👑🌺 කිරුළ 20 🌺👑

Začít od začátku
                                    

"පුංචි මල් කුමාරයා...little flower prince.... ඔයාව දකිද්දී මගේ හිත කෑ ගැහුවේ එහෙම...මේ පපුව....ගැහුනා මහ හයියෙන්...කවදාවත් නැතිව....ඇයිද කියන්න මං දන්නේ නෑ.... ඇත්තටම... මං බයවෙන්න ඇති... හුළඟක් එයි කියලා...ඔව්...හුලඟක් ඇවිත් බැලුන් එක හයියෙන් අරන් යයි කියලා මං බයවෙන්න ඇති... ඔව්...වෙන.. දෙ..යක් නෑ.."

.........

"කොයි තරම් වතාවක් මෙතනින් ආවා ගියත්...ඔයාව හරියට...එතන ඒ විදිහටම...මවා ගන්න පුළුවන්...අදටත් මට...තව ලොකු කාලෙකට පස්සෙ...ආවත්...මට..පුළුවන්...මං දන්නවා.."

පුංචි වෙලාවක නිහඬ බවක් පැතිරෙද්දී ලෙවින්ගේ අත් දෙකම කෙනුළගේ ඉණ වටේ එන්න එන්න තද උණා...කෙනුලට රිදෙන තරම්...ඒත් කෙනුල කරේ ලෙවින්ව ඈත් කරනවා වෙනුවට එයාගෙ අත් දෙකත් තව තව ඒ නහර පෑදුන ලොකු අත් දෙක උඩ තද කරගන්න එක වෙද්දි කෙනුලට දැනුණේ ලෙවින්ගේ කටහඬ වෙන ලොකෙකින් ආවා වගේ...ඇත්තටම ඒ කටහඬ ආවෙ හීන ලෝකෙන්...ලෙවින් සම්පූර්ණයෙන් අතරමං වෙලා උන්නෙ කෙනුලව දැකපු ඒ මුල්ම මොහොත ඇතුලේ වෙද්දි,තමන්ටම දේවල් පැහැදිලි කරගන්න වගේ හරි හෙමින් ඒත් පැහැදිලිව එයා කියන දේවල් ගැන එයාටම තේරුමක් තිබුණෙ නෑ වගේ උණත්...ඒ වචන කන් සිදුරු හාරන් ගිහිං කිරුළුගේ පපුවත් අවුස්සන ගමන් තිබුණා...අනික් අතට කිරුළු කල්පනා කරා ඇත්තටම එදා එයාගෙ පපුවත් ඔය කියන්නා වගේ ගැහුනා නේද කියන්න....ඇත්තටම මතක් කරලා බැලුවාම......එදා එයාව නිල් ඇස් තිබුණ සුද්දා ඉස්සරහා ගල් කරේ...හිනාවෙන්නත් අමතක කරේ ඒ පපුවට දැනුණ නුපුරුදු ගැස්ම නේද හිතද්දී කිරුළුට දැනුණා...එයාගෙ පපුවත් කවදාටත් වඩා මේ මොහොතේ ගැහෙනවා කියන්න...ඊටත් වඩා එයාට දරාගන්න බැරි තරම් උණේ...එයා හිරවෙලා උන්න එයාගෙ පිටට දැනෙන ඒ පපුවේ ගැස්ම...ඒ ගැස්ම පිට හාරන් ඇවිත් කිරුළුගේ පපුවේ ගැඹුරටම දැණෙද්දී කිරුළුගේ හිත එයා එක්කම යුද්ධයක් පටන් අරන් තිබුණා...

"මට දැනෙනවා..."

"ආහ්.."

ඒ වගේම යුද්දෙක උන්න ලෙවින් සිහියට ආවෙ කෙනුළගේ කටහඬ එක්ක...

"ඔයාගෙ හදවත මේ දැනුත් ගැහෙනවා සර් මහ හයියෙන්..."

"ඔයාට දැණුනද... මමත් හිතුවෙ ඒ ගැන...ඒක...එදාටත් වඩා හයියෙන් ගැහෙනවා...සමහරවිට ඔයා ලඟ ඉන්න නිසා වෙන්න ඇති.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Kde žijí příběhy. Začni objevovat