part 40- nethmi

403 41 4
                                    

නෙත්මි නිදහසේ වාඩි වෙලා හිටියේ පානදුර බීච් එකේ.කොහොමත් ඩොක්ටර් කෙනෙක් හැටියට නෙත්මිට මහලොකු නිදහසක් තිබ්බේ නෑ.ඒත් නිදහස හම්බ උන වෙලාවට නෙත්මි හැමදාම ආවේ මුහුද ලඟට.

මෙතනට ඇවිත් හැම වෙලාවකම අතීතේ දිහා ආපහු හැරිලා බලලා ලස්සන චූටි චූටි සුන්දර මතක අතරේ අතරමං වෙන එක නෙත්මිට පුරුද්දකට ගිහිනුයි තිබ්බේ.

තාමත් ඒත් ගේ මතක සුන්දරයි ඒත් දැනටමත් නෙත්මි නේහගෙ මතක ගොඩක් පරිස්සමට හිතා තැනක ලොක් කරලා හංගලා තිබ්බා.

"ඕහ් හේයි you are nethmi right ?"

එක පාරම ඇහුණ ආගන්තුක කටහඬ මොකක්ද කියලා බලන්න නෙත්මි ඒ පැත්තට හැරුණා.

ඔව් හරි හුරු පුරුදු දඟකාර ඇස් දෙකක්.ඒත් කොහෙදිද මේ ඇස් දෙක දැක්කේ.

"ආ...හ් ඔයා රසිඳුගේ වෙඩින් එකට ඇවිත් හිටියා නේද? ඔව් ඔව් මම නෙත්මි තමා"

"ආහ් ඒක තමා මම ඒත් ටිකක් බයෙන් බයෙන් ආවේ මොකද ඇත්තටම ඔයාද කියලා ශුවර් එකක් තිබ්බේ නෑ"

ඒත් ඇත්තම කියනව නම් මේ අලුත් ආගන්තුකයා මෙතනට ආවෙම ප්ලෑන් කරලා.රසිඳුගේ මාර්ගෙන් නෙත්මි ඉන්න තැන දැනගෙන ආපු ගමනක් මේක.

"ආහ් ඔව් ඉතිං එක පාරයිනේ දැක්කේ.ඉතිං ඔයාගේ නම මොකක්ද?"

නෙත්මි එයා වාඩිවෙලා හිටපු බංකුවට තට්ටුවක් දාලා එයාට වාඩි වෙන්න කියලා ඉඟි කරම ගමං ඇහුවා.

"ආහ් මම කිශ්. ඒහෙම තමා හැමෝම මට කතා කරන්නේ"

"ආ..හ් හරි කිශ් unique නමක් 😁"

කිශ් ටිකක් බෝයිශ් වගේ ඒත් හංගන්න බැරි අමුත් girlish look එකකුත් තිබුණා.ඩෙනිමයි,ටී ශර්ට් එකයි,shoes දෙකක් දාලා හිටපු කිශ් එයාගේ පෙනුම තවත් ලස්සන කරගන්න බ්‍රේස්ලට්, නෙක්ලස් වගේ දේවල් දෙක තුනක් එයාගේ outfit එකට ඇඩ් කරලා තිබ්බා.

නෙත්මි හිටියෙත් ඩෙනිමයි ටී ශර්ට් එකයි ඇඳලා තමා.ඒත් නෝමල් slippers දෙකක් වගේම කොණ්ඩේ සැහැල්ලුවට බන් එකක් දාලා හිටියේ.

"ඇවිත් තියෙන්නේ නම් relax එකේම ඉන්න වගේ අද"

"ඔව් වරුවක් පොඩි නිවාඩුවක් හම්බ උනේ.හවසට ආපහු හොස්පිටල් එකට යන්න ඕන.ඔයා මොකද කරන්නේ කිශ්"

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlOnde histórias criam vida. Descubra agora