" සර්..."

" අහ්...ගුඩ්මෝනින් සෑම් අංකල්...."

" ගුඩ්මෝනින්..සර් මොනවද මෙතනට වෙලා කරන්නෙ..."

හිත ගොඩක් දුරට ගිහින් තියෙද්දි මම එක පාර ගැස්සුනෙ සෑම් අංකල්ගෙ කටහඬට.. මන් ලග හිටගෙන හිටපු සෑම අංකල් එයාගෙ අතේ තිබ්බ කිරි එක මට දීල මෙතන මොනාද කරන්නෙ ඇහුවම මම හිනා වෙලා අහස දිහා බැලුවෙ එයා තවමත් මන් දිහා බලාගෙන ඉද්දි..

" තනියම ඉන්න මම හරි ආසයි අංකල්..මෙහෙම ඉද්දි පුදුම සැනසීමක් හිතට දැනෙන්නෙ..."

" සර් දුකින්ද....? "

මම කිව්වෙ ගල් පැලෙන බොරුවක් වෙද්දි මගෙ වෙනස අදුරගෙන අංකල් මගෙන් අහපු දේට මම පුදුම වෙලා අංකල් දිහා බැලුවෙ..

" හ්ම්..පපාව මතක් උනා..."

මම කියපු දේත් එක්ක මගෙ හිත තේරුම් අරන් වගේ අංකල් නිහඬ වෙද්දි මම කිරි උගුරක් බොන ගමන් වතුරෙ තියන මගෙ කකුල් එහෙට මෙහෙට පද්දන්න ගත්තා..

" අංකල්...."

" සර්.."

" එදා මෙහෙට ආපු ගෑණි කින්ග්ගෙ කවුද....?"

කින්ග් පැලස් එකේ නැති නිසාත් මගෙ හිතට වද දෙන එකම එක ප්‍රශ්නයක් නිසාත් මම බය නැතුව අංකල්ගෙන් ඒ ගැන ඇහුවෙ ඇත්තටම එදා කින්ග් ලේ බීපු ගෑණි කවුද කියල මට දැන ගන්න තිබ්බ උවමනාවටම..

" කවුද අර සංකර පෙනුමක් තියෙන මිස්ද....?"

" ඕ..."

" ඒ ටීන මිස්..."

මට හොදට අහල පුරුදු නමක් නිසා මම ටික වෙලාවක් කල්පනා කරන්න ගත්තෙ ඒ ගෑණිගෙ නම කොහෙදිද මම අහල තියෙන්නෙ කියල..හරිනෙ මම මේ පැලස් එකට ආපු මුලම ටීන කියන ගෑණි ආව කියල දැන ගත්ත මොහොතෙම කින්ග් පස්ස ගිනි අරන් වගේ එදා දිව්වෙ එතකොට මේකි නිසාද..එච්චරටම ලොකුද කින්ග්ට මේ හාල් ඇටේව..

" කවුද එයා කින්ග්ගෙ..."

මම අහපු දේට ඉස්සරහ බලාගත්ත අංකල් හිනා උනා..

" මිස් ටීන කින්ග්ලග වැඩ කරන්න ආවා මීට අවුරුදු දහයකට කලින් සෙකට්‍රි විදිහට..ඒත් හරියටම අවුරුදු පහකින් කින්ග් මිස් ටීනව ජොබ් එකෙන් අයින් කරා මොකද මිස් ටීන මනුස්සයෙක් එයාවගේ කෙනෙක් එක්ක කින්ග්ට වැඩ කරන්න ගොඩක් අමාරු නිසා.. ඔහොම යද්දි කින්ග්ට ලග ලගම සෑහෙන්න අමාරු වෙන්න ගත්ත මනුස්සයෙක්ගෙ ලේ බොන්න නැතුව.. මනුස්සයෙක් මරන් කන්නවත් ගියෙ නැති කින්ග් හිටියෙ මැරෙන්න ඔන්න මෙන්න වගේ ගොඩක් දුර්වල වෙලා ඇඳක.. ඔය අතරෙ ආයෙත් මිස් ටීන ජොබ් එකක් ඉල්ලගෙන ආවා කින්ග් ලගට.. මිස් ටීනට හරියන ජොබ් එකක් කින්ග් ලග නෑ කියල එදා කින්ග් මිස් ටීනව එලවගන්න හැදුවත් එයා කින්ග්ගෙ වචනෙ ඇහුවෙ නෑ..අන්න එදා මනුස්ස ලේ නැතුව කිඩෑරි වෙලා හිටපු කින්ග් මිස් ටීනගෙ ලේ බලෙන්ම බිව්වා.. ඔන්න ඔතන ඉදල මිස් ටීන කින්ග්ට ලේ දෙන්න මාසෙකට සැරයක් දෙකක් මෙහෙ එන්නෙ..හැබැයි මිස් ටීන කෝම තත්වෙක හිටිය වගේම මැරෙන්නත් ගියා.. කින්ග් වගේ බලගතු වෑම්පයර් කෙනෙක් ලේ උරා බොනව කියන්නෙ අනිවාරෙන් ඒ කෙනා එක්කො මැරෙයි නැත්නම් කෝම තත්වෙකට යයි සදාකාලිකවම..."

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now