👑🌺 කිරුළ 22 🌺👑

Start from the beginning
                                    

මිදුලේ හිටගෙන අලුත් පොල් අතු ගේ දිහා බලන් උන්න මගෙ ඇස් ගියේ පරණ ගෙපල දිහාවට...අලුතෙන් එළවලු හිටවන්න පරණ තිබුණ ඔක්කොම සුද්ද කරපු නිසා ඒ පැත්ත එළියයි...හුගාක් කාලෙකට පස්සෙ ඊයේ රෑ තාත්තාව හීනෙන් දැක්කා..ගෙපැල ළඟ හිටගෙන හිනා වෙවී බලන් හිටියා..කලින්ටත් වඩා ලස්සනයි..සුදු ඇඳුම් දිලිසෙනවා සුදට සුදේ ..මං ළඟට යනකංම හිටියා...උසයි ටිකක් මටත් වඩා..මට දැනුණේ මං සර් ඉස්සරහා හිටන් ඉන්නවා වගේ...

'අඬා ගත්ත ගමන් ඉඳලා උඹ ඇදිලා ගිහිල්ලා මය පුතේ '

කියලා මගෙ ඔළුව අත ගෑවා හරි දුකින් වගේ එහෙම්ම බංගලාව තියෙන පැත්ත බලන් ගෙපළින් පහලට බැස්සා..

'හිත කියන දේ අහපන් උඹට වරදින්නේ නෑ' කියාගෙන ආයි හැරිලා ගෙපළටම ගොඩ උණා...ටිකකින් ආයි හැරිලා අහස දිහා බලන් අද නම් වහින එකක් නෑ කිව්වා...එහෙම්ම නින්දෙන් ඇහැරෙද්දි පාන්දර පහත් පහුවෙලා..5ට තියපු එලාම් එක ඇහිලත් නෑ මට....අම්මා එලාම් එකේ සද්දෙට ඇහැරිලා මං යද්දි හාලුත් ලිපේ තියලා..අනික් දේවල් නොකියා මං කිව්වා තාත්තා හීනෙන් පෙනුණ එකයි වහින්නෙ නෑ කියපු එකයි..අම්මට ඒ වචනේම ඇති උණා..උඹලා තාත්තා කිව්වානම් ආයි වරදින්නේ නෑ කියාගෙන අම්මට ඕනා උණා අදම වැඩ පටන් ගන්න..කිව්වත් වගේ අහස බර උණාට වැස්සත් නෑ තද අවුවත් නෑ...තාත්තා හීනෙන් ඇවිත් කියපු ඒ සාසතරේ නම් හරි ගියා...

ඒ වගේ අනික් දේවලුත් හරියනවා නම් බැරිද..ඇඟිලි පාරවල් 5ක්ම හිටින්න තාමත් රතු වෙලා තිබුණ වම් අතේ මැණික් කටුවත් අත ගගා ලොකු හුස්මක් හෙළපු මං එහෙම්ම සාල කෑල්ල මැද්දෙන්ම කුසිය දිහාවට ගියා..

"අත මක් උනාද බන්..පොල් අතු දීලා කැක්කුම් ගහනවාද.."

"ආහ් නෑ මේ නිකං.."

"මාමිගේ අත ඌවා කරානේ අර න.."

මං ගිහිං අත බල බලම උස බංකුවේ වාඩි වෙන ටිකට තේ එක අරන් මං ළඟට එන ගමන් අම්මා අහද්දී , බිම වාඩි වෙලා තේ කෝප්පෙත් බිම තියන් ඒකෙ ඔබ ඔබ ඤොන කතා කන ගමන් උන්න පොඩි එකි යාන්තං ඔලුව කරකවලා යටින් බලාගෙන කට ඉස්සර කරගන්න ගියත් මං එකපාරක් රවද්දීම ඉක්මනින් බිම බලන් කට වහගද්දී අම්මා තේ එක මං අතට දෙන ගමන් අත බලන්න හැදුවා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now