09 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

මන් ආද්විනු ලගට ගිහින් එයාව තුරුල් කරගත්තා.එයා හොදටම අඩනවා.හයියෙන් ඉකිගහද්දි පපුවට තියලා තදකරගත්තේ මේ වේලාවේ මොනවා කරන්නද කියලා මටත් සිහියක් නොතිබුනු නිසා.එයා මට තුරුල් වෙලා ඉන්න ඇති.විනාඩි කීයක්ද ? පැය කීයක්ද කියලා මන් දන්නේ නැහැ.මගේ ඇස් දෙක ඇරගෙන ඉන්න බැරි තරමටම රිදෙන්න ගන්නකොට මන් බිත්තියට ඔලුව හේත්තු කරගත්තා.ආදී තාමාත් කලින් හිටපු විදිහටම ඔහේ ඉන්නවා.

"ඇතුළට යමුද??.."

"හ්ම්ම්..."

කතා කරන්නවත් පණක් මන් හිතන්නෙ අපි දෙන්නටම තිබ්බේ නැහැ.ඔහෙ ඇවිත් මන් ඇදේ කොනටම රෝල් උනා.ආදී මන් දිහා බලන් හිටියේ තාමාත් ඇස් වල කදුලු පුරෝගෙන.මන් කලිනුත් කීවා මෙයා ලගකදි ඉදන් කොයිවෙලෙත් අඩන්න පටන් අරන්.අනූප තමා මෙයාව හුරතල් කරලා නරක් කරන්නේ!

"ආදී...."

"හ්ම්ම්.."

"කවදාවත් මොනම හේතුවකටවත් දාලා යන්නෙ නැතුව...පුලුවන්ද මගේම වෙන්න?.."

"ආරු..."

මෙලෝම එළියක් නැති අදුරක කවදාවත් ආදීගෙන් මේවගෙ දෙයක් අහන්න නෙමෙයි මන් හිටියේ.ඒ උනාට කරන්න දෙයක් නැහැ.හිතයි මොළෙයි එකග වුනු විගස මේවගෙ ප්‍රශ්න අහන්නම ඕන..!!

"වෙන්නම්...ඔයාගේම වෙලා ඉන්නම්...හැබැයි ආයේ කවදාවත් තීරණේ වෙනස් වෙන්න බෑ.."

"මේක උබෙන් ඇහුවේ දහස්පාරක් හිතලා...මන් වෙනස් වෙන්නෑ මැරුවත්! "

"මන් ආදරෙයි.....වචන කරන්න ඕන ඒත් බැහැ..තේරෙන්නේ නැහැ.."

"ඉතින් නොකර ඉන්න...මන් ආදරේ බව ඔයා දන්නවනේ..එදා කියපු වචනවල වෙනසක් අදටත් වෙලා නැහැ..ආද්විනු දිව්‍යදර මගෙ හිතේ කෙටිලා හුගක් කල්..."

එයා මන් දිහා බලලා ලස්සනට හිනා උනා.මොන විදිහට හිනාඋනාත් ලස්සනයි.මගෙ පිස්සු ආඩම්බරකාරයා....
මන් සිවිලිම දිහා බලාගෙන මතක් කරේ අපේ අතීතේ...අවුරුදු ගාණකට කලින් අපි හම්බුනු තැන ඉදන් අපෙ අතීතේ...!

-----

වෙනදාවගේම මන් ගියේ අරලිය ගහ යටට.අප්පෝ අද භූගෝලය මැඩම්ගේ කෙරුවාව අහන් ඉදලා මට සංසාරේම කලකිරුනා.'අපි දගයි,උගන්නන බෑලු එයාට,විනයක් නෑලු,හොම්වර්ක් කරන්නැලු' වගෙ වැදි බණ කියවලා මැඩම් යන්න ගියා.අනෙ ඉතින් එන්නෙම නැතුව ඉන්නවා නම් හොදා.කෝමත් දහයෙදි මගෙ බල්ලෙක්වත් කරන්නේ නැහැ භූගෝලය.අපි බලයි ඔය මැඩම්ලගෙ රැස්.තීශේන් සුපුරුදු ලෙස කැන්ටිමට රින්ගගත්තා.ඕකා ඔතන අයියා කෙනෙක් එක්කවත් කෙළ ගත්තේ නැත්තේ නම් මන් අර අලුතෙන් ටීම් එකට එනවයි කියපු එකාගෙ මූණ මැදට හාද්දක් දෙනවා ගිහින්..

අස්ථාවර-❕Where stories live. Discover now