දාහතරවන හුස්ම

266 33 1
                                    

" ඔන්න තැනට ආවා අපි.."

අක්කර ගානක පොල් ගස් පිරුණු වත්තකට ෂෙහානයා අපිව අරන් ඇවිත් තිබුනා.. බලන බලන හැමතැනම පොල් ගස් විතරක්ම පිරිලා තිබුන මේ වත්තේ හිත කීරී ගැහෙන ගුප්ත බවකින් පිරිලා තිබුනා.. ඔක්කොටම වඩා ඇයි මගේ මේ පපුව වේගෙන ගැහෙන්නේ.. අද රුචිරු වගේම හරි අමුතුයි මේ වටපිටාවම...

" බුදාම්මෝහ්... මගේ කකුල..
තව ටිකක් ගියා නම් සුව සැරියේ තමා යන්න වෙන්නේ..."

සමීරයත් ෂෙහානයට දෙහි කපන කපන් කකුල් දෙකත් මොකාද වගේ දිග ඇරගෙන බිම ඉද ගත්තා.. බොරු කියන්න ඕන නෑනේ මටත් සෑහෙන්න මහන්සි.. මන් හිතන්නේ අපි සෙට් එක බිම වාඩි වෙලා විනාඩි දහයක් විතර ඔහේ ඉන්න ඇති..

" ඒ නිතුමා වරෙන් පටන් ගමු..
එක හමාරට කලින්වත් ඉස්කෝලේ යමන් නැත්නම් අරුන් වහලෙට පත්තර කොල ගහලා තියෙයි.."

" ආ.. යමන් යමන්.."
ඒ මන් එනකම් මේක තියාගනින්..

මන් එහෙම්මම ඇදන් හිටපු ෂර්ට් එක ගලෝලා කවුද පිටිපස්සෙ ඉන්නෙ කියලවත් බලන්නෙ නැතුව දුන්නා ..

" කෝ ගනින්කෝ බන්..
මොන හුය....."

හප්පට මේ රුචිරුනේ.. මෙච්චර ෂර්ට් එක දීලත් ගන්නෙ නැත්තෙ මොකාද බලන්න පිටිපස්සෙ හැරෙද්දි දැක්කේ රුචිරු ඉන්නවා ඇස් දෙකත් බෝල කරන් මගේ දිහා බලාගෙන.. අත් දෙකත් තද කරලා මිරිකගෙන.. කන්දෙකත් හොදටෝම රතුවෙලා...එයා මේ ඉන්නේ ලැජ්ජාවෙන්ද.. ම්ම්ම් මේ වගේ සුපිරි බොඩි එකක් දකිනකොට ඉතින් එහෙම වෙන්නැති.. .

" කෝ දෙන්න"

"මොකක්ද.."

"ඔයාගේ ෂර්ට් එක.."

" ආහ්. මේ...මේ.. ඕනි නෑ රුචිරු
මන් ගහක් උඩින් දාන්නම්.."

" ඇයි සිහිනව ඕනද ඕක තියාගන්න දෙන්න..."

අඩේ මූ මේ ඊරිසියාවෙන්ද...
ඒක තමා මේ මූනත් පුම්බගෙන ඉන්නේ..

" ම්ම්.. සිහින නෑනේ අප්පා...
කොල්ල හිටියනම් මූනත් පොඩ්ඩක් පිහදාගන්න තිබ්බා.. දාඩියත් දාලා අප්පා මූනට.."

රුචිරුගෙ කේන්තිය තව තවත් වැඩි වෙනවා දැන දැනම තවත් එයාව අවුස්සන්න මම සිහින ගැන ගුන වර්ණනාවක් කලා.. හහ්.. බලන්න එපැයි මෙයාගෙ මූන අබ ටිකක් දැම්මොත් මේ දැන් පුපුරන සයිස් එකේ..

අනුරාග් (yizhan ) ✅Where stories live. Discover now