"එව්ව්ව් තමුසෙ..... එන්න එපා මගෙ ලගට.... අහකට යනවා ලග ඉන්නත් බයයි....."

"සහස් මට බය වෙන්න එපා.... ඔයාගෙ අකමැත්තෙන් මන් ඔයාගෙ ඇගටවත් අත තියන්නේ නැ....."

හෙන සිරියස් මුඩ් එකක් අරන් එයා එක මන් දිහාවට හැරිලා කිව්වේ

"කට කැවේ මන් කැමැත්ත දිලා වෙන්න ඇති....."


එයාට නැහෙන ගානට එහෙම කිව්ව මන් මගෙ දිහා බලන් ඇහි බැමකුත් උස්සන් බලන් ඉන්න එයාට දත් ටික ඔක්කොම පෙන්නලා හිනාවක් දුන්නා.

"මොනවද කුටු කුටු ගාන්නේ......"

"මුකුත් නැ...... මේ එක නෙවෙයි ඇයි එදා ඔයා නොකියා යන්න ගියේ දෙව්......"

"ඔයා දැනටමත් දන්නවා ඇතිනේ..... අපි දෙන්නට ගිය ආත්මයක් තිබ්බා කියලා......"

"ඔව් විහග අයියා මට හැමදේම කිව්වා......"

"මටත් ඌ කිව්වා ඔයාට කිව්වා කියලා...... ඉතින් එදා රැ ඔයා මගෙ කලින් ආත්මේ නම කියලා බය වෙලා කැ ගැහුව නිසා මට ඔනි උනා..... අපිට එ ආත්මේ ඇත්තටම මොකද උනේ කියලා දැන ගන්න..... මොකද මේ අත්මෙත් එයාලා ප්‍රශ්නයක් උනොත් කලින් දැනගෙන ඉන්න......"

"මමනම් ඔය ආත්ම සීන් විස්වාස කරන්නෙ නැ දෙව්..... රැට පොඩි පොඩි හින කැලි පෙනිලා බය වෙනවා තමා.... මට එතනින් එහාට ගිහින් ඒ ගැන හොයන්න ඔනි උනෙ නැ..... එත් ඔයා මන් වගෙ කට්ටියට කියලා ඇදගෙන කාමරයක් පිරෙන්න පුරවන් ඉන්න ඩ්‍රොවින්ස් එහෙම දැක්කම මට චුට්ටක් එ ගැන විස්වාස කරන්න උනා.... මම මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා දෙව්.... පුලුවන්නම් අපේ ඔය කියන ගිය ආත්මෙට එහෙම්මම වැලලෙන්න දෙන්න...... එවා හාර අව්ස්සලා හොයන්න ගියොත් ඔයා ඔය කියනවා වගෙ ප්‍රශ්න අපිට එන්න පුලුවන්..... මොකද මන් හොදටම දන්නවා දැන් අපිට ප්‍රශ්නයක් වෙන්න කවුරුත් නැ කියලා.... එ නිසා ගිය ආත්මේ අපිට සම්බන්ධ දෙවල් හොයන්නෙ නැතුව ඉන්න පුලුවන්ද.... මටනම් ඔය දෙවල් අදාලම නැ මම ඔයාට ආදරෙයි එච්චරයි...."

මම කියන හැමදේම හොදින් අහන් හිටිය දෙව් වැව දිහා බලන් බර හුස්මක් අත් ඇරලා මන් දිහාට හැරුනා.

"ඔයා කියන දේ ඇත්ත සහස්...... එක නෙවෙයි ගෙදර යමුද මට බඩගිනි අනේ....."

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now