22 part

104 25 7
                                    




"තව කී දවසක් වෙනකන් උඹ ඔහොම ඉන්න හිතන් ඉන්නවද ම්ම්ම්? දැන්වත් තේරුම්ගනින් ටේහ්‍යුන් උඹට අන්තිම වෙනකන් ඉන්න වෙන්නෙ මේ මං ළඟ කියන එක.උඹේ හියුන්ලටවත් මාව හොයාගන්න බෑ.මොකද US වල මේ මැන්ශන් එක ගැන එකෙක්වත් දන්නෙ නැහැ.ඉතින් උඹට ආයෙ මගෙන් ගැලවීමක් නෑ පාක් ටේහ්‍යුන්...."

ඔහු කියන හැමදෙයක්ම ටේහ්‍යුන්ට ඇහුනා.ඇස්වලින් හෝ ගාලා කදුළු වැටෙද්දි කටින් පිටවෙන්න හදන ඉකි නවත්තගන්න ටේහ්‍යුන් අසාර්ථක උත්සහයක් ගත්තා.


"හහ්.....උඹේ මහලොකු boyfriend....අර ජන්කුක් කියන එකා....ඌත් අද හෙටම මැරි කරන්නලු යන්නෙ.උඹට අන්තිමට ඔය එකෙක්වත් නැතුව තනිවෙන්න වෙන්නෙ ටේහ්‍යුන් ...කොහොමත් උඹට තනියම දරුවෙක් හදාගන්න බෑනෙ.ඒ හින්දවත් ඔය ආඩම්භරකම අතඇරල මේ දොර ඇරල මං ගාවට වරෙන්...උඹ නිසා මං ම⁣ගේ කෙල්ලවත් අතඇ⁣රියා.මං ඒකිට අවුරුදු හතරක් තිස්සෙ ආදරේ කරා.ඒත්......ඒත් උඹ ආවට පස්සෙ මට ඒ හැම හැඟීමක්ම බොරුවක් කියල දැනෙන්න ගත්තා බන්...මං උඹ⁣ට අච්චරටම වදදුන්නෙ මගෙ හිතේ උඹ ගැන ඇතිවෙච්ච අමුතු හැඟීම් නැතිකරල දාන්න ඕනෙ නිසා මිස උඹට අකමැති නිසා නෙවෙයි....දැන්වත් මාව තේරුම්ගනින් බන්.මේ දොර ඇරපන්.....මේ දොර ඇරල මං ගාවට වරෙන් ටේහ්‍යුන් !!!!!!"

පාක් බෝගම්....ඔව්...ටේහ්‍යුන්ව හොයාගෙන ආපු එයාගෙ හස්බන්ඩ් කියපු මනුස්සය වෙන කවුරුත් නෙවෙයි පාක් බෝගම්....මීට මාස හයකට කලින් ටේහ්‍යුන්වත් අරගෙන හොරෙන්ම බෝගම් කොරියා වලින් ආවෙ තවත් කොරියා වල හිටියොත් මැරෙන්න වෙන බව දැනගෙනමයි.මොකද මේ වෙනකොටත් කොරියන් පොලිසිය බෝගම්ව හොයන්න පටන් අරන් තිබුනා.මුලින් බෝගම් ටේහ්‍යුන්ව එයත් එක්ක අරන් යන්න හිතුවෙ එයාගෙ ආරක්ෂාව ගැන හිතල උනත් ටේහ්‍යුන්ව දැකපු දවසෙ ඉදන්ම ඒ හිත ඇතුලෙ පැන නගින්න උත්සහ දරපු අමුතු හැඟීම් නිසාම දැන් දැන් බෝගම්ට ටේහ්‍යුන් එයා ලඟින්ම ඉන්න ඕනවුනා.ඒත් ටේහ්‍යුන් කොයිම වෙලාවකවත් ඒකට ඉඩක්නම් දුන්නෑ.⁣මේ දැනුත් බෝගම් කෑ ගහන්නෙ එයා මාස හයකින්ම ටේහ්‍යුන්ය නොදැක්ක නිසා ඇතිවෙච්ච කේන්තියට.


Broken Angel (✔️)Where stories live. Discover now