28. කොටස

Começar do início
                                    

"හාමු මහත්තයා ඉතින් බලාපොරොත්තු අත් ඇරගෙන වැවට පනින්න ආවැයි......"

හෙන වැඩ්ඩා වගෙ බයික් එකෙන් බැස්ස මම හෙල්මට් එකත් ගලවලා කොන්ඩෙත් හදන ගමන් එයා දිහා බලන් කිව්වම එයා ලාවට හිනා වෙලා ආයෙත් වැව දිහා බලා ගත්තා. එක නිකම් අර දුක හංගන් හිනා වෙනවා වගෙ හිනාවක්. හෙල්මට් එක බයික් එක උඩ තිබ්බ මන් එයා ලාට ගිහින්  එයා ලගින්ම බැව් බැම්මෙ ඉද ගත්තා.

"දැකලත් කතා නොකර ආවේ ඇයි.... මගෙ යාලුවො කිව්වෙ නැත්තම් මම දන්නෙ නැ ඔයා ආවා කියලා..... අනික තමුසෙ එදා මන් ලග තුරුල් වෙලා නිදාගෙන උදේ අතුරුදන් උනේ ඇයි ආ......"

"එදා මට නොකියා යන්න ලොකු හෙතුවක් තිබ්බා සහස්..... අදත් එ වගෙම නොකියා එන්නත් හෙතුවක් තිබ්බා......"

"හරි එහෙනම් දැන් හෙතුව කියන්නකෝ....."

"එදා ගියේ මගෙ පෞද්ගලික හෙතුවක් නිසා..... අද ආවේ ඔයාගෙ සතුටට බදාවක් කරන්න ඔනි නැති නිසා....."

"තමුසෙ මහා ගොනෙක් අයියේ....."

කටත් ඇද කරලා එයා දිහා බලන් මන් හිමිට කිව්වෙ එයා ඇහෙන්නෙ නැති වෙන්න.

"මොකක්ද සහස් කිව්වෙ....."

"නැ නැ මුකුත් නැ......"

"Anyway..... congratulations...."

"මොකටද......"    

"අර ගර්ල්.ඔයාට කැමති වෙන්න ඇතිනේ.... අකමැති වෙන්න තරම්නම් ඔයාගෙ අව්ලකුත් නැනේ....."

වැව දිහාම බලන් එයා කිව්වේ මම එයාගෙ දිහාම බලන් ඉද්දි.

"එකි මගෙ කෙල්ල නෙවෙයි හලෝ..... මම ඒ යාලුවෙක්ට ප්‍රපොස් කරන හරි විදිහ කියලා දෙන ගමන් හිටියේ.... ඔයාටත් ඔන්නම් මන් කියලා දෙන්නද ප්‍රපොස් කරන්න...... ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ ඈ....."

හිතට ආව අදහසල් නිසා එයාට එහෙම කියලා දාන් හිටිය ශුශ් එක ගලවලා කලිසම දනිහ ලගට උස්ස ගත්ත මන් වැවට බැස්සෙ එයා නිකම් මොකාද එකා වගෙ මන් දිහා බලන් ඉද්දි. වැඩිය දුරට නොයා ලගම තිබ්බ බාගෙට පිපුන නෙළුම් මලකුයි බට්ටෙකුයි කඩන් මම ආපහු ගොඩට ගියා.

"කෝ නැගිටින්නකෝ...."

"සහස් මොකක් ඔයා කරන්න හදන්නේ....."

"කිව්වම අහලා නැගිටින්නකෝ අනේ......"

ඉදගෙන මන් දිහා බලන් කන්ෆියුස් වෙලා ඉන්න එයාව මම අතින් ඇදලා නැගිට්ටුවා. එයා නැගිට්ටට පස්සෙ එයාගෙ ඇස් දෙක දිහා බලන්ම බිමට එක කකුලක් තියන් අනිත් කකුල නවන් එයා දිහාට නෙලුම් මලයි කඩා ගත්ත බට්ටයි දික් කරා.

"ගිය ආත්ම අර ආත්ම බයිලනම් මන් දන්නේ දෙව්..... එත් මේ ආත්මේ මන් ඔයාට ගොඩක් ආදරෙයි..... මම දන්නෙ නැ කවද්ද කොහොමද ඔයාට මන් ආදරෙ කරන්න පටන් ගත්තේ කියලා.... මට එක වැඩිපුරම දැනුනේ ඔයා එදා මන් ලග ‍රැ ඉදලා මට නොකියා මෙහෙන් ගියාට පස්සේ..... එදා ඉදලා ඔයාගෙන් කොල් එකක් මැසෙජ් එකක් එනකම් මන් බලන් හිටියා..... ඉතින් දෙව් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මම ඔයාට ගොඩක් ආදරෙයි..... හොදටොම......."

එයාගෙ ඇස් දිහාම බලන් මන් හැමදේම කියලා දැම්මේ මන් කියන දෙවල් පුදුම වෙල බලන් අහන් හිටිය එයාගෙ ඇස් වලින් කදුළු බිංදු දෙකක් ගලන් ඇවිත් කම්මුල් තෙමන් පහලට යද්දි.

"අනේ මල ගන්නකෝ දෙව්..... දන ගහන් ඉදලම කකුල් රිදෙනවා..... අහ් මේ බට්ටත් ගන්න දෙන්න චොක්ලට් නැනෙ දැන්..... එ නිසා නෙළුම් මල රොස මලක් කියලා හිතන් බට්ටා චොක්ලට් කියලා හිතන්න ගන්න අනේ......"

අර කකුලෙන් මේ කකුලට බර දෙන ගමන් මන් කිව්වම  කදුළු පිහදන් හිනා උන එයා එ දෙක ගන්නෙ නැතුව මගෙ අතින් ඇදලා අරන් ලග තිබ්බ දබ ගහට මාව හෙත්තු කරන් මගෙ කට කන්න ගත්තේ මට හික් ගැවිලා ඇස් දෙකත් ලොකු වෙද්දි. චොක්ලට් කියලා හිතන් බට්ටා කන්න කියලානේ කිව්වේ කට කන්න කියලා නෙවෙයිනේ දෙයියනේ.

එයා මට හුසමක්වත් ගන්න නොදි කිස් කරන් යද්දි මමත් කිස් එකට හව්ල් වෙලා එයාගෙ බෙල්ල වටෙ අත් පටල ගත්තේ මගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් හිටියා වඑ එයාගෙ අත් මගෙ ඉන දෙපැත්තට තද වෙද්දි. මිනිස්සු යන එන පාරෙ වැව අයිනට වෙද දඹ ගස් හෙවනේ ඔන්න ඉතින් මම එයයි කට කා ගත්තා අනේ........................



..................................................................................



කලින් පොඩි කොටසක්නේ දුන්නේ ඒ නිසා ඔන්න මන් ආයෙම පොඩි කොටසක් අරන් ආවා.

ආයෙත් ඉක්මනට එන්නම්. එතකම් ඔය ළමයි පරිස්සමින් ඉන්ඩෝ

ආදරෙයි කතාව කියවන ඔක්කොටම

මම මාහි. ❤️

මතක කදුළු ( Complete ) ✔️✅Onde histórias criam vida. Descubra agora