1 කොටස

56 6 2
                                    

" අඩෝ දැන් ඇති බස් එකට වෙලා පුපුර පුපුර. මොකද බම් දැන් කරන්නෙ? අද නම් කන්න තමා වෙන්නෙ. ඔයා ඉස්සර වෙලා යන්නකෝ. ඔයාට බනින්නෙ නෑ මට බැන්නට. "

" බලපම්කො ජනූ තමුසෙ මාවත් බය කරනවනේ. නෑ නෑ බනින එකක් නෑ. අපි සද්ධ නැතුව ඉමු. තමුසෙ කට ගහගෙන නම් යන්න එපා දන්නවනෙ ඊළඟට. " නුවිදි කීවෙ මටත් රව රව.

" මේ මම බය නෑ හරිත. බය නෙවේ ඒ ගෞරවය ගෞරවය " මම ඇහෙන නෑහෙන ගානට කියද්දි පැත්තක හිටපු නුහංසා හයියෙන් හිනා වුනා.

" අම්බෝ අම්බෝ ඒක. බය නැල්ලු. දෙයියනේ ඔයා කාටද මේ බොරු කියන්නේ? "

" ඇයි ඇයි මොකද දැන් ඔයා හිනාවෙන්නේ. මෙතන හිනාවෙන්න දෙයක් වුණේ නෑනේ. " මම කීවේ නුහංසට රවන ගමන්. ඇත්තම කීවොත් නම් බයයි තමයි. හැබැයි මෙතන ලැජ්ජා වෙන්න බෑනෙ. කාඩ් එක තියාගෙන ඉන්න ඕනේ.

" නෑ නෑ මොකුත් නෑ. මම ආයෙ හිනාවෙන්නෙ නෑ ප්‍රොමිස්. දැන් යමුකො සද්ධ නැතුව. " නුහංසා කීවෙ තවත් හිනාවෙන ගමන්.

" ඔව් ඔව් උඹල සේරටම මම තමා දැන් විහිලුවක් වෙලා තියෙන්නෙ හා හා කමක් නෑ ඔහොම යමල්ලකෝ. " මන් ගස්ස ගස්ස කියද්දිම වෑන් එක නතර කරේ CTB බස් ස්ටෑන්ඩ් එක ළඟ. ඉස්කෝලෙ ගාව ඉඳන් ස්ටෑන්ඩ් එකට පයින් එනව නම් අඩුම විනාඩි 25ක්වත් යනවා. සෙට් එකක් එක්ක පයින් එනව නම් ආතල් හැබැයි. ඒත් මේ දවස් වල ආතල් ගන්න බෑ කලින් ගෙදර යන්න ඕනෙනෙ. මොකද අද තමයි අපිට ඕලෙවෙල් පටන් ගත්තේ. යකා වැහිලා වගේ ආගම පේපර් එක නම් ලීවා ආයෙ ඇට්ටි හැලෙන්න. ඇස් වහක් කටවහක් නම් වැදෙන්න හොඳ නෑ අනුමාන ගෙඩි පිටින්. යන්තම් ආගම ට නම් ඒ එකක් තියෙයි.

" හරි හරි දැන් කටවහගෙන බහිනවකො. මේකෙ දිගටම යන්න වෙයි නැත්තම්. අන්න අපේ බස් එක් තියෙනවා. සද්ධ නැතුව බස් එකට නැඟල පාඩුවෙ ඉදපම්. " නුවිදි කීවේ මාව ඉස්සරහට තල්ලු කරන ගමන්. ඉතිම් මාත් ගැම්මෙන් ඉස්සර වෙලා ගියා.
අපි වෑන් එකෙන් බැහැලා සද්ධ නැතුව අපිට අදාළ CTB බස් එකට ගාවට යද්දිම-

" ආහ් ආවද? එනකම් තමයි බලන් හිටියේ. මම උබට සුද්ධ සිංහලෙන් කී පාරක් නම් කීවද පාර පනින්න එපා ස්ටෑන්ඩ් එකේ ඉඳපම් කියලා. " දොර ගාවට ඉස්සරහ සීට් එකේ ශටර් එකෙන් ඔලුව එලියට දාගෙන කෑගැහුවෙ මූණ මරුමුස් පෙනුමක් හදාගත්ත කොල්ලෙක්.

STRAWBERRIES & CIGARETTES Where stories live. Discover now