සිව්වන දිගහැරුම

135 28 38
                                    


ජන්කුක් ටේහ්‍යුන්ව එයාලගෙ කෑම්ප් එකට එක්කරගෙන ඇවිත් සති තුනක් විතර ගෙවිලා යද්දි ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඇඟට ආස වෙනවා වෙනුවට ටේහ්‍යුන් හංගගෙන ඉන්න හුරතල් ගතිවලට ඇබ්බැහි වෙන්න අරන් තිබුණා...

ටේහ්‍යුන් කතා කරන්නෙ අඩුවෙන් වුණත් ජන්කුක් ආස කළා ටේහ්‍යුන් ළඟ ඉන්න...

අද ටවුන් එකේ මාකට් එකට ආව වෙලාවෙ හෙසෝක් ජිමින්ට ඇඳුම් තෝරනවා දැකලා ජීවිතේට තමන්ටවත් ඇඳුමක් ගන්න උනන්දුවක් නැති ජන්කුක් ඒ පැත්තට ඔලුව දාලා බැලුවා...එතන තියෙන පාට වලට ජන්කුක්ගෙ ඔලුව කැරකෙන්න අරගෙන තිබුණත් ඒ එක පාටක්වත් ජන්කුක්ගෙ හිතට ඇල්ලුවෙ නෑ...

ජන්කුක් කැමති පාට කළු....ඒත් ටේහ්‍යුන්ට කළු පාට අන්දන්න ජන්කුක්ට හිතුණෙ නෑ...ඇඳුම් කඩේ කෙළවරේ ම තිබුණ රැක් එකෙන් ටේහ්‍යුන්ට ලොකුයි කියලා දැන දැන ම අත් දිග කමිසයක ගත්ත ජන්කුක් ඒක බිල් කරගෙන එළියෙ වාහනේ ළඟට වෙලා ඉද්දි ජන්කුක්ගෙ අවධානෙ ඊට ටිකක් එහායින් තිබුණ රසකැවිලි වෙළඳසැලට යොමුවුණා...

ජිමින් ඒවට ආසයි...ජන්කුක්ට එදා ටේහ්‍යුන් තමන් දුන්න බිස්කට් පැකට් එක පපුවට තුරුල් කරගෙන හිනාවුණ විදිය මතක් වෙලා ජන්කුක් ඒ පැත්තට ගියා....

.

.

.

.

.

.

"ජිමින්....ම්ම්.."
ජන්කුක් යුංගිගෙ කාමරේට එබිලා ජිමින්ට අරන් ආව ස්වීට්ස් බෑග් එක දුන්නා ම ජිමින්ගෙ මූණෙ හිනාවක් ඇඳුණා...

"අපි නැති වෙලාවට රූම් එකේ දොර ලොක් කරගෙන ඉන්න ජිමිනී..."
ජිමින්ගෙ කොණ්ඩෙ අවුල් කරලා දාලා හිනාවුණ ජන්කුක් පඩිපෙළ පැත්තට හැරුණෙ ටේහ්‍යුන්ව බලන්න යන්න...

ජන්කුක් දන්නවා ඉල්ලුවෙ නැති වුණාට එයාලා එළියට ගිහින් එද්දි මොනවාහරි අරන් එයි කියලා ජිමින් බලන් ඉන්න බව...

"ටේහ්‍යුන්...නිදි ද?"
ජන්කුක් දොරට තට්ටු කරලා ඇතුළට එද්දි ටේහ්‍යුන් හිටියෙ ජන්කුක්ගෙ ලොකු ශර්ට් එකක් විතරක් ඇඳන් කොට්ටයක් බදාගෙන ටීවී එක දිහා බලාගෙන...

නොහිමි...Tempat cerita menjadi hidup. Temukan sekarang