අන්තිම වතාවටත් එයාට දේවල් පැහැදිලි කරන්න උත්සාහ කරන්න..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now