"හුම්ම්ම්..... එදා එයාටයි මටයි එහෙම නොවුනනම් අද අපි දෙන්නත් ඔයා වගෙ ඩොක්ටර්ස්ලා නෙද....."

"අන්න එකටනම් මම බෙබි හාමුට පින් දෙනවා මිස්ටර් දෙව්..... එයයි සිතුකයි කිව්ව නිසයි කැම්පස් ගියේ..... නැත්තම් අච්චර වටින රිසාල්ට් එකක් තියන් මම ගමට කාලකන්නි වෙන්න ඉඩ තිබ්බා....... බෙබි හාමු සල්ලි දිලා හොද කොලෙජ් එක්කට දැම්ම නිසයි මම අද මේ තැන ඉන්නේ....."

ඩොක්ටර් කිව්ව දෙවල් එක්ක මට බර හුස්මක් පිට උනා. ගිය ආත්මේ අපි ලොකු පවක් කරලා තියෙන්න ඇති.

"හරි එවා වැඩක් නැ දැන්.... දෙව් අරයව හොටා ගත්-....."

සලාං

ඩොක්ටර්යි මායි දෙන්නම විදුරු බිදුන සද්දෙත් එක්ක හැරිලා බැලුවම දැක්කෙ අරන් ආව ග්ලාස් ටිකක් වැටිලා කකුල් දෙක ලගම බිදිලා තියෙද්දි අපි දිහා බය වෙල වගෙ බලන් ඉන්න ලෙඩි කෙනෙක්ව. අපි දිහා නෙවෙයි එයා ශොක් වෙලා බලන් හිටියේ මන් දිහා

"සුදු අර් යු ඔකෙයි....."

ඩොක්ටර් දුවලා ගිහින් එ ලෙඩිව වරු කරන් කකුල් කැපෙන්නෙ නැති වෙන්න එක්කන් ඇව්ත් සොෆා එකෙ ඉන්දුවේ එ ලෙඩි එහෙම්මම මම දිහාම බය වෙලා වගෙ බලන් ඉද්දි.

"බය වෙන්න එපා සුදු...... ඔයා හිතන කෙනා තමා එ ඉන්නේ...... මිස්ටර් දෙව් මේ ඉන්නෙ මෆෙ වයිෆ් එහෙම නැත්තම් මන් මෙහෙම කියන්නම්කෝ..... සිතුකගෙ නංගී සදලි......"

"සදලි?...."

ගොඩක් වෙලා එ දෙන්නත් එක්ක කතා කරලා මම ගෙදර එන්න ආවේ හෙට රැ ෆලයිට් එකෙ ලංකාවට ටිකට් එකක් බුක් කරන්න කියලා මැනෙජර්ට කියන ගමන්. ඩොක්ටර් නිමල් එක්ක වගෙන සදලි එක්ක කතා කරපු ටිකට තෙරුනේ මෙච්චරයි එයයි මායි එදා එ විදිහට අවසන් ගමන් ගියාට පස්සෙ ගොඩක් දෙවල් වෙලා තියෙනවා නෙද කියලා. සිතුකට උන දෙයත් එක්ක සිතුකගෙ අම්මගෙ සිහිය අව්ල් වෙලා අප්පච්චි තමයිලු අමාරුවෙන් හොද කරලා තියෙන්නෙ. සදලි කව්ශිට ආදරෙ කරත් අම්මා ආයෙත් අසනිප වෙයි කියලා බයට නිමල්ව මැරි කරලා. එතකොට කව්ශි එයා දැන් ඇමරිකාවලු එහෙ ලොකු බාර් එකක අයිති කාරියක්ලු. බලන් ගියාම අපෙ කතාව විතරක් නෙවෙයි අසම්පුර්ණ වෙලා තියෙන්නෙ. හිතෙ තිබ්බ ප්‍රශ්න විසද ගත්තත් හැමොගෙම ජිවිත අව්ල් වෙලා නෙද කියන බර හැගිමත් එක්ක මම ගෙදර ආවා.

***************

රැ ෆලයිට් එකෙ ඇවිත් ලංකාවට ලැන්ඩ් කරපු මම පහුවදා ගියේ සහස්ව බලන්න. මේ පාරනම් මොන දේ උනත් එයාටවත් මටවත් අපිට අපි දෙන්නා අහිමි වෙන්න දෙන්නෙ නැ කියලා මම දහස් වරයක් හිතින් මටම නිති දා ගත්තා. ටවුන් එකට ඇවිත් ෆලවර් ශොප් එකක් ගාව කාර් එක නැවැත්තුව මම ෆ්‍රෙශ් රොසස් බොකි එකක් අරන් කාර් එකට නගින්න හැදුවත් ඊට ටිකක් එහායින් සහස් එකාගෙ යාලුවො ටිකත් එක්ක ඉන්නවා දැක්ක නිසා මම බොකි එකත් පිටි පස්සට කරන් සහස් ලගට යන්න ගියා. එයා ලස්සන වෙලාද මන්දා මේ ටික කාලේට. හිනා වෙවි යාලුවො එක්ක කතා කර කර ඉන්න එයාව දැක්කම එයාව මේ පාරනම් මගෙ කර ගන්නවා කියලා හිත හිත මම එයා ලගට ගියා. එත් එයා ලගට යන්න ගිය මට මගෙ කකුල් මග නැවතුනේ ඊලග උන දේත් එක්ක. සහස් එයා ලග හිටිය කොට ගව්මක් ඇදලා දනිහ ලගට විතර දිග කොන්ඩෙ කඩා දාන් හිටපු ලස්සන කෙල්ල ලග එ කෙල්ල දිහා බලන්ම හිනා වෙලා දන ගහලා පිටි පස්සට කරන් හිටිය රෝස මලක් එ කෙල්ල දිහාවට දික් කරා.

"තනු i love you......"

එ කෙල්ල දිහාවට රෝස මල දික් කරලා සහස් කිව්ව දෙත් එක්ක මගෙ මුලු ඇගම වෙව්ලලා ගිහින් ඔලුව උඩ අකුණක් ගැහුවා වගෙ උනා. දෙයියනේ එ කියන්නෙ එයා එ කෙල්ලට ආදරෙයිද. එතකොට මම මේ පාරත් අසාර්ථකද. ආදරෙට මුල් පියවරවත් තියෙන්නෙ නැතුව මම මේ පාර ෆෙල් උනාද. අතේ තිබ්බ මල් බොකේ එක බිම අත ඇරුන මම කෙලින්ම කාර් එක ලග ගිහින් කාර් එක ස්ටාර්ට් කරලා ඩ්‍රයිව් කරන් ඇවිත් නැවතුනේ සහස්ගෙ ආසම තැන එයාලගෙ ගමේ වැව ලග.......................

........................................................................

ඔයාලා පව් නිසා චුටි කොටසක් අරන් ආවා හොදේ ඔන්න.

ඩබල් චෙක් කරෙ නැ වැරදි තිබ්බොත් සොරි වෙන්න ඔනි.

මේ ටිකේ පාලුවෙන් ෆොන්‍ එක නැතුව හිටිය නිසා මේ ලමයා අලුත් කතාවක් ලිව්වා එකත් පොතක් හදලා. ස්කුල් ලව් ස්ටොරියක් දැනට කොටස් 10ක් ලියලා තියෙන්නෙ මෙක ඉවර උනාම එක දෙන්නම් හොදේ

පුලුවන් වෙකවට අනිවාර්යයෙන්ම කොටසක් අරන් ආයෙත් එන්නම්

ආදරෙයි ඔයාලට

මම මාහි. ❤️

මතක කදුළු ( Completed ) जहाँ कहानियाँ रहती हैं। अभी खोजें