"ආහ් මම ඉන්ජිනියර් කෙනෙක්."

දෙන්නගේ කතා බහ ඇදිලා ගියේ කැමති දේවල්. අකමැතිදේවල් විනෝදාංශ මේ හැම දේම ගැන කතා කරන ගමං. අවසානෙදී දෙන්නා නම්බර් දෙකත් මාරු කරගත්තේ ආපහු හම්බ වෙන්න පොරොන්දු වෙන ගමං.

ඒත් ඒක හිතපු තරම් නම් ලේසි උනේ නෑ.දෙන්නම ගොඩක් බිසී ජොබ් එකක් කරපු නිසාම අඩුම ගත්ත නම්බර් එකට කෝල් එකක් ගන්නවත් උනේ නෑ.

.......................................................................

"වහ් අද er එක නම් පිස්සුවක් වගේ බං.අද ලොකු accident එකක් වෙලා වගෙ.දැනට ambulance දෙකක්ම ආවා.ඉක්මනට වරෙං කෑවා ඇති"

නිවීසැනසිල්ලේ ටිකකට කොෆී එකක් බොන්න එලියට ආපු නෙත්මිට යාලුවෙක් ඇවිත් කිවුවා.ගත්ත කෝපි එකෙන් උගුරු දෙකක් බීපු නෙත්මි emergency room එකට දුවගෙන ගියා.

" construction site එකක accident එකක් වෙලා කෙනෙක් ඇවිත් ඉන්නවා.නෙත්මි පොඩ්ඩක් ඒ patient ව බලන්න"

නෙත්මි එතනට ගියත් එතන හිටියේ එයා කොහෙත්ම බලාපොරොත්තු නොවුන කෙනෙක්.

"දෙයියනේ කිශ් මොනා වෙලාද මේ?"

නෙත්මි කිශ් කියන දේ අහගෙන කිශ්ගේ තුවාල වලට බෙහෙත් කරා.

අලුතින් කරන project එකේ සයිට් එකේදී උන පොඩි accident එකක් නිසා කිශ්ව අඩි 15ක් විතර උසකින් වැටිලා. ඒ වෙලාවෙදි අත තියන්න ගිහිල්ලා අත වැලමිට ගාවින් පැනලා තිබ්බා.ඒ වගේම අත පයේ තුවාල කීපයක්ම වෙලා තිබ්බා.

"තව දවසන් මොකටත් නතර වෙන්න කිශ්"

"ම්ම් ඕනමද? මට වැඩ ගොඩක් තියනවා.මට අදම යන්න බැරි වෙයිද?"

"හ්ම්ම් ඔයා අඩුම හවස් වෙනකල් වත් ඉන්න කිශ්.මම හවසට යන ගමං ඔයාව එක්කගෙන යන්නම්"

"ම්ම් හරි තෑන්ක්ස් "ඩොක්ටර්""

කිශ් මනමාල හිනාවක් දාන ගමං කිවුවා.

නෙත්මිට ලාවට හිනාවක් ගියා.

"අත නෙවේ කට කැඩෙන්න තිබ්බේ"

එහෙම කියපු නෙත්මි ආපහු ඇතුලට ගියා.

නෙත්මි සාමාන්‍යෙන් er එකේ වැඩ කරන කෙනෙක් නෙවේ.මොකද එයා specialist කෙනෙක් නිසා.ඒත් අද ඒ පැත්තට ආවේ වෙන වැඩකට.අද හොස්පිටල් එක ගොඩක් බිසී.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlDonde viven las historias. Descúbrelo ahora